IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘රනිල් කියන්නේ පරිණත නායකයෙක්...‘

(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)

අද රටේ ජනතාවට  තුන්වේල කන්න බොන්න නොමැති බවත්, අඩුම  ගානේ රනිල් වික්‍රමසිංහ මහතා අද හිටියානම් තුන්වේල කාලා බීලා හොදට ජීවත් වෙන්න පුළුවන් කම තිබුණු බව ගම්මානවලට ගියාම මිනිසුන් කියන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නවීන් දිසානායක මහතා අද (27) පැවැසීය.

කොත්මලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී ඒ මහතා එසේ පැවසීය. තවදුරටත් අදහස් දැක්වු නවීන් දිසානායක මහතා මෙසේද පැවැසීය.
‘අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ. දවසින් දවස විරැකියාව වැඩි වෙලා. කෝවිඩ් ආවට පස්සේ ආර්ථිකය කඩා වැටිලා. මේ රජයට ඒකට විසඳුමක් නැහැ. අද මිනිස්සු කියනවා අඩු ගානේ රනිල් වික්‍රමසිංහ හිටියා නම් අපි තුන්වේල හොඳට කාලා බීලා ඉන්න තිබුණා කියලා. අද ගම්වලට ගියාම රනිල් මහත්තයා අපේ දරුවන්ට ටැබ් එකවත් ලබා දුන්නානම් අඩු ගානේ අද අපේ ළමයින් පාඩම් ටික ඒකෙන් ගෙදර ඉඳන් කරන්න තිබුණා කියලා කියනවා. ඒ වගේ පරිණත නායකයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ...

සමහර වේලාවට සටනක් කරන කොට කෙළින්ම මුහුණට මුහුණ ගහ ගන්නවා. සමහර වේලාවට සාකච්ඡා මාර්ගයෙන් කතා කරලා ගිවිසුම් ගහනවා. හොඳ හිත දිනාගෙන හැමෝම ගේම් එක ගහනවා. සටනකදි නොයෙකුත් ක්‍රම සහ විධි තියෙනවා. හැම වේලාවේම දුටුගැමුණු රජතුමාගේ චරිතය රඟපාන්න  බැහැ. හැම දෙයක්ම දිනන්නත්  බැහැ. නොයෙක් අවස්ථාවල ඉතාමත් හික්මීමෙන් තමාගේ චරිතය පාලනය කරලා සාමකාමීව කතා කරලා මනුෂ්‍යත්වයෙන්, මිනිසත්කමෙන් ඒවා දිනාගන්න අවශ්‍යයයි. හැම දේකටම අපි කුලප්පු වෙන්න  හොඳ නැහැ.

එක්සත් ජාතික පක්ෂයට මෙවර පැහැදිලිවම ආණ්ඩුවක් හදන්න තිබුණු අවස්ථාවක් මේක. අපි දෙපාර්ශවයම එකට කටයුතු කලා නම් ආසන 90 ක් ලේහෙසියෙන්ම මේ අස්ථාවේ ගන්න තිබුණා. මක් නිසාද කියනවා නම් අද මිනිස්සුන්ට රජය ගැන කලකිරීමක් තියෙන්නේ. එදා වැඩ්ඩා කිව්ව ජනාධිපතිවරයා අද වැඩ කරන්නනේ නැහැ. සිස්ටම් එකේ බ්‍රේක් එකක් කොහේ හරි තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ගැන අද අපිට බය වෙන්න දෙයක් නැහැ. 56 දී ආසන තුනට වැටුනා. 1970 දී ආසන 17 යි. අවුරුදු 7කින් ආසන 148 ක් අරන්  හයෙන් පහේ බලයක් ගත්තා. හැම පක්ෂයකම උස් පහත්වීම් ඇති වෙනවා. අපි කණගාටු වෙනවා අපේ මිතුරන්, එක මතවාදයත් තිබුණු අය වෙනත් පක්ෂයකින් තරග කිරීම ගැන. නමුත් අපි හිතෙනවා අනාගතේ නැවැතත් අපි එකතු වෙලා රාජපක්ෂලාට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා..‘‘ යයි කීය.



අදහස් (9)

‘රනිල් කියන්නේ පරිණත නායකයෙක්...‘

මෝ Saturday, 27 June 2020 10:47 AM

රනිල් හිටියානං කන්න බොන්න කොහොම වුණත්, රටින් භාගයක් වලපල්ලේ. වලලපු තැන් හොයාගන්නවත් නෑ. බැංකුව සුද්දකරපු පරිණත නායකයා. දැන් අර රට ඇමරිකාවට විකුණන ගිවිසුමත් අත්සන් කරලා සල්ලිත් අරං කියන්නේ... කොහොමද සූත්තර පුංචගේ ගේම්...? නවීන් ලෑස්තිවෙලා ඉන්න. මේ පාර බඩුම තමයි.

:       43       150

NimalSaturday, 27 June 2020 01:24 PM

ඉතින් ඇමෙරිකානු එම්බසිය නම් කියන්නේ සල්ලි සත පහක්වත් දුන්නේ නැහැ කියලනේ..

:       6       42

nihal Saturday, 27 June 2020 02:59 PM

රනිල් හිටියානං, නමුත් රනිල් හිටියේ නැහැනේ. රනිල්ට අගෝස්තු වෙනකම් අගමැතිවෙලා ඉන්න තිබුණත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් රජයක් කරගෙන යාමට රාජපක්ෂලාට අවස්ථාව දුන්නා. රනිල් දුර බලලා වැඩකරන නායකයෙක්. විපක්ෂ නායකකමත් සජිත්ට දීලා මන්ත්‍රී වරයෙක් වශයෙන් පසුපෙළට ගියා. රනිල් එහෙම කරපු නිසා අද ඔහුගේ වටිනාකමත් වැඩිවුණා පක්ෂයත් සුද්දවුණා. හොඳට හිතලා බලන්න සත්‍ය කුමක්ද කියලා...

