IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලංකාවේ ආරක්ෂාව ගැන ජපානයේ ආරක්ෂක ඇමැතිට අයිතියක් නෑ

(විනීතා එම් ගමගේ)

 

ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව සෙවීමට ජපානයේ ආරක්ෂක ඇමැතිට කිසිදු අයිතියක් නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය චීනයේ මිලිටරි අවශ්‍යතා වෙනුවෙන් භාවිත නොකළ යුතු යැයි ද ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයේ දී අනතුරු හැඟවීමක් කර ඇතැයි ද ස්වාධීන රාජ්‍යයක මෙවැන්නක් සිදුනොවිය  යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ ස්වාධීන ස්වෛරී රාජ්‍යයන් වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් රාජ්‍යයක ස්වාධීනත්වය වෙනුවෙන් පනවා ඇති මූලධර්ම හතෙන් අවසාන මූලධර්මය වන්නේ ඒ ඒ රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම යැයි පෙන්වා දුන් සමරනායක මහතා ඒ අනුව ජපාන ආරක්ෂක ඇමeතිවරයා සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් නොවේදැයි ප්‍රශ්න කළේය.

මොහාන් සමරනායක මහතා මේ අදහස් පළ කළේ ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී සමරනායක මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

‘ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කියා වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මාධ්‍ය හමුවක දී පවසා තිබුණා. එහෙම හොයන්න ජපානයට ඇති අයිතිය මොකක්ද? අපේ ජනාධිපතිට අගමැතිට ජපානයට ගිහින් එහේ ආරක්ෂක තත්ත්වය සොයා බලන්න  පුළුවන් ද? මේ වගේ දේවල් රටේ සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වූවායින්  පසුවයි. රටකට ජාතියකට සිදුවිය හැකි ලොකුම පාඩුව මෙසේ ස්වාධීනත්වයට බාධා සිදුවීමයි.

මේ රටේ පවතින්නේ ධනවාදී නව ලිබරල්වාදී ආණ්ඩුවක් බව පෙනී යනවා. රටේ ඇත්ත නායකයා ජනාධිපති නොවෙයි අගමැතියි. දිගින් දිගටම මේ තත්ත්වය ඉදිරියට ගියොත් ශ්‍රී ලංකාව නමින් රාජ්‍යයක් ඉතිරිවෙන්නේ නැහැ. ඉතිරි වෙන්නේ බිමක් පමණයි. අපි නොහිටියත් අපේ දරුවන්ට රටක් ඉතිරි විය යුතුයි.’



අදහස් (4)

ලංකාවේ ආරක්ෂාව ගැන ජපානයේ ආරක්ෂක ඇමැතිට අයිතියක් නෑ

rohan perera Tuesday, 28 August 2018 11:06 AM

මෙයට කියන්න තියෙන්නේ ඕවා ගැන දොස් කියන්න ඕන එයාගෙම ලොක්කට රට චීනෙට යට කරාට

:       53       41

Bamunuarachchi Wednesday, 29 August 2018 12:59 AM

Rohan, ඔයාගේ ලොක්කත් කොරන්නේ චීනට රට විකුණන එකනේ. සිංගප්පූරුවේ හිටියානම් තෙරේවි ඉන්දියන් අයට වැඩිය චීන්නු හොඳ බව. චීන කෙල්ලෝ කොල්ලෝ ඉන්න පාරවලුත් ලස්සනයි.

:       500       161

Saththaya Wednesday, 29 August 2018 04:24 AM

එහෙමනම් චීනයටද ලංකාවේ ආරක්ෂාව අයිති ? ඔය බලය වෙනුවෙන් ලෝක විනාශයක් කරා යන ගමනකට පාර කපලාදෙන කියමන්.

:       2       502

sugath Friday, 31 August 2018 01:23 PM

රොහාන් අද මහපොළවේ සිදුවන දේ බලා කතා කරන්න. චීනෙට හම්බන්තොට වික්කේ කවුද? පොර්ට් සිටි නවතනවා කියා නැවත චීනෙට දුන්නේ කවුද? රටේ සම්පත් විදේශිකයන්ට තොග පිටින් දෙන්නේ කවුද? රෝහලේ කිලිටි රෙදි සේදීමත් ඉන්දියාවට පැවරුවේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site