IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


“මහපොළොව තමන්ගේ නොව තමන් මහපොළොවේ බව සිතිය යුතුයි“

 

(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)

ඉකුත් වසර 50 ක 60 ක කාලය ගතහොත් වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් විනාශ කිරීමේ කටයුතු සඳහා නායකත්වය දී ඇත්තේ දේශපාලනඥයන් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව, හබරණදී පෙරේදා (12) පැවසීය.

මිනිසා මහපොළොව තමන්ගේ බව සිතා කටයුතු කළද එය එසේ නොවන බව කී ජනාධිපතිවරයා තමා මහපොළොවට අයිති කොටසක් බව දැනගෙන මිනිසා කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයත්, වනජීවී දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කළ වනරෝපා රුක්රෝපණ ව්‍යාපෘතිය හා ලංකා බැංකුවේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ හරිත අරණ ව්‍යාපෘතීන්හි සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
හබරණ, ගල්ඔය රක්ෂිතයේදී පෙරේදා (12) මෙම උත්සවය පැවැත්විණි.

කඩොලාන වනාන්තර ඇතුළු මෙතෙක් අනාරක්ෂිතව පැවැති රක්ෂිත භූමි 65 ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමේ ගැසට් පත්‍ර 65 කට අස්සන් තැබීමද ජනාධිපතිවරයා අතින් ඒ උත්සවයේදී සිදු කෙරිණි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව, හබරණ අඩවියේ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 250 ක භූමි භාගයක පැළ 80,000 ක් සිටුවීමට ලංකා බැංකුව හරිත අරණ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇත.

එහි සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා ප්‍රථමයෙන් එම භූමියේ මී පැළයක් රෝපණය කළේය.
ඉන්පසුව එහි පැවැති උත්සව සභාව අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අද ලෝකයේ බොහෝ රටවල අපිට වගේ වාසනාවන්ත ස්වභාවික සම්පත් නෑ. අපිට වගේ ජලය නෑ. ලෝකයේ එක එක රටවල්වලින් බොන්න වතුර ගේන්නේ. අපිට වගේ හිරුඑළිය හඳ එළිය ලැබෙන්නේ නෑ. අපිට වගේ සාරවත් ජෛව විවිධත්වයෙන් යුත් මහ පොළොවක් සතා සිවුපාවුන් ලස්සන වනාන්තර දකින්න නෑ. නමුත් අපිට ඒ සියලු දේ තිබෙනවා.
 
ප්‍රශ්නය ඒවා නිසි සම්පත් කළමනාකරණයක් කර ගැනීමට අපිට තිබෙන නොහැකියාවයි. සියලු දේවල්වල තිබෙන දූෂණ ජාවාරම් අක්‍රමිකතා ස්වභාව ධර්මයත් ඒකට ලක්වෙනවා. ස්වභාවික සම්පත් අපේ රටේ වඩාත්ම විනාශ කළේ පහුගිය අවුරුදු 50 ක් 60 ක් හොයලා බැලුවොත් ඊට නායකත්වය අරන් තියෙන්නේ දේශපාලනඥයෝ. ඊළඟට ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ. ඊට සහයෝගය දෙන රාජ්‍ය නිලධාරීන්.

අපේ ලස්සන දිවයින අපි රැකගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි වන ඝනත්වය වර්ධනය කිරීම සඳහා මීට අවුරුදු හතරකට කලින් මේ වැඩසටහන පටන් ගත්තේ.

රාජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ වන ඝනත්වය ලංකාවේ අඩුවෙලා තිබෙනවා. නමුත් අපේ වැඩසටහන් තුළ වන ඝනත්වය යම් ප්‍රමාණයකින් වැඩිවෙලා තිබෙනවා. එය සියලු සත්වයා සඳහා කරන ලද මහා පුණ්‍ය කර්මයක් විදියටයි අපි දකින්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ මහ පොළොව මිනිස්සුන්ගේ කියලා.

නමුත් මහ පොළොව මිනිස්සුන්ගේ නෙවෙයි. මිනිස්සු කියන්නේ මහ පොළොවට අයිති කොටසක්. නමුත් අපි මොන තරම් පොළොව විනාශ කරනවාද? ඒ නිසා අද ලෝකයේ ප්‍රධාන වශයෙන්ම විද්‍යාඥයන්ගේ විද්වතුන්ගේ දේශපාලනඥයින්ගේත් වඩාත්ම ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න වර්ධනය වන ගෝලීය උෂ්ණත්වයත් සමග හැම කෙනෙක්ම ඉදිරියට එන්න පටන්ගත්තේ. 2015 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කීමූන් පැරිස්වල මුළු ලෝකයේ රාජ්‍ය නායකයන් කැඳවලා ගිවිසුමක් අත්සන් කළා ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න.

නමුත් ලෝකයේ බලවතුන් ඒකට අස්සන් කළේ නෑ. කාර්මිකකරණය අධිතාක්ෂණයත් සමග ස්වභාවික සම්පත්වල වටිනාකම් නොදැන විනාශ කරන මහා ධනවත් රටවල්, ඇමරිකා වගේ රටවල් ඒ ගිවිසුමෙන් ඈත්වුණා. සමහරු ඒ අත්සන් කරපු ඒවයින් අයින්වුණා.

මේ ප්‍රදේශයේ වන හායනයක්, විනාශයක් සිද්ධ වෙලා තියෙන නිසා පැළ සිටුවනවයි කියලා. මගේ ඔළුවෙ තියෙන කෙස් ගානට වගේ මේ පාරේ එහාට මෙහාට ගිහිල්ලා තියෙනවා. මේ දිගට තිබුණු කැලෑව කවුද විනාශ කෙරුවේ.

රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ කැමැත්තෙන් තමයි ගස් කපාගන්න දුන්නේ. මම ඒක හොඳටම දන්නවා. ඉතින් අපි ආයේ බිලියන ගාණක් වියදම් කරලා අපි පැළ සිටුවනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ස්වභාවික සම්පත් රැකගැනීමට මූලික වශයෙන් අත්‍යාවශ්‍යවූ මේ පැළ සිටුවීමේ ජාතික ව්‍යාපාරයේ ඔබ අප කවුරුත් ඉතාමත් වගකීමෙන් මේ දේවල් කළ යුතුයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.ඒ.පී. වේරගොඩ මහතා උත්සවයේ පිළිගැනීමේ කථාව කළේය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රොනල්ඞ් සී. පෙරේරා යන මහත්වරුද උත්සව සභාව අමතා කථා කළහ.

මේ අවස්ථාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි හා පරිසර අමාත්‍යංශය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු සහභාගී වූහ.

 



අදහස් (1)

“මහපොළොව තමන්ගේ නොව තමන් මහපොළොවේ බව සිතිය යුතුයි“

Bandara Monday, 14 October 2019 08:49 AM

ලොක්කා කාලෙකින් තේරුමක් ඇති වාක්‍යයක් කිව්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site