(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායකවරයාට රැස්වීමක් පැවැත්වීමට නොහැකි තත්වයටම වත්මන් ආණ්ඩුව හමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ගොස් ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමට රත්මලානේදී එල්ල වූ ගල් ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල මරු පහරක් බවත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතුව ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කළේය.
තනතුරු පිළිබඳ නොසිතා එම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වලට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා ඇතුළු පොලීසියෙන් ඉල්ලීමක් කරන බවද බවද කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද පැවසීය.
“මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් දහනමයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. තමන්ට කැමති අදහස් පල කරන්න ජනතාවට අයිතියක් තිබුණා. රැස්වීම් පවත්වන්න උද්ඝෝෂණ සංවිධානය කරන්න හැම කණ්ඩායමකටම අවස්ථාවක් ලැබුණා. අද ඒ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටින් විනාශ වෙමින් යනවා.
විසිවන සංශෝධනයත් එක්ක මේ රටේ ත්‍රස්තවාදී මැර කල්ලි ගල් මුල්, ආයුධ අතට අරන් තමන්ගේ මැර බලය එළිපිට ප්‍රදර්ශනය කරන යුගයක් ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩුව යටතේ ආයුධ කතා කරන යුගයක් යළි ඇතිවෙලා තියෙනවා.
අද මේ රටේ විපක්ෂ නායකවරයාට රැස්වීමක කතා කරන්න නිදහස අහිමි වෙලා තියෙනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ දී පැවති ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමකදී රජයේ මැර කණ්ඩායමක් බාධා කරලා තියනවා. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි අහනවා.
අපි දහනමයෙන් ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය අද රාජපක්ෂ පාලනයෙන් විනාශ කරලා තියනවා. විපක්ෂ නායකවරයාට එල්ල වූ මේ ප්‍රහාරයට ආණ්ඩුව වගකිව යුතුයි කියලා අපි කියනවා.
2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය රැස්වීමකට වෙඩි තියලා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළා. රැස්වීමේ වෙඩි තියලා මිනිස්සු මරලා ඉල්ලුම් ගස් ගිය උදවිය පාර්ලිමේන්තුවට ගෙනාවා.
රැස්වීමට ගැහුවහම, වෙඩි තිබ්බහම පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා සමහරවිට මැරයෝ හිතනවා ඇති. අද ඒ මැර කණ්ඩායම් නැවත මේ රටේ ක්‍රියාත්මක වෙනවා.
එක රටක් එක නීතියක් කියා බලයට පත්වූ වත්මන් ආණ්ඩුවේ ඒ නීතිය කොහෙද කියලා අපි අහනවා. විපක්ෂ නායකවරයාගේ රැස්වීමට අවහිර කරපු අයට තමන්ගේ තනතුරු පිළිබඳ හිතන්නේ නැතුව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න් කියලා පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරින් ගෙන් අපි ඉල්ලා සිටිනවා.
විසිවන සංශෝධනයෙන් ස්වාධීන පොලිස් කොමිසම අහෝසි කරලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ ටික ටික එළියට එන්නේ.
මැතිවරණ කොමිසම විනාශ කරල දාලා නැවත වයඹ මැතිවරණ යුගයකට රට ගෙනියන්න ද මේ හදන්නේ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.
මේ මැර දේශපාලනයට තිත තියන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීමට වහාම මැදිහත් වෙන්න කියලා අපි මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට මතක් කරනවා.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙලා‘