IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා

(හැටන් රංජිත් රාජපක්ෂ)           

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

නවීන් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (09) පස්වරුවේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති පොකුරු රැස්වීමක් අමතමිණි.

මෙම රැස්විමේදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේ කියා සිටියේය.

‘‘අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම අපි ගිහිල්ලා තියෙනවා, මම හරියටම සතියක් උතුරු මැද පළාතේ හිටියා, මහවැලි ගම්මාන වෙත ගියා. සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා.

අපිට සිංහල බෞද්ධ ඡන්ද 40%ක් අවශ්‍යයි, දමිල, මුස්ලිම් ඡන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන්.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

සමහර දිස්ත්‍රික්කවල අපිට අවාසි වෙන්න පුළුවන්, හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැහැ. විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, මාතලේ උතුරු නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්...

ඒකයි ජනාධිපතිවරණය අපිට වාසි වෙන්නේ, මහ මැතිවරණයක ඡන්ද කැඩිලා යනවා.

එක්සත් ජතික පක්ෂය කුල, ආගම් කිසිම භේදයක් නැ, අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොඳම අපෙක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා...‘‘ යනුවෙන් පැවසීය.



අදහස් (0)

සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 140 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1571 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site