IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට

(යොහාන් භාසුර)

‘වන්නි හත්පත්තු ගොවි සමුළුව’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ගොවිජනතාවකගේ සහභාගීත්වයෙන් පොල්පිතිගම මහජන ක්‍රීඩාංගනයේදී අද සවස පැවැත්විණි.

සමගි ජන බලවේගයේ සංවිධායකත්වයෙන් පැවැති මෙම සමුළුවට  දිවයිනේ සතර දෙසින් පැමිණි අති   විශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.

එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය. රනිල් - රාජපක්ෂ රට වනසන හවුල් ආණ්ඩුවෙන් මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ඇති බවත් එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

රටට නිවැරදි ඉඩම් පරිහරණ සැළසුමක් නොමැති වීම නිසා අප රටේ සංවර්ධන රටාව තිරසර කරනවා වෙනුවට අවිධිමත්ව ක්‍රියාත්මක වන බැවින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සහ රට සැළැසුමක් අනුව ඉදිරියට යාමට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කර ගොවි බිම, සංවර්ධිත බිම්, ජනපද භූමි, වනසත්ව භූමි ආදිය තීරණය කළ යුතුයි.   එවැනි දෙයක් ස්ථාපිත කිරීමට සමගි ජන බලවේගය සූදානම්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන හරහා යාවත්කාලින කළ කෘෂි තොරතුරු පද්ධතියක් නිර්මාණය කර ඒ තුළින් ගොවි ජනතාවට වඩාත් සුදුසු බෝගය ආදිය සම්බන්ධ තීරණය කළ හැකියි. ඒ තුළින් කාලගුණ තොරතුරු මෙන්ම අනෙකුත් තොරතුරු ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාගේ දූදරුවන් සුහුරු දරුවන් බවට පත් කර ගොවියන් සුහුරු ගොවියන් බවට පත් කිරීමේ නූතන කෘෂිකර්මාන්ත විප්ලවය දියත් කරනවා.

මෝල් හිමියන් කිහිප දෙනකු මෝල් මාෆියාවක් ක්‍රියාත්මක කර ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් විනාශ කරන බැවින් හර්ෂ ද සිල්වා මැතිතුමාගේ කාලයේ ශක්ති වැඩසටහනෙන් කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිය ලැබුවා සේ ඒ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කර කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළින් සුදු අලියකු බවට පත්ව ඇති වී අළෙවි මණ්ඩලය ශක්තිමත් කර පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකට එකතු වී තරගකාරි වෙළෙදපොලක් නිර්මාණය කර වී ගොවියා රැකගන්නාවා. 

මෙරට බීජ සුරක්ෂිතභාවය තහවුරු වන වැඩසටහනකට යොමු වී මේ සදහා රාජ්‍ය මැදිහත්වීමෙන් වී බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන බවත් එය ජාතික ආරක්ෂාවට පවා වැදගත් වන ආනයන මත පදනම් වුවහොත් අනාරක්ෂිතභාවයක් ඇති වන නිසා බීජ හා රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතිවලට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෘත්තීය ගොවියන් බිහි කර ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කර වෘත්තීය සුහුරු ගොවියා බිහි කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් මේ ගැටලුවලට තිරසර විසදුම් ලබා දෙන බවත් විපක්‍ෂ නිායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

ගොවියා සමගි ඇති කර ගන්නා සමාජ ගිවිසුම කෘෂිකර්මාන්ත ජනාධිපති කාර්ය සාධන බලකායක් හරහා ගොවි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කර ගොවියා රජුන් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (9)

වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට

Chandana Sunday, 11 February 2024 08:01 PM

මාලිමාවේ එක ආසනේක ගොවි සමුළුවක මීට වඩා සෙනග ඉන්නවා

:       22       35

වීර Monday, 12 February 2024 06:05 AM

අපේ රටේ ඊළඟ වහල් කරුමේ...!

:       11       36

Chandima Monday, 12 February 2024 06:21 AM

වන්නි හත්පත්තුවේ කිව්වට බලපුවාම සිවු දෙසින් ආපු සෙනගනේ... මහ ජනකායක් වගේ තියෙන්නේ..? හැම තැනම මීටින් වලට යන කට්ටිය වගේ...!

:       12       32

gayan Monday, 12 February 2024 09:50 AM

මේකට ජන ගඟක් කියනවා නම් ගඟට මොකක්ද කියන්නේ?

:       14       35

dimuth Monday, 12 February 2024 10:26 AM

NPP හි රැස්වීම් ජනතාව ගණන් බලන්න.

:       13       33

ගාමිනි Monday, 12 February 2024 12:35 PM

සජබෙට ජය වේවා..!

:       33       16

Nimal Monday, 12 February 2024 01:29 PM

මේකටද මහ ජනකායක් කියලා කියන්නේ?

:       11       29

buwaa Thursday, 15 February 2024 10:47 AM

සමගි ජන බලවේගයේ සංවිධායකත්වයෙන් පැවැති මෙම සමුළුවට දිවයිනේ සතර දෙසින් පැමිණි අති විශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.හිනා ඕයි

:       3       19

Amara Friday, 16 February 2024 10:15 PM

පොල්පිතිගමනේ... පව් නේ...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site