IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘රටේ අපරාධ වැඩිවිමට හේතු වී ඇත්තේ ආර්ථිකයයි’ - හඳුන්නෙත්ති


 
 
අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ
 
රටේ අපරාධ වැඩිවීමට හේතුවී ඇත්තේ සිංහල දමිළ මිනිසුන්ගේ ගැටුමක් නිසා නොව රටේ ඇති ආර්ථික ක්‍රමය නිසා බව ජනතා විමුක්ති පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්හෙත්ති මහතා කියයි. 


මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ තංගල්ල පහජ්ජාව නවදිවිපුර ප්‍රදේශයේ දී පැවැති මහවෙල කොට්ඨාසයේ දිරිය සමිතිය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදීය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්හෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. 


‘මේ රටේ අපරාධ සිදුවෙලා තියෙන්නේ සිංහල දෙමළ මිනිස්සුන්ගේ ගැටුමක් නිසා නෙවෙයි. මේ රටේ තියෙන ආර්ථික ක්‍රමය හැමදේටම හේතුවෙලා තියෙන්නේ. මුදල් වලින් මනින හැමදේම මුදලට විකුණන අම්මා තාත්තා පවා මුදලට විකුණන දරුවන් පවා මුදලට විකුණන කාලකන්නි ක්‍රමයකට මේ රට ඇදල දාලා තියෙන්නේ මේ පාලකයෝ විසින්. ඒක නිවැරදි කරන්න ඕන. සුරසැප දෙනවා කියල හදපු මේ විවෘත ආර්ථික ක්‍රමය තමයි මේ දරුවෝ විකුණන්නේ. ලිංගික අපචාර සිදුවෙන්නේ, පැහැරගෙන යන්නේ ඔක්කොම සිද්ද වෙන්නේ.’ 


අපේ රටේ ආරක්ෂාව නැති වෙලා තියෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් මනුස්සයා ගහගත්ත නිසාද. මේ රට රකින දේශප්‍රේමි කියන කට්ටිය මැරෙන්න හදන්නේ මොකටද දන්නවද. දෙමළ මනුස්සයට විරුද්ධව සිංහල කෙනා. සිංහල මනුස්සයට විරුද්ධව මුස්ලිම් කෙනා. ඇත්තටම රටේ ආරක්ෂාව බිඳ වැටිලා තියෙන්නේ කොතනද. 2017දී විතරක් බාලවයස්කාර ලිංගික හිංසනයන් සිදුවෙලා තියෙනවා 616ක්. ළමුන් පැහැරගෙන යාම් සිදුවෙලා තියෙනවා 88ක්. ස්ත්‍රී දූෂණ බාල අපරාධ 2017 දී වාර්තා වෙලා තියෙන ඒවා විතරක් ඔක්කොම 2479ක්. ඒ කියන්නේ බාල අපරාධ සිදුවෙලා තියෙනවා දවසකට දෙකක්.

ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා දවසකට අටක්. ආරක්ෂා කරන්න ඕන මොනවද එතකොට. සිංහල මිනිහගෙන් දෙමළ මිනිහද. දෙමළ මිනිහට විරුද්ධව මුස්ලිම් මිනිහ උසි ගන්නලද. මේ රටේ ජාතිවාදයෙන්ද මිනිස්සු බේරගන්න ඕනෑ. ලංකාව තමයි ලෝකේ වැඩිපුරම සියදිවි නසාගන්නේ. ඒ විතරක් නෙවෙයි දවසකට මිනිස්සු අටක් මැරෙනවා ලංකාවේ කොහේ හරි අනතුරු වෙලා. මම දැක්කා ගණිත ගුරුවරයෙක් ළමයි අරන් ගිහිල්ලා දූෂණය කරල වීඩියෝ කරල දානවා ෆේස්බුක් එකට. ලැජ්ජයි. තිරිසන් රටක් මේක. පන්සකලට යන්න බැහැ හාමුදුරුවන්ගෙනුත් ඒවා වෙනවා කියනවා. 
 



අදහස් (0)

‘රටේ අපරාධ වැඩිවිමට හේතු වී ඇත්තේ ආර්ථිකයයි’ - හඳුන්නෙත්ති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site