IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘වෛරය - බොරුව - චරිත ඝාතන නැති දේශපාලනයක් රටට අවශ්‍යයි‘‘

(චමිල් රූපසිංහ)

දශක කිහිපකයට පෙර තිබූ දේශපාලන සංස්කෘතිය පසුකාලීනව සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව,බොරුව,චරිත ඝාතනය පිටු දකින නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව දැන් රටට තදින් දැනෙන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

මහනුවර ඊ.එල් සේනානායක ළමා පුස්තකාලය මහනුවර මහ නගර සභාවේ මුදල් ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සවයට අද (05) සහභාගි වෙමින් ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගෞරවනීය ලෙස ජීවත් වෙමින් අන් අයගේ ගෞරවය ආරක්ෂා කරන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතු බවත් එම දේශපාලන සංස්කෘතියට මුල පිරුම නව පාර්ලිමේන්තුවෙන් හෝ ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කතානායකවරයා එහිදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා මෙසේ කීය.

             ‘‘මන්ත්‍රීවරයාගේ නාමයට ඉදිරියෙන් යොදන ගරු නාමය බලෙන් ලබාගත හැකි දෙයක් නෙමේ  එය මහජන නියෝජිතයින් ජනතාව වෙතින් උපයා ගත යුතු දෙයක් ඩී.එස් සේනානායක මහතා වැනි අය එලෙස ජනතා ප්‍රසාදයට පත්වන ලෙස කටයුතු කළා.

කන්ද උඩරටින් බිහි වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඊ.එල් සේනානායක මහතා ජනතාව වෙනුවෙන් තමන්ගේ ධනය පරිත්‍යාග කළ නායකයෙක්. ඔවුන් වැනි පිරිස් අද දේශපාලන ලෝකය තුළ විරලයි. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ඊ.එල් සේනානායක මහතා පක්ෂයේ අභිවෘද්ධිය පිණිස කැපවීමෙන් කටයුතු කළ නායකයෙක්.

පොහොර සහනාධාරය මෙරටට හඳුනාවා දීමට එතුමා මූලිකත්වය ගෙන කටයුතු කළා. කතානායක ධූරය හොබවමින් එතුමා ගෞරවනීය පාර්ලිමේන්තුවක් ඇති කිරීමට එදා කැපවුණා. යැයි කතානායකවරයා පැවසීය.

ළමා පුස්තකාලය ඉදිරිපිට ස්ථාපිත කරන ලද දිවංගත ඊ.එල් සේනානායක මහතාගේ පිළිරුවක් විවෘත කිරීමද කතානායකවරයා අතින් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලිලිත් යූ ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,එම්.එච්.එම් හලීම්,ලකී ජයවර්ධන,මහනුවර පුරපති කේසර සේනානායක,උතුරු මැද හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක,මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

 

 



අදහස් (2)

‘‘වෛරය - බොරුව - චරිත ඝාතන නැති දේශපාලනයක් රටට අවශ්‍යයි‘‘

HRAMANIS Tuesday, 07 January 2020 02:09 AM

ඔබතුමාගේ කට්ටියගේ වැඩ පේනවා නේද?

:       0       0

Bamunuarachchi Thursday, 16 January 2020 02:27 PM

දැන් කවුද ඒවා කරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17659 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site