IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘රාජපක්ෂ පාලන සමයට වඩා අද රට සුරක්ෂිතයි‘

  (නිමල කොඩිතුවක්කු)


රටේ නීතිය හා සාමය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය බිල්ලන් මැවුවද රාජපක්ෂ පාළන සමයට  සාපේක්ෂව රට සෑම අතින්ම අද සුරක්ෂිත භාවයට පත්ව ඇතැයි  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්රඩාර  මහතා කොළඹදී  පැවසීය.

රටේ සිදුවන මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දුෂණ, මත්දු‍්‍රව්‍ය  ජාවාරම් පසුගිය රාජපක්ෂ රජය සමයට වඩා විශාල වශයෙන් පහත වැටී ඇති බවද අමාත්‍යවරයා ස`දහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(21) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය  රංජිත් මද්දුමබන්ඩාර මහතා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

      ‘‘ විරුද්ධ පක්ෂ මේ රටේ ආරක්ෂාව පිළිබඳ  අද කතා කරනවා. පහුගිය වසර තුනක කාළය තුළ  නීතියේ ස්වාධීනත්වය, නීතියේ සාධාරනය ඇති කරන්න අපිට පුලූවන් වෙලා තියෙනවා.  අද පොලිස් නිළධාරීන්ට ස්වාධීනව  කටයුතු කිරීමේ අයිතිය ලබාදිලා තියෙනවා.

මහජනතාවට අද බයක් සැකක් නැතුව මේ රටේ  ගමන් බිමන් යන්න, ජීවත් වෙන්න අපි අවස්ථාව  සළසලා දීලා තියෙනවා. අද මාධ්‍යවේදින්ට රජය,  ජනාධිපති අගමැති විවේචනය කරන්න අයිතිය ලබා දිලා තියෙනවා. 

අද  එදා වගේ සුදු වෑනන් වලින් උස්සන්නේ  නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ නැහැ. මේ නිදහස අද මේ රටේ තියෙනවා. 2015  වසරට සාපේක්ෂව  අද මිනිස්සුන්ට නිදහසේ ජීවත්වෙන්න පුලූවන් වාතාවරවයක්  ඇති වෙලා තියෙනවා.
2014 වසරේදි මේ රටේ අපරාධ  50962ක්  වාර්ථා වෙලා තියෙනවා. 

ඒක 2017  වනවිට 35978ට අඩුවෙලා තියෙනවා. අපරාධ  විසදීමේ ප‍්‍රතිශතයත් වැඩිවෙලා තියෙනවා. 2014 වසරේ  වාර්තා වූ අපරාධ වලින් 29396ක් විසඳලා තියෙනවා. 2017 වසරේදි  28015ක් විසඳලා තියෙනවා.

දැන් විපක්ෂය මනුෂ්‍ය ඝාතන ගැන ලොකුවට කතා කරනවා. 2014දි  මනුෂ්‍ය ඝාතන 548ක් සිද්ධ වෙලා තියෙනවා. 2017 වසරේදි එය 452 දක්වා අඩුවී තිබෙනවා. 
අපේ යහපාළණ රජය යටතේ අපරාධ මනුෂ්‍ය ඝාතන,  ස්ත‍්‍රී දු ෂණ අඩුවෙලා තියෙනවා.  2014 වසරේදි ස්ත‍්‍රී දුෂණ 2008ක් වාර්තා  වෙලා තියෙනවා. 2017 වසරේදි 1732ක්  පමණයි වාර්තා වෙලා තියෙන්නේ  ඉන් සියයට 96ක් විසඳලා තියෙනවා.

මංකොල්ලා කෑම් 2014 වසර වනවිට 4235ක් වාර්තා වනවා.  එය 2017දී වාර්තා  වෙන්නේ 3366ක් පමණයි. මේවා විසඳීමේ ප‍්‍රතිශතයත් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම 2014 වර්ෂයේ මනුෂ්‍ය ඝාතන 51ක් වාර්තා වෙලා  තියෙනවා. 2017 වසරේ වාර්තා වෙන්නේ 42ක් පමණයි.

