IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයක් ඕනෑ

(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද සහ උණවටුණ ඩි.ජි සුගතපාල)

ශක්තිමත් පාර්ලිමෙන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිම  තම අරමුණ බැව් එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) ගාල්ලේදී පැවසීය.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ ගාල්ල උළුවිටිකේ පිහිටි නිවසේ පැවති ගාල්ල එජාප බල මණ්ඩල රැස්විම අමතමින් එජාප නායකවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම  මෙසේද පැවසීය.

‘‘ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්ව පැලැන්තියක් හදන්න ඕනෑ. දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. ශක්තිමත් පාර්ලිමෙන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියකරන්න අවස්ථාව   ලබාදිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේක අන්ත පරාජයකට යන්නේ නැතිව ජයග්‍රහණයක පළමු පියවරය තබන්න. අලුත් එජාපයක් අලුත් සන්ධානයක් ඇති කිරිමට කටයුතු කරනවා.

අපේ පක්ෂය ඉදිරියට ගෙනියන්නේ කෙහොමද? ප්‍රතිසංවිධනය ගැන අපි විතරක් කථාකරලා හරියන්නේ නැහැ. අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද ඒකේ තියෙන ප්‍රයෝජනය..  ඒ නිසා මේ ගැන මහා සංඝරත්නය සමග කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕනෑ.

අන්න එහෙම තමයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න වෙන්නේ. ජනවාරි මස 01වැනිදා සිට විහාරස්ථානවලට ගිහින් අපේ අඩුපාඩුකම් ගැන මහා සංඝරත්නය සමග  කථාකරන්න. අපි අලුත් විදියකට බලන්න ඕනෑ මේ පක්ෂය අලුත් විදියකට ගෙනියන්න ඕනෑ. මම හැමදාම හිටියේ මේ පක්ෂය ආරක්ෂා කරන්න. පක්ෂයේ වැඩකටයුතු සංවිධායකවරුන් විසින් කරන්න ඕනෑ. විපක්ෂයේ කටයුතු කරන්න මම  විපක්ෂනායකකම සජිත් ප්‍රේමදාස මහතාට  දුන්නා. අපි කිහිපදෙනෙක් අනික් සංවිධන අනික් දේශපලාන පක්ෂ සියල්ල එක්ක කථාකරගෙන ඉන්නවා.. අපිට ගන්න පුළුවන් පොදු වේදිකා පොදුකරුණු මොනවද කියලා කථාකරන්න.

ගිය ඡන්දයේදී වූ අඩුපාඩුකම් ගැන මතක තියාගන්න ඕනෑ. සමීක්ෂණ දිහා බලලා එවා විග්‍රහකරලා ඒ ගැන සමාලෝචනය කරලා  අපි දැනගන්න ඕන අඩුපාඩුකම් හදාගන්න.

 

පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද සංඛ්‍යාව තියාගෙන අපි විපක්ෂයක් ලෙස ක්‍රියාකරනවා. මේ ප්‍රථිපල ගැන එක එක විග්‍රහ කරනවා. ඒ ගැන මම පස්සේ කියන්නම්. අපි අනාගතය ගැන බලන්න ඕන සමහරු කියනවා අපි ඉවරයි අපිට ආසන 50 හමුවෙන්නේ කියලා.. මම කියනවා එහෙම වැටෙන්න අවශ්‍ය නැහැ. අද තියෙන ප්‍රථිපල අනුව ගියහොත්  අද විපක්ෂයේ වාඩිවෙලා ඉන්න එජාපයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, ද්‍රවිඩ සංධානයටත් මන්ත්‍රිධුර 103ක් ලැබෙනවා. අපි හරියට උපක්‍රම අනුව වැඩ කරලා මන්ත්‍රිධුර 103 105කරමු.105 බැරිද 108කරන්න 108 බැරිද 110 කරන්න, ඡන්දය එනවිට අප්‍රේල් මාසයේ 113 ඉලක්කයට යන්න අපි වැඩකරන්න ඕනෑ. අනික් අතට අපි පැරදිලා ඉවරයි. ගෙදර ඉන්නවා කියලා කිව්වොත් අරපැත්තට තුනෙන් දෙකක් යනවා. අපි කොහොමහරි 113ට යන්න ඕනෑ. ඒ සඳහා වැඩකරන්න ඕනෑ. ගිය වතාවේ වගේ නෙවෙයි  මේ සැරේ වැඩකරන විට අත්දෙක කකුල් දෙක වගෙම මොලය තමයි වැදගත් වෙන්නේ. දැන් ඉදන් තම බල ප්‍රදේශයට සැලසුම් හදාගෙන වැඩකරන්න ඕනෑ.

