(නිමල කොඩිතුවක්කු සහ ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරිමේ යෝජනාවක් ඇත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් ලෙස එයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද (6) පැවසීය.
ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දී දේශපාලඥයන්ද පටි තදකරගත යුතු බවත් ඒ ආදර්ශය දේශපාළඥයන් විසින් ජනතාවට ලබාදිය යුතු බවත් මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න යන බවට මේ දිනවල මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් පුවත් පළවුණා.
ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩිවෙන විට එයට අනුරූපිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිවෙන්න ඕන කියලා 2006 වසරේදී එවකට හිටපු සභානායක අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා තියෙනවා
ඒ අනුව 2018 ජනවාරි මාසයේ ඉඳලා ඉහළ අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ වැටුප් වැඩිවෙලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිය යුතුයි කියලා කතා බහක් ඇවිත් තියෙනවා.
මෙම වැටුප් වැඩිවෙලා ඇරියස් එකත් එක්ක මන්ත‍්‍රිවරුන්ට වැටුප් වැඩිවෙලා වගේ තමයි මාධ්‍ය මගින් මේ ගැන ප‍්‍රචාරය ගියේ. මේ පිළිබඳ තවම තීන්දුවක් අරගෙන නැහැ කියලා අපි ඉතා පැහැදිලිව කිව යුතුයි.
කවුරුහරි මෙහෙම යෝජනාවක් කරලා තියෙනවනම් පසුපෙළ මන්ත‍්‍රීවරුන් විදියට අපි මේකට විරුද්ධයි. එහෙම යෝජනාවක් තියෙනවානම් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදීත් අපේ විරෝධයත් අපි ඒකට ප‍්‍රකාශ කරනවා.
අපිට මේ වගේ ප‍්‍රතිචාර දක්වන්න වෙලා තියෙන්නෙත් මාධ්‍ය මගින් මෙවැනි ප‍්‍රචාර යන නිසයි. ඒ නිසා මේ පිළිබඳ විකාශනය කරන්න කලින් මෙම වැටුප් වැඩිකිරීම ගැන තීන්දුවක් අරගෙන තියෙනවද නැද්ද කියලා මාධ්‍යයට හොයා බැලිම වටිනවා. මේ පිළිබඳ යම්කිසි වගකිමක් සහිතව වාර්තා කරන්න කියලා අපි මාධ්‍ය මගිනුත් ඉල්ලා සිටිනවා.

2025 ඔක්තෝබර් මස 08
1496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1333
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වැටුප් වැඩිකිරිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුනුත් විරෝධය පළ කරනවා’
Raveendra Monday, 06 August 2018 02:03 PM
අම්මපා... පුදුම සෙනෙහසක් නේ මේ උන්දැට මහජනතාව ගැන එක පාරටම ඇතිවෙලා තියෙන්නේ.... " බූරුවන් " තෝරන තරගයක් ළඟපාතක නැහැ නේද?