
(ලක්ෂ්මී ජයකොඩි)
වසර ගණනාවක් සටන් කර දිනා ගැනීමට නොහැකි වූ නිදහසක් සුමන්තිරන් මඩකළපුවේ සිට යාපනය දක්වා දින පහකින් පාගමනින් ගමන් කර දිනා දෙන්නේ නම් තමන් ඒ පිළිබඳ සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ටීඑම්වීපී නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පොතුවිල් සිට පෝලීකණ්ඩි දක්වා පාගමනේ පෙරමුණේ සිට ගමන් කීරීම එම සන්ධානයේ මීළඟ නායකයා බවට පත්වීමේ සැලසුමක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.
මඩකළපුව මාවෙට්ටුවාන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රකාන්තන් මහතා මෙසේ ද කීය.
රටේ සංවර්ධන කටයුතු සිදුවන අතරේ දේශපාලන කුමන්ත්‍රණයන් විවිධ ස්ථානවල සිදු වෙනවා. යාපනයේ සිට මෙහි පැමිණ තිබෙන දේශපාලඥයින් ඔවුන්ගේ හපනකම් පෙන්වීමට උත්සහා දරමින් සිටිනවා. මම මුලතිව්වල වසර හයක් අටක් පමණ කකුල් වල දිය පට්ටා ඇති වෙනකම් , අලිමංකඩ වල වැටී වැටී ඇවිදලා තිබෙනවා. පොළවේ යට බිංගෙවල් වල යට හැංඟි යාපනයේ සටන් කර තිබෙනවා. එසේ සටන් කර ලබා ගැනීමට නොහැකි වු නිදහසක් සුමන්තිරන් කොහොමද පොතුවිල් ඉදන් පෝලිකණ්ඩි වලට පාදයාත්‍රා ගොස් දිනා ගන්නේ? මඩකළපුවේ ඉදන් යාපනයට දවස් පහක කාලයකින් පාගමනින් ගොස් එවැනි නිදහසක් දිනා දිය හැකි නම් එය සතුටක්.
රටේ සංවර්ධන කටයුතු වලදි රජයේ නිළධාරීන් වෙත විශේෂ වගකීමක් තිබෙනවා. ඇතැම් ව්‍යාපෘති උත්කර්ෂවත්ව ආරම්භ කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒවා නියමිත කාලයට අවසන් කළ යුතුයි. කෙටි කාලයකදී මේ පළාත දියුණු කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කළ යුතුයි. එම බාරදුර වගකීම අපට තිබෙනවා.
රජය මේ පළාතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා සියලු පාර්ශවයන්ගේ එකඟතාවයන් ලබාගැනීමේ සම්පුර්ණ වගකීම තිබෙන්නේ රජයේ නිළධාරීන් වෙතයි. රජයේ නිළධාරීන් දේශපාලන න්‍යාය පත්‍රයන්ගෙන් ඉවත් වී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා සම්පුර්ණ සහයෝගය ලබා දිය යුතුයි. විපක්ෂයේ ඝෝෂාවන් පැත්තක තබා ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු යුතු යැයි ද ඒ මහතා කීය.
2025 නොවැම්බර් මස 21
24
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
140
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
986
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සටන්කර දිනාගන්න බැරි නිදහස පයින් ගිහින් ගන්න පුළුවන්ද