(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ වර්ණය කහ සහ කොළ වර්ණය බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය.
තම පක්ෂයේ වර්ණය ප්‍රශ්නයක් කර නොගෙන හැකිනම් ජනතාව දිනාගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
අලියගේ සිටි බහුතරයක් තම පක්ෂය සමඟ සිටින නිසා කොළ වර්නයත් රටේ සියලුම ජාතීන් නියෝජනය කරන පක්ෂය බැවින් කහ වර්ණයත් සමගි ජනබලවේගය සඳහා යොදාගත් බවද ඔහු සඳහන් කළේය.
මඩ ගෑවුනු කොළ පාට අද සිරිකොතේ ඇති බවත් පිරිසිදු කෙළ පැහැය සමගි ජනබලවේගයේ තිබෙන බවත් ඒ මහතා කීවේය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන බව කියන පිරිස සම්බන්දයෙන් නීත්‍යනුකූල පියවර ගන්නා බව පැවසූ මහලේකම්වරයා හැම දාම පක්ෂයේ පිරිස ඉවත් කළ එක්සත් ජාතික පක්ෂයට ලබන පස් වෙනිදා වනවිට ජනතාව ඉවතවනු ඇති බවද කීවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ සමගිජන බලවේගයේ වර්ණය ගැන ගැටළුවක් ඇති කරගන්න එපා‘