(බිඟුන් මේනක ගමගේ )
පාර්ලිමේන්තුවට පිවිසිය යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන ජනතාව සමඟ සිටින දේශපාලන නායකයන් යැයි ද, විද්වත්භාවය එක් සුදුසුකමක් පමණකැයි ද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක හා හිටපු ඇමැති සිරිපාල ගම්ලත් මහතා ‘ලංකාදීප’ යට අද(25) පැවැසීය.
පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ විද්වතුන්ම පමණක් නම් ඒ සඳහා වෙනම සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පුද්ගලයන් තෝරාගත හැකි යැයි ගම්ලත් මහතා කීය.
මැතිවරණවලට අපේක්ෂකත්වය දීමට නාමයෝජනා දීමේදී මෙතෙක් කල් අනුගමනය කළ වැඩපිළිවෙලක් ඇතැයි ද සෑම මැතිවරණයකදීම ඊට අලුත් මුහුණු එකතුවන්නේ යැයි ද ඒ මහතා කීය.
ඒ අනුව වියත් මග වැනි සංවිධානවල පිරිස්වලට ද නාමයෝජනා ලැබෙනු ඇතැයි කී හෙතෙම අවසාන තීන්දුව ගනු ඇත්තේ ජනතාව විසින් යැයි ද කීවේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ප්‍රධාන පක්ෂ දෙකෙන් පමණක් 16 දෙනකු තරග කළ ද පාර්ලිමේන්තුවට තේරීපත්වීමට අවස්ථාව ලැබෙන්නේ පස් දෙකනුට පමණකැයි ද ගම්ලත් මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
“වියත්කම මහජන නියෝජනයට එක් හේතුවක් පමණයි”