එජාපය පමණක් නෙවෙයි සම්පුරණ විපක්ෂයම  අපි ඔක්කොම එකට එකතුවෙලා දැන් අපි කථා කරන්න ඕනෑ.  මේ නිදහස ඊළග මාස දෙක තුනේ දී ආරක්ෂාකරන වැඩපිළිවෙළකට  යායුතුයි. සමාජ මාධ්‍ය මගින් මට කොච්චර බනිනවාද? ඒ අපි දුන් නිදහස දැනුත් අපට බනින්න අනික් අයටත් බනින්න. එවා පාලනය කරන්න දෙන්න හොඳ නැහැ. නිදහසේ අදහස් ප්‍රකාශකරන්න ඕනෑ. ඒ නිසා අපේ රටේ ජනතාව  අපි පළමුවෙන්ම කථාකරගෙන යන්නේ  ඒ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංගණය කරන ඒවා ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා පොදු වේදිකාවක සිට කථා කළ යුතුයි. එකට අපි කථා කරන්නේ දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි, අනිකුත් සංවිධාන ගණනාවක් එකතුකරගෙන ඉදිරියට යන්න..  ඒ ගැන සාකච්ඡා කරන්න.  ඒ වැඩකටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. එය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. එතනින් අපි පටන්ගමු. අපේ සටන තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දි හොඳ මන්ත්‍රිධුර සංඛ්‍යාවක් අරගැනීමයි. ඒ සංඛ්‍යාව එක්ක අපිට බලය ආරක්ෂා කරගන්න පුළුවන්. ආණ්ඩුකරන එක ගැන මම පස්සේ කියන්නම්..‘‘ යැයිද අගමැතිවරයා කිවේය.



අදහස් (5)

ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයක් ඕනෑ

Pathum Saturday, 14 December 2019 11:07 AM

කරුණාකර විහිළු සපයන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නවද?

:       29       3

විනිවිද Saturday, 14 December 2019 04:32 PM

විපක්ෂ නායකකම සජිත් ප්‍රේමදාසට ලබා දුන්නත් ඔහු තවම ඒ පිළිබඳ කිසිම ප්‍රකාශයක් හෝ අඩුම තරමින් පක්ෂයෙන් ඔහුට විපක්ෂ නායකකම ලැබුණු බවවත් නිහතමානිව කිවේ නැත. එපිලිබදව පක්ෂිකයන් වන අප කණගාටු වෙමු. ඔහුගේ ආසනය සහ දිස්ත්‍රික්කය සැමදා පරදවී ඇති මෙවන්නකු විපක්ෂනයකකම වැනි බලවත් තනතුරක් දැරීමට දැනුමක් තිබේද කියා මොලේ තිබෙන පාක්ෂිකයන් අසා සිටි. වේදිකාවල කා මොර දුන් පලියට සියල්ල කල හැකි බව ඔහු වටා සිටින කේවට්ටයන් සිතා සිටියද සත්‍ය එසේ නොවේ. ඔහු වෙනුවෙන් කතාකරන ඔහුව දේශපාලනිකව රවටන කණ්ඩායම් විසින් බොරු සමීක්ෂණ සකස් කර ඒවා මත පදනම්ව කිසියම්වූ සැලසුමක් නොමැතිව පක්ෂයේ අනුදැනුමකින් තොරව සජිත්ව මැතිවරණ වේදිකාවට ගෙන ආවේය. සජිත්ට අවසානයේ සිදුවුයේ 2025 මැතිවරණයේදීත් තරගයක් දීමට තිබු අවස්ථාව නැතිවීමය. උගත් බුද්දිමත් පක්ෂයේ එක්සත් බව රැකගැනීම වෙනුවෙන් කැපවන තරුණ පිරිසක් සමග පක්ෂය ඉදිරියට යායුතුය. තරුණ මයන්ත දිසානායකගේ කතාව අප අගය කරමු. අතීතයත් අමතක කරමු.

:       2       0

Raveendra Sunday, 15 December 2019 03:55 AM

අනේද කියන්නේ. අප නම් කිසිලෙස අහලා නැහැ බුද්ධිමත්, උගත් යයි කියන මිනිසුන් මෝඩ විහිළු සපයනවා. රටේ ප්‍රජාතන්ත්‍රය ගැන ලවක් දෙවක් නැතිව කෑ මොර දුන්නු ඔබගේ පක්ෂේ ඇතුලේ ඒ දේ තියෙනවා කියලා කියන්නකො ඉස්සෙල්ලාම තරුණ නායකත්වයන් ගැන කතාකරන්න පෙර.

:       0       1

hemantha rajakaruna Sunday, 15 December 2019 03:57 AM

රනිල් මැතිදුනි, ජය වේවා ! අපෙන් සුභ පැතුම් ! ඒකයි විය යුත්තේ...

:       0       0

Bandara Monday, 16 December 2019 07:24 AM

ගෙදර යන්න නම් කල්පනාවක් නැහැ. මේ පාරත් පැරදුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site