IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘යහපාලන අත්දැකීම් හොඳට මතකයි‘

(*** නාලක සංජීව දහනායක)

යහපාලන ආණ්ඩුවෙන් ලැබූ අත්දැකීම් අනුව ජනතාව කිසිම දිනෙක සජිත් ප්‍රේමදාසට ආණ්ඩු බලය ලබානොදෙන බව විශ්වාස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29) පැවැසීය.

මහ මැතිවරණයෙන් ජය ලබා ජනතාවට ඇහුම්කන් දෙන සංවේදී රජයක් පිහිටුවන බවද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවැසීය.

“මේ වනවිට සියලුම දේශපාලන පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය ආරම්භකර තිබෙනවා. නමුත් මහ මැතිවරණයට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම දේශපාලන පක්‍ෂය හා සන්ධානය අපි පමණයි. මහ මැතිවරණයේදී අපි තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ඉල්ලන්නේ පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් මත පදනම්වයි. යහපාලන රජය විසින් විනාශකළ රටේ අභිමානය නැවත ගොඩනගන්න ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බලාපොරොත්තුවන ආකාරයටම ජනතාව පැහැදිලි බහුතර බලයක් ලබාදෙන බව අපිට විශ්වාසයි.

එමෙන්ම ඉකුත් යහපාලන රජය මෙරට නොබැඳි ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විනාශකර දැම්මා. ඒ නිසා අපේ රට එක්තරා කඳවුරක කනිෂ්ට සාමාජිකයකු බවට පත්වුණා. ලෝකයා හමුවේ අපේ රටට අවමන් කළා. යහපාලන රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන ලෙසට යුරෝපා සංගමය අපිට තර්ජනය කරනවා. එමෙන්ම යුරෝපා සංගමය මේ වනවිට රටවල් පනස්පහකට වීසා පහසුකම් ලබාදෙනවා. නමුත් ඒ රටවල් අතරට අපේ රට ඇතුළත් කරන්නේ නැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ කාර්යයන් සිදුකරන අය රණවිරුවන්ට හා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා. මේවා පදනම් විරහිතයි. ඒ නිසා මේජර් ජනරාල් සුරේෂ් සාලෙයි විසින් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබල චරිතයක් වන යස්මින් ෂූකාට එරෙහිව වන්දි ඉල්ලා අපහාස නඩු පවරා තිබෙනවා. මෙවැනි ක්‍රියාවලින් අපේ රට බේරගන්න පුළුවන් වන්නේ රට, ජාතිය හා ආගම පිළිබඳව හැඟීමක් තිබෙන අයට පමණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ කියන්නේ එවැනි හැඟීමක් තිබෙන නායකයන් දෙපළක්.

එමෙන්ම ඉකුත් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි සහය දුන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට හිටපු ජනාධිපතිවරයා අපට පොරොන්දු වූ නිසයි. නමුත් අවුරුදු පහක් ගතවෙනතුරුත් ඔහුට ඒ පොරොන්දුව ඉටුකරගන්න බැරිවුණා. ඒ නිසා මේ රටේ පාලන තන්ත්‍රය වැදගත්ව පවත්වාගෙන යාම සඳහා අපි මේ සංශෝධනයන් අනිවාර්යයෙන්ම සිදුකරනවා. ලීසිං හා මූල්‍ය සමාගම්වල අකටයුතුකම්වලින් ජනතාව මුදාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ගත් අපගේ රජය විසින් අනුගමනය කරනවා. එම සමාගම්වල සීසර්ලට නීතිය අතට ගන්න දෙන්න බැහැ. ඔවුන් කරන ක්‍රියාවන් සාපරාධී ක්‍රියා ගණයට වැටෙනවා.

එමෙන්ම මූල්‍ය සමාගම්වල ක්‍රියාවන් අධීක්‍ෂණය කිරීමට අවශ්‍ය බලය මහ බැංකුවට නැත්නම් ඒ සඳහා අවශ්‍ය බලය ලබාදෙන්න අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ජනතාවගේ මුදල්වලින් තමන්ගේ පසුම්බි පුරවා ගන්න ක්‍රියාකරන මූල්‍ය සමාගම්වල හිමිකරුවන්ට හා අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව නීති මගින් ක්‍රියාකරන්නත් බලාපොරොත්තු වෙනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක එස්.ඒ.ඩී. ජගත් කුමාර මහතා මෙසේ පැවැසීය.

“මීට මාස හතකට විතර කලින් ජනාධිපති ධුරය බාරගන්න සූදානම් වෙලා හිටපු සජිත් ප්‍රේමදාස මහත්තය දැන් අගමැති ධුරය බාරගන්න සූදානම් කියල කියනවා. ඇමරිකාව, රුසියාව, චීනය, එංගලන්තය වැනි ලෝකයේ බලවත් රටවල් කොරෝනා වයිරසය නිසා ඇදවැටෙන විට අපිට පුළුවන්කම ලැබුණා කොරෝනා වයිරසය පාලනය කරගන්න. අපේ රටට ඒ වගේ හැකියාවක් ලැබුණේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නිවැරැදි නායකත්වය නිසයි. ජනතාවට මේ රජය ගැන ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ නිසා මහ මැතිවරණයේදී තමන් ඡන්දය දෙන්නේ කාටද කියල ජනතාව දැනටමත් තීරණය කර අවසන්” යැයි ද ඔහු කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක නීතිඥ මධුර විතානගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.



අදහස් (0)

‘යහපාලන අත්දැකීම් හොඳට මතකයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site