IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව රට සමෘද්ධිමත් කළ නොහැකියි - මහාචාර්ය තිස්ස

(රංජන් අමරසිංහ)

වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් වන පසුබිම යටතේ 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කළ නොහැකි බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි.

“රජය ප්‍රකාශ කර තිබුණා ඒක පුද්ගල වාර්ෂික අදායම ඩොලර් 4000 සිට 5000 දක්වා වර්ධනය කරනවා කියලා.නමුත් එසේ වර්ධනය වීමට නම් වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 15ක් විය යුතුයි.

කොළඹ සම සමාජ පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව කීය.


“රජය පසුගිය කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගන්නේ සියයට 6ක වාර්ෂික පොලියකට.අරමුදල ණය ලබාදීමේදී කොන්දේසි පනවා තියෙනවා.ඒ එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාවේ සුබ සාධන කපා දමන ලෙසයි.දැන් රජය ඒ අනුව කටයුතු කරමින් සිටිනවා.

නමුත් ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ ණය ලබා දෙන්නේ නම් වාර්ෂිකව ගෙවන්නට සිදු වන්නේ සියයට 2ක පොලියක් පමණයි.අනෙක කොන්දේසි පැනවීමකුත් නෑ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පවසා තිබුණා 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත්කරනවා කියා.නමුත් මේ පසුබිම යටතේ මේ රජයට එසේ කළ නොහැකි බව පැවසිය යුතුයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (6)

වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව රට සමෘද්ධිමත් කළ නොහැකියි - මහාචාර්ය තිස්ස

bamunu Tuesday, 24 October 2017 02:04 PM

2025 දී නොව මේ දේශපාලකයින් ඉන්න තාක් කලකට මෙරට සමෘද්ධිමත් කළ නොහැකියි.

:       0       0

de silva Tuesday, 24 October 2017 06:23 PM

සාධාරණ තර්කයක්. මෙතුමා කියන්නේ ඇත්ත. මේ යන විදිහට අපි 2025 දී සමෘධිමත් වෙන්න නම් පොළවෙන් තෙල් උල්පතක්, එහෙම නැත්නම් රත්‍රන් නිධියක් වැනි දෙයක් මතුවෙන්න ඕනේ.

:       0       0

sathyayaa Tuesday, 24 October 2017 11:22 PM

සම සමාජ පක්ෂය තවම තියෙනවද? මම හිතුවේ ඇන්. ඇම්. සහෝදරය මැරුණත් හරි පක්ෂයත් එදාම වළ දාන්න ඇති කියල. අනේ මේ ගොල්ලන්ගේ ආර්ථික විග්‍රහ.

:       0       1

Rohana Tuesday, 24 October 2017 11:53 PM

ඔබතුමා මේ කෙහෙල්මල් දේසපාලනය අතහැරලා ඩෙංගු මදුරුවා ගැන පර්යේසන කරන්න. එය ජනතාවට කරන විසිස්ට සේවයකි.

:       0       1

ලුම්බිණි Wednesday, 25 October 2017 03:50 AM

සමාවෙන්න, ලංකා සම සමාජ පක්ෂය රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමට මේ දක්වා කලේ මොනවාද?

:       0       1

matin mama Tuesday, 07 November 2017 01:38 PM

මගේ සුදු බෑණන්ධිට තුනුරුවන් පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site