IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලංකාවේ ප්‍රධාන පක්ෂ සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ තිර සබඳතා

ප්‍රේමකීර්ති රණතුංග

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලන පක්ෂ සමග සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යූග ජියාන්හුවා මහතා  ලංකාදීපයට පැවැසීය.

චීනයේ බීජිං නුවර කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශයේ ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලනිපය, ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සංධානය සමග ද තම සබඳතා ඉතා යහපත්ව පවත්වාගෙන යන බව කී ඒ මහතා මෙම වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික කොංග්‍රසයේ 19 වැනි සමුළුවට ද මෙයින් පක්ෂ කීපයකට ආරාධනා කර ඇති බවද පැවැසීය.

ජාතික කොංග්‍රසයේ කමිටු රැස්වීමක් කැඳවෙන්නේ වසර 5කට වරකි. එමගින් පත්කරගන්නා නිලධාරීහු ඉදිරි වසර 5 සඳහා චීනයේ පාලන බලයට සුදුසුකම් ලබති.

මෙහිදී අදහස් දැක් වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර ලේකම් කාඕ සින්ගැන් මහතා පැවසුවේ චීන-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි වෑයමක යෙදී සිටින බවයි.

චීනය සමග දැඩි සබඳතා පවත්වන රටවල ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ තම පක්ෂයේ 19 වැනි සමුළුවට ගෙන්වා ගැනීම තම අරමුණ බව කී යූ ජියැන්හුවා මහතා ලෝකයේ රටවල 600කට ආසන්න දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවනු ඇතැයි ද සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය 1921දී ෂැංහයි නුවරදී පැවැත්වුණු අතර 1928 දී රුසියාවේ මොස්කව් නුවරදී ද ජාතික සමුළුව රැස්වී තිබේ. 1956 රැස් වූ 8 වැනි ජාතික කොංග්‍රසයේ සිට දිගටම මෙම රැස්වීම පැවැත්වෙන්නේ බීජිං නුවරදීය. 1969 වසරේ සිට මෙම ජාතික කොංග්‍රස් මහා සමුළුව වසර 5කට වතාවක් රැස්වේ. 



අදහස් (0)

ලංකාවේ ප්‍රධාන පක්ෂ සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ තිර සබඳතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site