IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යුද්ධයෙන් පසුව අපට දැක්මක් තිබුණේ නෑ - කථානායක

හර්ෂණ තුෂාර සිල්වා

යුද්ධයෙන් පසු සියල්ලෝම ඒකරාශී කරගන්නා වූ ශ්‍රී ලංකාවක් උදෙසා දැක්මක් නිර්මාණය කරගැනීමට අපට නොහැකි වූයේ යැයි කතානායක කරු ජයසූරිය මහතා අද (19) ප්‍රකාශ කළේය.

දේශමාන්‍ය අල්හාජ් බාකීර් මාකර් මහතාගේ 21 වන ගුණ සමරු දෙසුම පවත්වමින් කතානායක කරු ජයසූරිය මහතා ඒ බව සඳහන් කළේය.

ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකර් පදනම වාර්ෂිකව සංවිධානය කරන දේශනය මෙවර ‘සියල්ලෝ ඒකරාශී කරගන්නා වූ ශ්‍රී ලංකාවක් උදෙසා දැක්ම’ යන තේමාව යටතේ කොළඹ පදනම ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.

         “අප සියලු දෙනාම මිනිසුන් නිසා ජාතිය ආගම කුලය කුමක් වුවත් අප මිනිසුන් ලෙස ජීව විද්‍යාත්මක ලෙස එකම සත්ව කොට්ඨාසයක්. එය අවබෝධ කරගැනීම ඉතා වැදගත්. වර්තමාන ලෝකයේ අප දකින කණගාටුදායක තත්ත්ව බොහෝමයක් අත්විඳින්නේ මේ සත්‍යයට පිටුපා කටයුතු කරන නිසයි.

එක් අයකු තවත් අයකු අභිබවා යෑමට පෙන්වා දෙන හේතු ඉතාමත් ඛේදනීයයි.

ආගමක් තවත් ආගමකට වඩා ඉහළින් සැලකීම, ජාතියක් ලෙස තවත් ජාතියකට වඩා ඉහළින් සැලකීම, කුල ගෝත්‍රයක් තවත් කුල ගෝත්‍රයකට වඩා ඉහළින් සැලකීම වැනි අවාසනාවන්ත සාධක තුළ අද ලෝකය හැම තැනම ගැටුම් නිර්මාණය වී තිබෙනවා. මේවාට දේශපාලනය, බලය ලබාගැනීම වැනි සාධක එක්වීම තුළින් සිදුවන්නේ මහා විනාශයක්.

දශක තුනක කුරිරු යුද්ධයකට පසු ශ්‍රී ලංකාවේ අපි අද මුහුණ දී සිටින අර්බුදය කුමක් ද ? සැබැවින්ම ඔබ අප හමුවේ තිබෙන මාතෘකාව එයයි. සියල්ලෝම ඒකරාශී කරගන්නා වූ ශ්‍රී ලංකාවක් උදෙසා වන දැක්මක් නිර්මාණය කර ගැනීමයි.

වසර 2009 යුද්ධය නිමා වූ පසු අපට මේ ජයග්‍රහණය හිමි කරගැනීමට හැකියාව ලැබුණා ද ? අප එය මඟ හැර කටයුතු කළා යැයි මා විශ්වාස කරනවා”.

ඡායාරූප ශාන්ත රත්නායක 

 

 

 

 

 

 



අදහස් (0)

යුද්ධයෙන් පසුව අපට දැක්මක් තිබුණේ නෑ - කථානායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site