IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘රාජපක්ෂවරුන්ගේ නඩු විතරක් අහන්න වෙනම අධිකරණයක් බෑ‘

(දිලීප් ජයසේකර)

රාජපක්ෂවරුන්ගේ පමණක් නඩු ඇසීමට වෙනම අධිකරණයක් පිහිටුවීමට හැකියාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

“මම දන්නේ නෑ එහෙම පුළුවන් කමක් තියෙනවද කියලා.අනික තමයි අපිට ඕවා ගැන හොය හොයා යන්න වෙලාවක් නෑ.අපිට ඕනේ වැඩ කරන්න මිසක් නඩු ගැන කතා කර කර ඉන්න නෙමෙයි.ඒකෙන් කියවෙන්නේ නෑ හොරකම් කරන අයට අපි කැමතියි කියලා.අපි කියන්නේ ඒ ආණ්ඩුවේ වේවා මේ ආණ්ඩුවේ වේවා වැරදි කරන හොරකම් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි.අපිට ඕනේ මේ රටේ පිරිසිදු දේශපාලනයක් ඇතිකරන්න.ඉදිරියේදි හෝ එවැනි තත්ත්වයක් ඇති කිරිමට අපි කැපවි කටයුතු කරනවා“

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නැතැයි ඒ මහතා පවසයි.

“විජයදාස රාජපක්ෂ මහතා  පිළිබදව අපිට නම් කිසිදු ගැටලුවක් නෑ.එතුමාට විරුද්ධව හෝ එතුමාට එරෙහිව ගේන විශ්වාස භංග  වලට නම් සහාය දීමට අපේ බලාපොරොත්තුවක් නෑ.එතුමා තරග කලේ එජාපයෙන්.ඉතින් එතුමා පිළිබදව තීන්දු තීරණ ගන්නේ එජාපයේ අයයි.ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්තයට එරෙහිව ගේන විශ්වාස භංග වලට අපේ සහායක් නෑ“

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) සුරියවැව වැදිවැව පැවති ජනහමුවකදීය.
 
“ඒ වගේම කියන්න ඕනේ දැන් ඩිලාන් පෙරේරා මහත්තයයි මායි අතරේ විරසකයක් තියෙනවා වගේ මාධ්යට මගින් පෙන්නනවා.නමුත් කියන්න ඕනේ පෙරේදාත් අපි දෙන්නා එකට තමයි කෑම කෑවේ.පෙරේදා බදුල්ලෙදි පැවති ජන හමුවකදී එතුමා කළ පොඩි විහිළුවක් තමයි මේ දුර දිග යමින් තියෙන්නේ.ඒ නිසා මම කියනවා ඩිලාන් පෙරේරා මහත්තයා හා මා එක්ක කිසිදු ගැටුමක් නෑ කියලා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (3)

‘රාජපක්ෂවරුන්ගේ නඩු විතරක් අහන්න වෙනම අධිකරණයක් බෑ‘

THAMINDU DULVAN Sunday, 20 August 2017 02:03 PM

දෙපැත්ත බේරාගෙනම ඇමතිතුමා ඇත්ත කියනවා. රාජපක්ෂවරුන්ට විතරක් වුණොත් එකේ වෙනසක් පේනවා. එකට කෑවත් බොක්ක වෙනස් කියලා ඇමති තුමාගේ අලුත් නායකයාම ආප්ප කාලම ඔප්පු කලා මතකද..?

:       0       2

de silva Sunday, 20 August 2017 10:42 PM

රාජපක්ෂ නමින් වාරයක් , ගුවන් තොටුපලක් , ක්‍රිකට් පිටන්නියක් තිබෙනවා, අඩුපාඩුවකට තිබෙන්නේ උසාවියක් පමණි , ඔන්න ඕකත් හදල රාජපක්ෂ පවුලේ කාට හරි කියල විවුර්ත කරලා දමන්න

:       0       0

Senarath Monday, 21 August 2017 03:35 AM

සරලව ජීවත්වීම කියාදුන්නේ බුදුහාමුදුරුවෝ. ඒක ආයෙත් තවත් කියාදෙන්න කවුරුවත් ඕනේ නැහැ. ඒ තරමට බුදු දහමේ ඒ ගැන උගන්වනවා. ඉන්පසුව මහත්මා ගන්දිත් එය ක්‍රියාවෙන් පෙන්වා දුන්න. බැලුවොත් ඇත්නම් උඩම තමා , මේකද සරලව ජීවත්වීම කියන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site