IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා  වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර වන ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම නිවේදනයෙහි තවදුරටත් මෙසේද දැක්වේ.

    "ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩ වලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ.රටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කෙරෙන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහජන අවධානයට යොමු වීම නොවැලැක්විය හැකිය. රටේ නායකයන් මේ සත්‍යය වටහාගත යුතුය.

අප වෙත ලැබුණු වාර්තා හා විස්තර අනුව මෙය තර්ජනයක් වශයෙන් බොහෝ දෙනෙකු සලකන අතර ප්‍රභාකරන් ගේ ඝාතනය ගැන සඳහන් කරන හේතුවෙන් එය මරණීය තර්ජනයක් වශයෙන් ද හැඳින්වීමට පටන්ගෙන තිබේ.

සමහර ස්වාමින් වහන්සේලා විසින් එතුමාට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් වී ඇති හෙයින් ඒ කරුණ ගැන සමාජයේ හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබීම ගැන අපි අතිශය කණගාටුවට පත්වීමු.

බෞද්ධ භික්ෂුන් වහන්සේනමක් විසින් කිසි දිනක ප්‍රාණගාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව තිබේ.

මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද තම ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වී ඇත. ඒ පිළිබඳවද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ  අවධානය යොමු විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරමු. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.



අදහස් (2)

‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘

Babun Wednesday, 13 January 2021 04:37 PM

රංජා ඇතුළට ගියේ ඒකයි.

:       2       0

BamunuarachchiWednesday, 20 January 2021 06:25 AM

ගියේ යායුතු නිසයි. එහෙම කිව්වොත් වඩාත් නිවැරදියි..

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site