IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය කඩා බිඳ දැමීම පාපයක්

විනීතා එම් ගමගේ
 
ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය කඩා බිඳ දමා විනාශ කරන්නට උත්සාහ කිරීම විශාල පාප කර්මයක් වන බැවින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ  කළේය.

ඒ නිසා පක්ෂය කඩා බිඳ දමා විසුරුවා හරින්නට උත්සාහ නොකරන්නැයි විවිධාකාර අන්දමින් එන ජන බලයන් ගෙන් ඉල්ලා සිටින බව ද බණ්ඩාර මහතා කියා සිටියේය.

කවර උපක‍්‍රම යෙදුවත් වැටුණත් නැගීටින ශ්‍රීලනිපය කිසිම දිනක මරා දමනු නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය. 

දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ වැඩිම මහජන සේවයක් කළ පක්ෂය බවත් ඒ පක්ෂයට පිරිසිදු රාජ්‍ය නායකයෙක් එක්ක ඉදිරියට යන්න අවස්ථාව ලැබිලා ඇති බැවින් ඔහු සමඟ ඉදිරියට යන්නට එක්වන්නැයි ඉල්ලා සිටින බව ද බණ්ඩාර මහතා පැවැසීය.

ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති ශ්‍රී ලනිප තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.

‘‘ ඒ පැත්ත බැලූවත් හොරකම්. මේ පැත්ත බැලූවත් හොරකම්. වංචාව දුෂණයෙන් තොර නායකයෙක් අපට ඉන්නවා. ඔහු එක්ක රට හදන්න පක්ෂය හදාගෙන ඉදිරියට යන්න එකතුවෙන්න කියල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

රට සංවර්ධනය වෙමින් තිබෙන නිසා වෙනත්දේශපාලන මත දරපු අයගේ දේශපාලන දර්ශන කඩා වැටෙන නිසා ඒ අය වෙනත් වෙනත් විරෝධතා පවත්වමින් නැතිවී යන දේශපාලන උපක‍්‍රමවල නියැලි සිටින බව කිව යුතුයි.

ශ්‍රීලනිපයට ප‍්‍රශ්නයක් තිබුණා ජාතික ආණ්ඩුවත් එක්ක යන ගමන් ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස අපි ගමට යන්න  ඕන කියන එක. ගම්පෙරලිය වැඩ සටහනත් එක්ක සියලූම ආසන සංවිධායකයන්ට රුපියල් ලක්ෂ දහසක්  බැගින් ලබා දෙනවා. 

ග‍්‍රාම  ශක්ති වැඩසටහනත් ඉතාම සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා. ව්‍යවසායකයන් බිහි කිරීමට එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉතා සාර්ථකව සිදුවෙනවා.’’
 



අදහස් (4)

ශ්‍රීලනිපය කඩා බිඳ දැමීම පාපයක්

Raveendra Tuesday, 04 September 2018 12:30 PM

මෙසේ කීමට කැමැත්තෙමු. අද අප රටේ තිබෙන සියලුම පක්ෂවලට (රතු කොළ නිල් ) මේ රටේ ඉන්න අහිංසක ජනතාවගේ සාපය වැදිලා ඉවරයි. ඒ නිසා කිසිදු පක්ෂයක් බේදබින්න නොවී බේරුනොත් ඇති. මේ රටට කරන විනාශයට 225 ටම අහිංසක මහජනතාවගේ සාපයය වැදිලා හමාරයි.

:       1       4

panil Wednesday, 05 September 2018 07:23 AM

එස් එල් එෆ් පී එක 2015 ජනවාරි වලදී ඉවර කලා

:       0       8

sam Thursday, 06 September 2018 06:33 AM

ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඔය කතාව කියන්න තිබුනේ 2014 අන්තිමේදී පක්ෂයේ මහ ලේකම් පක්ෂය කඩලා හංස පුට්ටුව ගැහුවේ දවසේ.

:       0       11

ananda Friday, 07 September 2018 08:44 AM

අසරණ වෙලා ඉන්න බණ්ඩාරේලාට අනුකම්පා කරනවා ඇරෙන්න මොනවා කරන්නද? අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න කොට ඔය මහත්තුරු ඉපදිලත් නැතුව ඇති පව් පින් ගැන කළගුණ ගැන අපට හොඳ මතකයක් තියනවා. ඔය කිඹුල් කඳුලුවලින් බිඳුණු හදවත් අලවන්න බෑ. පක්ෂෙ පාවාදීලා යූඇන්පිය ත් මගුල් නටන ඔබලාට 54 ලක්ෂයක ශාපය වැදිලා ඉවරයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 195 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1190 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 355 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site