IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘

(විනීතා එම් ගමගේ)

රටේ දේපල සංවර්ධනය සඳහා හෝ ආයෝජනයක් ලෙස දෙනවාට වඩා එක එක රටවල ආරක්ෂාවට යොදවා ගන්නා  බව මත්තල ගුවන්තොටුපල සම්බන්ධ සිද්ධියෙන් පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  ප‍්‍රකාශ කළේය. 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් වැඩි දිනක් නොගොස් විදේශයකට විකුණනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ලක්ෂමන් යාපා මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවක දීය. මෑතක දී ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ. එම මාධ්‍ය හමුව අමතමින් මෙසේ ද පැවැසීය. 

මත්තල ගුවන් තොටුපල 70 ට 30 වශයෙන් ඉන්දියාවට විකිණීමට පියවර අරන්. පාර්ලිමේන්තුවේ පනත වෙසන් කර තුනෙන් දෙක නැතිව සාමාන්‍ය ඡුන්දයකින් වෙනස් කර 70 ට 30 වශයෙන් ඉන්දියාවට මත්තල දෙන්න සියල්ල සුදානම්. නිමල් සිරිපාල අමාත්‍යවරයා හමුවී මේ ගැන කථා කළාම එතුමා කිව්වේ ආණ්ඩුවේ තීරණය කි‍්‍රයාත්මක කරන්න තමන් බැඳී සිටිනවා කියලයි. 

අපිත් ආණ්ඩුවේ හිටියා. අපි නම් එහෙම කියන කියන දේ කරන්න බැඳිල හිටියේ නැහැ. රාජ්‍ය ආරක්ෂාව ගැන රාජ්‍ය දේපල විකිණීමට ඇති අයිතිය ගැන ඇති ගැටළු කථා කරනවා. එහෙම බලද්දි අපි ආණ්ඩුවෙන් ඉවත් වුණ මූලික පරමාර්ථ ශක්තිමත්. 

මේ මොහොත වනවිට අපි පොදු ශක්තිමත් විපක්ෂයක්  බවට පත්ව සිටිනවා. පොදු ජන පෙරමුණ එක්සත් ඒකාබද්ධ පොදු ජන පෙරමුණ විදියට  කි‍්‍රයාත්මකයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු විරෝධී බලවේගය මේ වනවිට ඇතිවී තිබෙනවා. අපි ආණ්ඩු විරෝධී දැවැන්ත බලවේගයක්. වෙන වෙනම ප‍්‍රකාශ නැහැ. පොදු එකඟතා පමණයි. 

සමහරු අහවි අපේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද කියලා. අපි මේ රටේ වෙන ව්‍යසනවලට එරෙහිව සටන් කරනවා. දැන් 70 ක් ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න අපි ඉස්සරහට තව සංඛ්‍යාව වැඩිවේවි. 

උතුරේ ඡුන්දය කල් දමද්දි ඇයි උතුර නිහඬ දැන් උතුරේ  ඡන්දය පවත්වන්නේ නැහැ  වගේ. මේ සුදානම් වන්නේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මණින් ගෙන එන්නයි. මෙතන තියෙන්නේ දේශපාලන බලාපොරොත්තු ඉටුකර ගැනීමක්.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)

 



අදහස් (1)

‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘

Raveendra Friday, 20 July 2018 11:21 AM

ඉතින් ඔහෙලා දෙපැත්තටම පැන පැන පිනටම කකා බිබී ඉඳලා දැන් මෙතන " බයිලා රචනා" ලියනවද? ලැජ්ජයි ඕයි ලැජ්ජයි..!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site