IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


වරාය නගර පනතට සජිත්ලාත් විරෝධයේ

(නිමල කොඩිතුවක්කු)

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කොටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සිවිල් සංවිධාන නියෝජිතයන් නීතිඥවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැස්වූ සමගි ජන බලවේගය මන්ත්‍රීවරු විනාඩි විස්සකට අධික කාලයක් නිහඬ විරෝධතාවක නිරතව සිටියහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වන ආකාරය පෙන්නුම් කෙරිණි.

‘‘රට විකුණන-වනසන දේශද්‍රෝහි වරාය නගර පනත් කෙටුම්පත වහා හකුලා ගනිව්, රට පාවාදෙන පෝට් සිටි පනත සම්මත නොකරනු, රට රකින් විරුවා රටම විකුනා දැමුවා. එදා දොන් ජුවන් ධර්මපාල මෙදා දොන් ජුවාන් නන්දසේන ආදී බැනර් සහ වැකි ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ගිනි තැබීමට ද විරෝධතාව අතරතුර පිරිස කටයුතු කළහ.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

‘‘ මේ ආණ්ඩුව රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහසේ ඒකීයභාවය තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණනවා. මේ රජය බලයට එනවිට කිව්වේ එකක්. අද කරන්නේ තව එකක් නොවේ ද? තමන්ට ඡන්දය දීපු ලක්ෂ 62ක ජනවරම මේ අය අද පාවා දී ඉවරයි.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අකුලා ඒ ගැන සාකච්ඡාව ආරම්භ කරන්න කියා අප රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව සමඟ එකඟතාවක් ඇතිකරගත යුතුයි. රට ආරක්ෂා වන පරිදි වරාය සංවර්ධනයකට අපි යොමුවෙමු කියලත් රජයෙන් ඉල්ලීම් කරනවා.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගය ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.

‘‘අපේ රටට විවිධ ආක්‍රමණ ආවා. පෘතුගීසි ආවා, ඉංග්‍රීසි ආවා. අවුරුදු හාර සියයක් ගියා. අපට නිදහස ගන්න. එදා පෘතුගීසින් ගව හමක ප්‍රමාණය තමයි ඉල්ලුවේ. ඒ බලකොටුව හදන්න. දැන් මේ අයට අක්කර දාහකට අධික ප්‍රමාණයක් දීලා.

‘‘චීන උවදුර එදා පෘතුගීසි උවදුරට සමානයි. අපට මේ අය මෙතනින් ඉවත් කරගන්න දීර්ඝ කාලයක් ගත වේවි. මේක අපේ රටේ ස්වාධීනත්වයට මරු පහරක්. මේ පිළිබඳ ගැඹුරින් සිතා තීන්දුව ගන්න කියා අප රජයෙන් ඉල්ලීමක් කරනවා.’’

1. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට එරෙහිව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරතව සිටි අයුරු.



අදහස් (0)

වරාය නගර පනතට සජිත්ලාත් විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site