IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විපක්ෂ නායක ධූරය ගැන කිසිදු ගැටලුවක් නෑ - ඇමැති දුමින්ද

(දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරන නිසා ආර්.සම්බන්ධන් මැතිතුමන්ව විපක්ෂ නායක ධූරයට පත් කළා.ඉදිරියටත් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරය හොබවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී අද (07) ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසිය.

    ‘‘විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරන නිසා සම්බන්ධන් මැතිතුමන්ව විපක්ෂ නායක ධූරයට පත් කළා.

ඉදිරියටත් ආර්.සම්බන්ධන් මැතිතුමන්ම තමයි විපක්ෂ නායක ධූරය හොබවන්නේ.විපක්ෂ නායකකම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න කියන එක ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඒ අයගේ දේශපාලන උපක්‍රමයක් විදිහටයි පාවිච්චි කරන්නේ.

ඒ අය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් අතරේ තරඟයක් ඇති වූ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය බෙදුනා.

ඒ වගේම රටේ ජනතාවගෙන් අප්‍රසාදය ආවා.කුමාර වෙල්ගම මැතිතුමන් එහෙම පැහැදිළිවම කිව්වා පැන්ෂන් ගියපු හමුදා නිලධාරියෙක් මේකට සුදුසු නෑ කියලා.ඒ වගේම නීතියෙනුත් ඒ අයට බෑ කියන කාරණාව ඔප්පු වෙලා තියෙනවා.

ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ ඇති වූ ප්‍රශ්නය වෙනත් පැත්තකට යොමු කිරීමේ අරමුණින් තමයි දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම යෝජනා කළේ.

මේක ඒ අය ඇතුලේ බේරා ගන්න ඕන ප්‍රශ්නයක්.හැබැයි ඒ අය මේක ජාතික ප්‍රශ්නයක් බවට පත් කරගෙන තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නයට විසිදුමක් ලැබෙයි කියලා ප්‍රශ්නය වෙනත් මානයකට යොමු කරන්න තමයි මේ විපක්ෂ නායක කමට යෝජනාවන් ගේන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට කවුරුන් උත්සහ කළත්, ඉතාම පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ.

ඒක මේ රටේ නීතිය, පුද්ගලයින්ට අවශ්‍යය විදිහට රටේ නීතිය වෙනස් කරනවා නම් ඒක රට ව්‍යාකූල වෙන්න හේතුවක්.පුද්ගලයින්ට අවශ්‍යය විදිහට නෙමෙයි රටේ බහුතර ජනතාවකට අවශ්‍ය ලෙස රටේ අනාගතයට බලපාන විදිහට රටේ අනාගතය වෙනුවෙන් තමයි නීතී රීතී වෙනස් විය යුතු වන්නේ.

ඒ නීති දැන් ක්‍රියාත්මක වෙන නිසා කවුරුන් උත්සහ කළත් මහින්ද රාජපක්ෂ මහතාට  නැවත ජනාධිපති විය නොහැකියි.ඒකාබද්ධ විපක්ෂය තුළ විශාල අර්බුධයන් මතු වෙලා තියෙනවා. රාජපක්ෂවරුන්ට කැමති හා අකමැති පිරිස් ඒ අතර ඉන්නවා.

ඒ වගේම නොවැම්බර් 21 අපි කිව්ව මතයන් එක්ක ඉන්න අය එතන ඉන්නවා.ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ප්‍රශ්න දැන් ටික ටික එළියට එනවා. කොන්ද කෙලින් තියන අයට අපි ආරාධනා කරනවා කුමාර වෙල්ගම මැතිතුමන්  වගේ දැන් හරි කෙලින් කථා කරලා රට වෙනුවෙන් ඉදිරියට පැමිණෙන ලෙස‘‘ අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

 



අදහස් (1)

විපක්ෂ නායක ධූරය ගැන කිසිදු ගැටලුවක් නෑ - ඇමැති දුමින්ද

kalani Wednesday, 08 August 2018 04:46 AM

ශ්‍රීලනිප , එජනිස සමඟ එකට තරඟ කල බව අමතකද? 2015 මැතිවරණයෙන් දෙවන වැඩි නියෝජිතයින් ලැබූ පක්ෂය නේද? එම කණ්ඩායමෙන් කොටසක් රජයට එකතුවීම ජනතා පැතුමද? අනෙක් කොටසේ සුජාතභාවය දැන් ප්‍රශ්න කිරීම සුදුසුද? ආණ්ඩුවේ පාර්ශවකරුවෙක්විමට ජනතා අනුමැතියක් ලැබුනේද? කෙසේවෙතත් දැන් ඔබේ අනෙක් කණ්ඩායම 69ක් දක්වා වැඩිවෙලා. දැන් ඔවුන්ට තිබෙන එකම විකල්පය එජනිසයේ බලය ලබා ගැනීමයි. අනෙක රජයට එකතු වුයේ ශ්‍රීලනිප මන්ත්‍රීන් කොටසක් විතරයි. ශ්‍රීලනිපයේ වැඩි කොටසක් ඉන්නේ එළියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site