(මුදිතා දයානන්ද )
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පරාජය වුණොත් අපේ රටේ ජනතාව අසරණභාවයේ පතුලටම තල්ලු කරන බවද ජයගතහොත් මෙරට සංවර්ධනය කරා නව දිසාවකට ගමන් කරන රාජ්‍යයක් බවට පත්වනු ඇති බවද ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පදනම් ආයතනයේදී පැවති රටට නොකියන විකිණීමේ ඇත්ත සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
මේ වසර ආරම්භයේදීම විදුලි බල මණ්ඩලයට කොටස් කර විකිණීමේ පනත මෙන්ම විකිණීමට එරෙහි සටන මැඩ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද ඔහු පැවසීය. රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් වැඩ කටයුතු කඩිනම්කර ඇති බවද එය ආර්ථික අර්බුදය නිසා මෙන්ම අතයට ගනුදෙනු වෙනුවෙන් යොදා ගන්නා බවද ඔහු පැවසීය.ඒ නිසා ඉදිරි කාලය තුල මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ ඉතා විශාල විනාශකාරී අඩියකට වැටෙන බවද දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව එසේ කටයුතු කරද්දී ඔවුන්ගේ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිවලට විරුද්ධව මේ රටේ ජාතික පිබිදීමක් ඇති කර, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කර එයට ජනතාව සම්බන්ධ කරගනිමින් නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳවත් නීතියේ විධානය ආධිපත්‍යය තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, නව දේශපාලන ගමනකට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද සාකච්ඡා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය. අනෙක් කණ්ඩායම කුණු එකතු කරමින් යන බවද ඒ නිසා රටේ තීව්‍රැ දේශපාලන බෙදීම් ඇති වෙමින් පවතින බවද දිසානායක මහතා පැවසීය. තමන් ඇරඹූ සටන ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු බවද ඒ සදහා විවේකයක් නැතිව වැඩ කරන්න සිදුවන බවද ඔහු පැවසීය.
ලංකාව ජාතික පිබිදීමකින් නිර්මාණය වුණු රාජ්‍යයක් නොවන බවද එසේ ගොඩනැගුණු රාජ්‍යයන් සංවර්ධනයේ ඉදිරියට ගිය බවද ලංකාව ක්‍රමයෙන් ආපස්සටම ගිය බවද ඔහු පැවසීය. ඉන්දියාවේ නිදහස් සටනේ නේරුලා, ගාන්ධිලා, පාතෙල්ලා, වගේ ජාතික නායකයින් සිටිද්දී මෙරට සිටියේ සුද්දන්ගේ පාලනයට අවතනය කටයුතු කළ ස්ටීවන්ලා , ජුනියස් රිචඞ්ලා , සොලමන් ඩයස්ලා වැනි පරාධීන නායකයන් බවද ඔහු පැවසීය.
ගොවියා, ධීවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවා තම තමන් ගැන සිතමින් කටයුතු කරනවා වෙනුවට නව ජාතික පිබිදීමකින් කටයුතු කළ යුතු බවද 2024 කියන්නේ ජාතික හැඟීමකින් යුතු ජනතාවක් ඊට අදාළ දේශපාලන නායක්වයක සිටින ජාතික ජන බලවේගයේ අතට සුක්කානම ලබාදීමේ වර්ෂය බවද ඒ සඳහා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කරමු යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
sunil Wednesday, 10 January 2024 03:17 PM
කිසිවක් කියන්න නැහැ... හැමවෙලේම මැරෙන එකයි වෙන්නේ...
fairoos Monday, 15 January 2024 05:06 PM
මාලිමාවට ජයවේවා..!
Prabath Tuesday, 30 January 2024 09:26 AM
Die වෙයන්
Lelwala Wednesday, 14 February 2024 08:09 AM
එයා ලංකාවේ facebook සභාපති කෙනෙක් වෙන්න ඇති.
Liliput Monday, 11 March 2024 04:50 PM
මේ මහදැන මුත්තයි, පුවක් බඩිල්ලයි පසුගිය මහමැතිවරණය අවසානයේ තිබ්බ මාධ්‍ය හමුවේදී මේ ඩබලම දිගට හරහට ඡන්ද දායකයින්ට දෙස් දෙවොල් තිබ්බ ජෙප්පලාට ඡන්දේ දුන්නේ නෑ කියලා, යූටියුබ් එකෙන් බලන්න පුළුවන්. දැන් තරුණයින්ට පයින් ගහලා කාන්තා කෙස් වලල්ලේ එල්ලිලා ඡන්ද හිඟාකනවා. දැන් මේ කටිටිය ඔක්කෝටම මේ ඡන්දෙන් පස්සේ පඩික්කමයි හාන්සි පුටුවයි පිං තකා දෙන්න ලෑස්ති කරන් ඉන්නේ.. ඔව් ඔව් 100%ක් හරි. මේක ඩූ ඕ ඩයි සටනක්ම තමයි.