IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සමාජ - සංස්කෘතික පුනර්ජීවනයට කැපවෙනවා

 

(නිමල කොඩිතුවක්කු)

සමාජ, සංස්කෘතික පුනර්ජීවනයක් සිදුකිරීමට තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15) පැවසීය.

බුද්ධිය,දැනුම,තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්,ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ධර්මායතනය වෙත ගොස් ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අවස්ථාවේ දී මේ බව පැවසීය.

සුචරිතය මුල් කරගෙන ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා  ඒ සදහා උන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමිවන බව එහිදී ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.එහිදී උන්වහන්සේ සුචරිත ව්‍යාපාරය පිළිබඳවද සිය ප්‍රසාදය ද පළ කළහ.හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කළ උන් වහන්සේ එතුමා ජනතාවාදී නායකයෙක් බවද පැවසූහ.ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ නාහිමිපාණන්වහන්සේ , මේ රටේ සියලු ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද සදහන් කළහ.දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුලින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා එහි දායකත්වය ඉවහල් වූ බවත් මෙහිදී විපක්ෂ නායකයා සිහිපත් කළේය.

කොරෝනා ව්‍යසනය ගැන විපක්ෂය ලෙස තමා මුලින්ම රටට  කියන විට  බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද හෙතෙම පැවසීය. අද මුලු ලෝකයම කොරෝනා එන්නත ගැන විමසිලිමත් නමුත් අපේ රටේ තත්ත්වය කනගාටුදායක බවද ඒ මහතා කීය.ජාති,ආගම් වැනි පටු භේද වලින් මිදී එකම රටක එකට සහෝදරත්වයෙන් ජීවත් වීම සිය දේශපාලන බලවේගයේ ප්‍රාර්ථනාව බවද විපක්ෂනායකවරයා එහි දී පැවසීය.තවදුරටත්  බෙදී වෙන් වීමෙන් රටට උදාවන යහපතක් නැතැයිද ඔහු කීය.

බුද්ධිය, දැණුම, තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්,ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ද මේ සඳහා එක්ව සිටියහ.

 



අදහස් (10)

සමාජ - සංස්කෘතික පුනර්ජීවනයට කැපවෙනවා

Senarath Wednesday, 16 December 2020 03:26 AM

සුරගන කතා කියන්න බොහොම දක්ෂයෙක්... ඒ වුණාට බලයේ හිටපු රජයේ උපනායක වශයෙන් රටට මොනවද කළෙ? හොරු රටම හොරාකද්දී නොදැක්කා වගේ බලන් හිටියා. මහබැංකු කොල්ලය ගැන මොනවත් කිව්වෙ නැහැ. තමන්ගෙ ලොක්කා නියමෙට සැලසුම් කරලා ඒකකරනකම් බලන් හිටියා. මංගල සහ රංජන් හාමුදුරුවන්ට නොයෙක් දේ කිව්වට ඔය කතා කිව්වද? සද්ද නැතුව හිටියා... තමුන්ට කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒ බව රටෙ ජනතාව දන්න නිසා තමයි මෙ සැරෙ ආසන 54ට අඩුවුණේ...

:       3       90

Bamunuarachchi Thursday, 17 December 2020 01:36 AM

පන්සලට ආවාම සංඝ රත්නය බැහැ දැක්කාම පිරිත් නුලක් බඳින එක සාමාන්‍ය දෙයක්. එයට පුද්ගලයා කවුරුද කියන එක අදාළ නැහැ.

:       1       29

Raveendra Thursday, 17 December 2020 11:13 AM

225ම මාරුවෙන් මාරුවට පට්ටියේ විපක්ෂ කොටුවේ ලැගලා තියෙනවානේ චිරාත් කාලයක්ම... ඉතින් "විපක්ෂයට ගිය හැම" ගල් ආඳාම කෙරුවේ හොටු පෙරාගෙන මහජනතාවගේ දුක පිළිබඳව පමණක්ම කතාකිරීම, රට සංවර්ධනය කරන්නේ මෙහෙමයි, තමනුත් කම්බ හොරා.. නමුත් බලයට ආවාම හොරුන්ව අල්ලන විදිය එකී මෙකී නොකී බයිලා කියවීමනේ... නොදකින් මේ වගේ අයනේ අපේ රටේ මහජන නියෝජිතයන් ලෙස සුදු පිරුවට ඇගේ ඔතාගෙන මූසල මුහුණේ ව්‍යාජ හිනාවක් තබාගෙන අහිංසක මිනිසුන් රවට්ටන්නේ..

:       0       0

Bamunuarachchi Friday, 18 December 2020 01:21 AM

ඔයගොල්ලෝ මම දන්නා කාලෙක සිංහල සංස්කෘතිය රක්කේනම් නැහැ. නමුත් මුස්ලිම් සංස්කෘතිය රැක්ක බව නම් අපි දැක්කා. ඒ නිසානේ අපිට රටට එක නීතියක් ඉල්ලන්න සිදුවුනේ...

:       0       0

Rata Perata Saturday, 19 December 2020 08:25 AM

කැප වෙනවා කිය කියා කයිය ගහන්න නෙවෙයි තියෙන්නේ.. වැඩට බහින්න. නැතිනම් කැපවෙන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. නැතිනම් විපක්ෂ නායක කම පුළුවන් කෙනෙකුට දෙන්න.

:       0       0

Pon Guthano Saturday, 19 December 2020 02:26 PM

සමාජ - සංස්කෘතික පුනර්ජීවනයට කැපවෙනවා.

:       1       2

Bandara Saturday, 19 December 2020 04:59 PM

දිවියන්, කොටියන් ආරක්ෂා කරන්නත් කැපවුණා මට මතකයි...

:       0       43

Bandara Sunday, 20 December 2020 05:48 PM

සමාජ, සංස්කෘතික යන්නට නිධාන අයිති වෙන්නැද්ද?

:       0       0

ranga Tuesday, 22 December 2020 04:47 AM

කැපවෙලා, කැපවෙලා හැමදේටම කැපවෙලා කැපිලා යන්න ළඟයි දැන්...

:       0       0

Bamunuarachchi Thursday, 31 December 2020 02:02 AM

දවල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 510 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17141 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site