IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රාජ්‍ය සේවකයන්ගේ වගකීම රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීමය

සමස්ත රාජ්‍ය සේවකයන් ඉදිරි වසර කිහිපය තුළදී සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (12) පැවසීය.

රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීම සියලූ රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව කී ජනාධිපතිවරයා එම සංවර්ධන වැඩපිළිවෙළ මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය වන්නේ ජනාධිපති කාර්යාලය බැවින් ජනාධිපති කාර්යාලය ඵලදායීතාවෙන් සහ සඵලතාවෙන් ඉහළ ආයතනයක් බවට පත් කළ යුතු බව ද සඳහන් කළේය.

ඒ සඳහා එහි කාර්ය මණ්ඩලය සූදානම් කිරීමේ අරමුණින් පැවති හමුවක් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පෙරේදා (12) පස්වරුවේ මෙම හමුව පැවැත්විණි.

ලක්ෂ 14 ක් වන සමස්ත රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් ජනාධිපති කාර්යාලයේ කටයුතු නව මුහුණුවරකින් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ කාර්යක්ෂමව සහ සැලසුම්සහගත අයුරින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය නිලධාරීන්ට මඟපෙන්වීම තිබෙන්නේ රාජ්‍යය කරන්නා වූ දේශපාලන නායකත්වයේ මෙහෙයවීම, කළමනාකරණය සහ පරිපාලනයේ සාර්ථකත්වය මත බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ කිසිවකුට තමා චෝදනා නොකරන අතර යම් ගැටලූකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ නම් ඊට වගකිවයුත්තේ දේශපාලන අධිකාරිය බව ද කියා සිටියේය.

ලබන මාසයේ සිට තමන් සෑම අමාත්‍යාංශයකම ප‍්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගීවන අතර එහි පසුවිපරම් කටයුතු ජනාධිපති කාර්යාලය හරහා සිදුවන බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

වංචාවක්, දූෂණයක්, අක‍්‍රමිකතාවක් කොතනකදී හෝ සිදු නොවිය යුතු අතර විනිවිදභාවයෙන් සහ පිරිසුදුව සිය කටයුතු කරගෙන යාමට සියලූ කාර්ය මණ්ඩල කැපවිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

පසුගිය කාලය තුළ මුහුණදීමට සිදු වූ ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ ගෙන ගිය සහන වැඩපිළිවෙළ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම, දක්ෂතාව සහ මානුෂීය ගුණාංග මැනවින් පිළිබිඹු කළ අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා එහිදී සමස්ත රාජ්‍ය සේවයම සිදුකළ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාවය ද පිරිනැමීය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සියලූම කාර්ය මණ්ඩල නිලධාරීහු මෙම හමුවට එක්ව සිටියහ.



අදහස් (0)

රාජ්‍ය සේවකයන්ගේ වගකීම රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1639 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site