:       5       110

nandana Saturday, 27 June 2020 11:36 AM

මම නම් කිසි කෙනෙක් කියනවා අහල නෑ "අඩු ගානේ රනිල් වික්‍රමසිංහ හිටියා නම් අපි තුන්වේල හොඳට කාලා බීලා ඉන්න තිබුණා කියලා"...

:       2       30

NImal Saturday, 27 June 2020 01:23 PM

පක්ෂෙ රැකගන්න බැරි එක්කෙනා පරිණත වුණත් මොකටද? ඩීල්වලින් නම් පරිණත තමයි.

:       17       37

saman Saturday, 27 June 2020 02:46 PM

ඔය ඩීල් ගැන කියන්නේ සමගි ජනබලවේගයේ සජිත් සහ කණ්ඩායම... නමුත් පසුගිය දවසක කරුණා අම්මාන් රටටම මාධ්‍ය මගින් කියා සිටියේ සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස ඇන්ටන් බලසිංහම් සමග ඩීල් දැම්මා කියලා. මේ කියන්නේ කරුණා අම්මාන් කොටින් සමග හිටපු කාලේ ප්‍රේමදාස යවපු අවි ආයුධ බාර ගත්තෙත් කරුණාලු. සජිත්ට පුළුවන් ඔබගේ දුරකථනයෙන් කරුණට කෝල් කරලා සත්‍ය දැනගෙන රටට, ජනතාවට සත්‍ය පැහැදිලි කරන්න. ඔහුට වගකීමක් තියෙනවා. සජිත් අනාගත අගමැති වෙන්න ඉන්න පුද්ගලයා. අනුන්ගේ නොදන්නා ඩීල් ගැන කතා නොකර කරුණාගේ කතාවට පිළිතුරක් දෙන්න...

:       2       38

විනිවිද Saturday, 27 June 2020 02:30 PM

හැම දෙයක්ම දිනන්නත් බැහැ. නොයෙක් අවස්ථාවල ඉතාමත් හික්මීමෙන් තමාගේ චරිතය පාලනය කරලා සාමකාමීව කතා කරලා මනුෂ්‍යත්වයෙන්, මිනිසත්කමෙන් ඒවා දිනාගන්න අවශ්‍යයයි. හැම දේකටම අපි කුලප්පු වෙන්න හොඳ නැහැ. "ඉවසීමෙන් සිටිය යුතුවෙනවා. ඉවසීම කියන්නේ ගොඩාක් ප්‍රශ්නවලට වලට හොඳම බේත කියලත් කියන්න පුළුවනි. ඒවගේම දුරදිග බලන්නත් අත්‍යවශ්‍ය වෙනවා. ඉවසීමක් නොමැති ළඟ පමණක් පෙනෙන, දුර නොපෙනෙන පුද්ගලයන් දේශපාලනයට පැමිණිවිට පක්ෂ දේශපාලනය පමණක් නොව රටටද ප්‍රශ්න ඇතිවෙනවා. එයට හොඳම උදාහරණය සජිත් නායකත්වය පෙනි පෙනී නැවත නොඑන්නටම පක්ෂයෙන් පිටවයාම. මේ වනවිට දරුණුලෙස රටේ ආර්ථිකය කඩා වැටිලා, ආර්ථිකය අවුල්වෙලා. මේ රජයට ඒකට විසඳුම් දීමට හැකියාවක් නොමැතිබව ජනාධිපතිවරයාගේ සහ මහබැංකු නිලධාරින්ගේ සාකච්ඡාවේදී සද්ද දාපු ආකාරයෙන්ම රටට පැහැදිලි වුණා. අද ගම්වල මිනිස්සු කියනවා අඩු ගානේ රනිල් වික්‍රමසිංහ හිටියා නම් කියලා නමුත් ගම්වල දුප්පත් මිනිස්සු රනිල්ව සොයාගෙන පැමිණෙන දවස වැඩි ඈතක නැහැ. ඒ කිසිවක් නිසා නොව උගත්, බුද්ධිමත් ඉවසීමක් දැක්මක් ඇති යමක් කළහැකි පරිණත නායකයකු වන රනිල්ගේ වටිනාකම දුප්පට මිනිහට තේරුණු නිසා. "

:       160       245

ramanathan ranaweera Saturday, 27 June 2020 11:23 PM

රට පාවා දුන්නු බැංකු හොරුන්...

:       0       0

ලසන්ත Sunday, 28 June 2020 12:44 PM

බුද්ධ කාලයේ ශාස්තෘන් මක්කලී ගෝසාල, නිගන්ඨනාථ පුත්ත වැනි ශාස්තෘන් 6 දෙනෙකු සිටියා කියා කියැවෙනවා. ඉන් නිඝන්ඨනාථ පුත්තගේ ඉගැන්වීමේදී ණයට හෝ ගිතෙල් කන්න කිව්වා. බුදුහිමියන් වහන්සේ දෙශනාකලේ උපයන ආදායම හතරට බෙදා ආදායම ප්‍රයෝජනයට ගන්නා ලෙසයි. මේ රටේ රනිල් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලේ බුදුහිමියන්ගේ ක්‍රමය වුවත් වට පිටේ සිටි උපදේශකලා නිසා බොහෝදේ වැරදුණු බවක් පේනවා. ඒ අතර අනෙක් පිරිස ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තේ නිගණ්ඨනාථ පුත්තගේ ක්‍රියාවද කියලා හිතාගන්න අමාරුත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site