IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘රවී වැටෙන්නේ ඉතිහාසයේ කුණු බක්කියටයි‘

(විනීතා එම්. ගමගේ)

ඉතිහාසය විසින් තමන් නිවැරදි කරනු ඇතැයි රවි කරුණානායක පවසතත් එසේ සිදුවන්නේ අපේ රටේ ජනතාව වහල්ලූ පිරිසක් බවට පත්වුවහොත් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

අනාගතයේ අපේ රටේ පුරවැසියන් බිහි වන්නේ නම් රවී කරුණානායකට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය පමණක් යැයි ද දිසානායක මහතා කීය.

ජවිපෙ නායකයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මූලස්ථානයේ අද(11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද මෙන්ම රවී කරුණානායක සිප වැළඳ ගන්න, මුහුණ සිඹින, අත සිඹින වහලූන් පිරිසක් බිහි වුවහොත් රවී කරුණානායක නිවැරදි වීම පුදුමයක් නොවනු ඇතැයි ද හෙතෙම ස`දහන් කළේය.

‘‘රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ වංචා- ¥ෂණ සම්බන්ධයෙන් අලූත් සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා. රවීගේ පාර්ශ්වයේ කණ්ඩායම එය යහපත් ආණ්ඩු ක‍්‍රමයක ලක්‍ෂණයක් යැයිද පරාජිත රාජපක්‍ෂ කණ්ඩායම එය සිය ජයග‍්‍රහණයක් යැයිද  උත්කර්ෂයට නංවමින් තිබෙනවා. කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික කි‍්‍රයාවකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උනා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් වෙන්න බැහැ. ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවේ. ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කළ හැකි කරුණු ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබ. 27 වනවිට ඔහු මුදුල් ඇමතිවරයායි. එම ප‍්‍රශ්න සහගත ගනුදෙනුව නිසා අගමැතිවරයා නීතිඥ කණ්ඩායමක් පත්කොට ඒ පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් තිබුණා. එමෙන්ම 2015 අගෝස්තු වනවිට කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කෙරුණා. එම ආන්දෝලනාත්මක ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බවත් එම ගනුදෙනුවෙන් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අයථා මුදල් ඉපයූ බවටත් චෝදනා එල්ල වුණා. එසේ චෝදනාවට ලක්වූවන්ගෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස මසකට රු. ලක්‍ෂ 14.5 බැගින් ගෙවල් කුලිය ලබාගෙන තිබෙනවා. එය අල්ලස් ගැනීමක්‘‘ යැයි ද ජවිපෙ නායකයා පැවසීය.

 



අදහස් (7)

‘රවී වැටෙන්නේ ඉතිහාසයේ කුණු බක්කියටයි‘

Dharshana Kodikara Friday, 11 August 2017 09:08 AM

ඔව්... ඇත්ත වශයෙන්ම... ඔහුට ඉතිහාසයේ කුණු බක්කිය නොව.. ඉතිහාසයේ නරකාදියම ලැබෙනු ඇත. මෙරට බහුතර ජනතාවක් අසීමිත දුෂ්කරතාවල ජීවත්වීමට දරණ කොට නිවාස කුලිය ලෙස ලක්ෂ 15.5 ක්ම මංකොල්ල කාලා.

:       209       782

hesa Friday, 11 August 2017 02:50 PM

දේශපාලකයින්ට කොහෙත්ම අයිතියක් නැහැ තවත් දේශපලකයෙකුට මෙහෙම කියන්න. ඔය කතා කරන කවුරුත් ඉන්නේ දන්න දා සිටම කුණු බක්කියේ. ඒ නිසා මහඡනතාවට පමණයි ඒ අයිතිය ඇත්තේ.

:       356       22

Ajith NissankaFriday, 11 August 2017 03:19 PM

අනේද කියන්නේ! අපේ හොරා අපිට හොඳා කියන ජනතාව ඉන්න කල් රවී යන්නේ නැහැ !

:       3       243

ShanSunday, 13 August 2017 07:19 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති මෙයාලගේ කිල්ලෝටවලත් හුණු ඕන තරම් තියෙනවා. මෙයාගේ පුතත් පුද්ගලික විශ්ව විද්‍යාලයකලුනේ ඉගෙන ගෙන තියෙන්නේ. හොඳම රස්සාව කරන්නේ මෙයාලා තමයි, ඒත් අනුන්ගේ වැරදි කියව කියවා ඉන්නවා.

:       76       1

Gamage Saturday, 12 August 2017 11:32 AM

21වන සියවසේ වහල්ලු ඉන්න රටක් මේක.. හරිම කණගාටුයි ජනතාවම තමයි මේ හැම දේකටම වගකියන්න ඕනේ...

:       1       310

nilmini Sunday, 13 August 2017 06:27 AM

නියමයි. එතකොට අනුරටයි, රවීටයි එකට ඉතිහාසයේ කුණු බක්කියේ ඉන්න පුළුවන්. දෙන්නටම ගැලපෙන තැන තමයි එතැන.

:       56       2

Latha Monday, 14 August 2017 02:59 AM

විජේවීර වෙනුවෙන් පක්ෂයට බැරවුනු මුදල් කොහෙද ගියේ කියල වහා පවසනු කාගෙ කාගෙ කිල්ලෝටෙත් තියනවා හුණු අනුර දිසානායකයෝ ඒක දැනගනු

:       24       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 218 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1469 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 950 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7425 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 449 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 115 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1140 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site