 අද මේ වගේ  වාතාවරණයක් රටේ තිබියදී විපක්ෂය බොරු බිල්ලෙක් මවනවාග  මෙයට අමතරව අපි විශාල වශයෙන් රටේ මතදු‍්‍රව්‍ය වැටලීම් සිදුකරමින් යනවාග  මේ කටයුතු කරන්න අපි පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න අවස්තාව  දිලා තියෙනවා.

පහුගියකාලේ කුඩු  ඇල්ලූවහම නායකයන් ඒ ගෙවල් වලට ගිහින් පොලීසිය  අයින් කරලා කුඩු කාරයා බේර ගත්ත ඉතිහාසයක්  මේ රටේ තිබුනාග එදා කුඩුල මත්දු‍්‍රව්‍ය වලට  සම්බන්ධ වෙලා හිටියේ රජයේ  මැති ඇමතිවරඑැන්ග අද අපි කටවත්  එවැනි චෝදනා එල්ල කරන්න  බැහැ.

අද මත්දු‍්‍රවය මිළ දෙතුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවාග මේකට හේතුවෙලා තියෙන්නෙත් අපේ මත්දු‍්‍රවය වැටලීම් නිසයිග පාසල් මට්ටමින් කමිටු පිහිටුවලා මත්දු‍්‍රවයවලින් දරුවන් බේරා ගන්න අපි වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා.

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට  එරෙහිව අද චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාග අපි මේක සැහැල්ලූවෙන් සළකන්නේ නැහැග  අපි මේ ගැන ස්වාධීනල විනිවිද භාවයකින් යුක්ත  පරීක්ෂණයක් කරගෙන යනවා.

දැනට  රහස් පොලීසියේ විශේෂ  කන්ඩායමක් මගින් මේ විමර්ශණය කරටගන යනවාග අදාළ නිළධාරියාව අපි අනිවාර්්‍ය නිවාඩු යවලා තියෙනවා.

පොලිස්පතිතුමා සම්බන්දයෙන් යම් යම්  ප‍්‍රකාශ සදහන් වෙලා තිබුනාග අපේ  අමාත්‍යාංශය මගින් අපි මේ සදහා පරීක්ෂණයක් කරන්න කමිටුවක් පත්කරලා තියෙනවා. 

එතුමන්ට මුදල් ගණුදෙනුවක්  සම්බන්ධයෙන් චෝදනා කරලා තිබුනාග  අපි ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරගෙන යනවා.  රජයේ පරිපාළන සේවයේ උසස් නිළධාරීන්  යොදවලා විමර්ශණයක් කරන්න අපි උපදෙස් දීලා තියෙනවා’’ යැයිද අමාත්‍යවරයා  එහිදි වැඩිදුරටත් පැවසීය.

 

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 

 

 



අදහස් (2)

‘රාජපක්ෂ පාලන සමයට වඩා අද රට සුරක්ෂිතයි‘

Raveendra Friday, 21 September 2018 11:38 AM

ඔබලාට මහජන නියෝජිතයන් වෙන්න මිනිසුන් බලය දුන්නේ මීට පෙරහිටිය අයගේ අඩුපාඩු නිසානේ. ඉතින් ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියලා සංසන්දනය කර කර වටිනා කාලය නාස්තිකරන්න බලය දුන්නේ කවුද ? දැන් බැලුවම පෙර සමානයි දැන්.

:       0       67

Bamunuarachchi Friday, 21 September 2018 11:46 PM

දෙකට නැමිලා කකුල්දෙක අස්සෙන්ද රටදිහා බලන්නේ? ඔහෙලාට නම් සුරක්ෂිතයි. 2020 වෙනවිට ඩොලරය රුපියල් 500 වත්වේවි... රුපියල බාල්දුවීමෙන් ආර්ථිකය කඩා වැටෙන්නේ නැතිලු... එහෙනම් මොන එහෙකටද බාල්දුවීම කියාගෙන එ්ක පාලනය කරන්න හදන්නේ?

:       0       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site