(නිමල කොඩිතුවක්කු)
ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට රජය කටයුතු කළ හැකි බවත් සක්වල වැඩසටහන යටතේ අම්පාර සමන්තුරේ මුස්ලිම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු පැවසීය.
රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ සුදුවට එරෙහිව නැගී සිටින බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට කෙලෙසකින්වත් ඉඩ නොදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයත් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විපක්ෂනායකවරයා කීවේය.
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රජය අයි නාලිකාව විකුණන්න හඳනවා
AJITH Monday, 14 August 2023 08:31 PM
විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ ලබාදීම ගැටළුවක් නොවේ. එසේ උවත් මෙම ලබාදීම සියල්ල සජිත්ගේ පුද්ගලික මුදලින් ලබදෙනාවූ පරිත්‍යාග නොවේ. එමනිසා සජිත්ට මෙම පරිත්‍යාග කිරීමට මුදල් ලබදෙනාවූ මිතුරන් හෝ වියපරිකයන් කවුරුන්ද කියා පුරවැසියන් දැනුවත් කරන්න.සජිත් කියනදේ කරන කරනදේ කියන දේශපාලකයෙක් නම් මුදල් ලබාදෙන්නේ කවුරුන් විසින්ද යනබව හෙළිකරන්න
Chandra Monday, 14 August 2023 10:23 PM
හාරලාවත් මේක බේරගන්න ක්‍රමයක් හොයාගන්න බැරි වෙයිද?
krishna Tuesday, 15 August 2023 10:00 AM
ඒකේ පාඩුවත් මෙයා පියවන්න යනවා වගේ..
prasanna Tuesday, 15 August 2023 02:08 PM
ඔයාට කසනවද ?ලංකාවේ පාඩු ලබන ආයතන විකුනන්න ඕන.පාර්ලිමේන්තුවත් ඒකට ඇතුලත්
Sampath Wednesday, 30 August 2023 07:11 PM
ඕවා ඔක්කොම විකුනලා දාන්න ඔය එක එක්කෙනාගේ කතා වලින් වැඩක් නෑ .මේවා ගෙලරි ටෝක්ස්