(අනීෂා මානගේ)
වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ යැයි ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද මුල්කිරිගල රාජමහා විහාරයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
පසුගිය යහපාලන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකා තුනක් මේ සඳහා දමා තිබෙනවා. ඒ කැබිනට් පත්‍ර තුනෙහි අනුමැතිය අනුව තමයි පසුගිය කාලයේ එහි සංවර්ධන කටයුතු සිදුව තිබෙන්නේ. තාක්ෂණ ඉංජිනේරුවරුන් කියන විදියට ක්‍රමවේදයෙන් බැහැරව කිසිදෙයක් එහි සිදුව නැහැ. බැලූ බැල්මට අප සියලු දෙනාටම සාධාරණ සැකයක් තිබෙනවා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය සිදුවීමක් සිදුව ඇති බවට සැකයක් තිබෙනවා. මේ නිසා අප ජනාධිපතිතුමාට කියනවා පැහැදිලි පරීක්ෂණයක් කරන්න. වෙරළ ඛාදනය වැළැක්වීමට අප පියවර ගන්න ඕනෑ. මෙම ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන්.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් පත්‍ර ඉදිරපත් කළේ කවුරුන්ද. කොන්ත්‍රාත්කරුවන් තෝරාගත්තේ කවුද. තාක්ෂණ වාර්තාව දුන්නෙ කවුද. පරිසර තක්සේරු වාර්තාවක් තිබෙනවද. වෙරළ සංරක්ෂණයෙන් මෙයට අවසර දෙනකොට නිරීක්ෂණයක් කළාද. නිරීක්ෂණයක් නොකළා නම් ඇයි නොකළේ. මෙවැනි දෙයක් සිදුවුණොත් කොන්ත්‍රාත් සමාගම මේ සඳහා දෙන වගකීම කුමක්ද යන්න පරීක්ෂණයක් කළ යුතුයි. මෙ එක් පැත්තකින් මහා නාස්තියක්. වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ තියන්න බැහැ. මෙහි අකටයුත්තක් සිදුව තිබෙනවා නම් නිලධාරින් කෙසේ කීවත් ඒ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කළ යුතුයි යැයිද කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ’