IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘රාජපක්ෂවරු ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල 2015 ට වඩා අඩුවෙන් තිබියදීත් රාජපක්ෂවරුන් ජීවන වියදම සහ ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

රාජපක්ෂලාගේ  මැතිවරණ ව්‍යාපාරය රඳා පවතින්නේ බොරුවෙන් සහ මිත්‍යාවෙන් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා නිදහසින් පසු කිසිඳු ආණ්ඩුවක් වැඩි නොකල ආකාරයෙන් වැටුප් සහ දීමනා ඉහළ නංවා ජීවන වියදම පහළ මට්ටමකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත්  සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීවේය.

      ‘‘පසුගිය දින කිහිපයේදීම පොහොට්ටුවෙන් රූපවාහිණි දැන්වීම් පළ කරමින් සහ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශවලින් අද රටේ ජනතාව දරාගත නොහැකි ජීවන මට්ටමකින් පෙලෙන බවට ප‍්‍රකාශ කරමින් ජනතාව නොමග යවන්න හදනවා.

පොහොට්ටුවේ  පිරිස් මාධ්‍ය  මගින් මොන බොරු කිව්වත්  සත්‍ය සහ යතාර්ථය තියෙන්නේ අපේ පැත්තෙයි. මහින්ද  රාජපක්ෂ රජය සමයේදී වාර්ථාවක් තබමින් උද්ධමනය සියයට 22.6 දක්වා වැඩිවුණා. අද මේ වනවිට ලංකාවේ උද්ධමනය සියයට  4.1ක මට්ටමක පවතිනවා. ඇත්ත වශයෙන්ම මේ කලාපයේම අඩුම උද්ධමනයක් තියෙන රට බවට අද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

බඩුමිල වැඩියි. ජීවන වියදම  වැඩි කියමින් පොහොට්ටුවේ පිරිස් අද අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටිනවා. සම්බා හාල් 2014 දී 84යි දැන් 90යි,  රතු කැකුළු එදා 75යි අද  85යි. හාල්මැස්සන් කිලෝව එදා 580යි අද 600 යි. පරිප්පු එදා 162යි අද 120යි.

ගෘහස්ථ ගෑස් මිල  එදා රුපියල් 2146 ට තියෙද්දි තමයි බන්දුල ගුණවර්ධන මහතා රුපියල් 2500 කට පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා එදා ප‍්‍රකාශ කළේ. අද ගෑස් මිළ 1493යි. මෑතකදීත්  ගෑස් මිල තවත් රුපියල් 241 කින් අඩු වුණා

ඒ වගේම මිල  සූත‍්‍රය මම  හඳුන්වාදෙද්දී ඔක්කොම එකතුවෙලා මට බැන්නා. මිල සූත‍්‍රය  හඳුන්වාදීමෙන් එක පැත්තකින් රජයට සිදු වූ  අලාභය යම් මට්ටමකින් අවම කර ගැනීමට පුලුවන් වුණ ගමන්ම  අදටත් මහින්ද රාජපක්ෂට  වඩා අඩුවෙන් ඉන්ධන ලබා දෙන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

එදා ජනතාව භූමිතෙල් සහනාධාරය ඉල්ලනකොට වෙඩි තියපු ආණ්ඩුවක් තමයි දැන් මේ බඩු මිල ගැන කිඹුල් කදුළු හෙළන්නේ.

මේ රටේ වැටුප් සහ දීමනා නිදහසින් පසු කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයෙන් අපි වැඩි කරලා තියෙනවා. 2015 පළමු දින සීයේදී අපි  රුපියල් දහදාහක  මාසික දීමනාවක් ලබා දීලා විශ‍්‍රාමිකයන්ගේ දීමනාව  රුපියල් 3500 කින්  වැඩි කරලා තමයි අපේ ආණ්ඩුව ගමන පටන් ගත්තේ.

අද වනවිට  විශ‍්‍රාමික වැටුප දෙගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා.  රජයේ සේවකයන්ගේ වැටුප මේ වනවිට සියයට 107 කින් වැඩිවෙලා තියෙනවා.

මේ තරම් වැටුප් හා දීමනා වැඩිකල ආණ්ඩුවක් රටේ තිබුණනම්  කරුණු සහිතව අපිට පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. ආරක්ෂක අංශ පොලිස් නිලධාරීන්ටත් අපි විශාල වශයෙන්  වැටුප් වැඩි කරලා තියෙනවා.

ඒ වගේම මෙයට අමතරව පොලිස්පතිවරයාගේ  ඉල්ලිම පරිදි පොලිස් නිලධාරීන්ගේ  දීමනාව පමණක් දින 20කින් වැඩි කරන්නත් අපි තීන්දු කරලා තියෙනවා.

ඔය පොහොට්ටුවේ ඉන්න පිරිස අවුරුදු  10ක් හමුදාව විකුණගෙන කෑවා. යුද්ධයෙන් පස්සේ හමුදාව පෙන්න පෙන්න තමන්ගේ පවුල ස්ථාවර කරගත්තා. අන්තිමට හමුදාව කුලී  සේවකයන් බවට පත් කරගත්තා. නමුත් ඒ අයට හමුදාව දිහා බලන්න අමතක වුණා. දැන් රණවිරුවන් ගැනත් කිඹුල් කදුළු හෙළනවා.

මේ විදියට උද්ධමනය අවම කරලා අනික් පැත්තෙන්  ජනතාවට ලබාදෙන දීමනා වැඩිකරගෙන අපි ඇත්ත වශයෙන්ම  මේ රට තුළ කවදාවත් නොකෙරුණු සංවර්ධනයකුත් කරලා තියෙනවා.

අද රාජපක්ෂලාගේ  මැතිවරණ ව්‍යාපාරය රඳා පවතින්නේ බොරුවෙන් සහ මිත්‍යාවෙන් පමණයි. මේ අයගේ බොරුවලට දැන්වීම් වලට රැවටන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 



අදහස් (2)

‘‘රාජපක්ෂවරු ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළනවා‘‘

nayana Tuesday, 15 October 2019 02:51 AM

සා.පෙළ අසමත් අපේක්ෂකයාට ඉන්න මුදල් ඇමති තුමා ආර්ථික විද්‍යාව ගැන මුකුත් ම දන්නේ නැති කෙනෙක්. අඩුම ගණනේ ළගදි නිකුත් කල ලෝක බැංකු වාර්තාවත් කියවල නැහැ. අපේ ආර්ථික වර්ධන වේගය 2014 දී 6.7 % අද 1.6%. මේ ආණ්ඩුව හිටියොත් සහ තවත් බෝම්බ නොපිරුනොත් එහි උපරිම වර්දනය 2025 දී 3.5%. ලෝකයේ 4 වන දුප්පත් රට කියපු බංග්ලාදේශය 8% කින් වර්ධනය වන විට අපි ඉන්නේ ඇෆ්ගනිස්තානේ ළඟ.

:       1       0

upali Tuesday, 15 October 2019 05:01 AM

මගුල් ගෙදෙර ගිහිල්ලා කේක් කනකොට ඕක කියන්න අමතක උනාද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 754 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site