IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මිලිටරි හෝ ජාතිවාදී පාලනයක් මේ රටට ගැලපෙන්නේ නෑ - සරත් විජේසූරිය

 
විනීතා එම් ගමගේ
 
රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා යන දෙදෙනාම සුදුසු නැති බවත් ඔවුන් දෙදෙනාම විධායක ජනාධිපති ධුරයට ඉව අල්ලමින්  සිටින බවත් ඔප්පු වී ඇතැයි පුරවැසි බලය සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 
 
එහෙත් මිලිටරි පාලනයක් හෝ ජාතිවාදය මුල්කරගත් පාලනයක් මේ රටට ගැලපෙන්නේ නැතැයි ද හෙතෙම කියා සිටියේය. 
 
විජේසූරිය මහතා මේ අදහස් පල කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද  පැවැති පුරවැසි බලය මාධ්‍ය හමුවක දීය.  එහි දී තව දුරටත් අදහස් දැක්වූ සරත් විජේසූරිය මහතා මෙසේ ද පැවැසීය.
 
‘‘අපි බලකර කියා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ පෙළ ගැසෙන ලෙසයි. ජාතිවාදී බලවේගවලට ජනතාව ත්‍රස්ත කරන්න දොරගුළු හැර දෙන්න එපා. ජනාධිපති හා අගමැති පොරොන්දු ඉටු කර නැහැ. අරමුණු ඉටු නොකර අලංකාර කතා කියන ජනාධිපති දැන් මොනවද කරන්නේ? 
 
රටේ අභිවෘද්ධිය පතන සියලූ දෙනා 20 වැනි සංශෝධනයට පක්ෂ විය යුතුයි. 
 
සියල්ල අසාර්ථක කරගත් ඔහු වෙන දෙයක් තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍යට නායකත්වය දෙන්න පවා එතුමාට බැරි වුණා. දැන් බලන්නේ කවර අන්දමින් හෝ  බලය තබා ගන්නයි. 
 
හිටපු නීතිය හා සාමය පිළිබඳ ඇමතිත් අධිකරණ ඇමතිත් රාජකාරිය ඉටු කරන අය වීම නිසා අගමැතිට අවශ්‍ය වුණා තමන්ට හීලෑ කරගත හැකි දෙදෙනෙක් මේ තනතුරුවලට ගෙන එන්න. 
 
හිටපු ජනාධිපතිවරයා විවේචනය කරල මෙතනට ආ තලතා මේ වනවිට විශේෂ අධිකරණ පිහිටුවීමෙන් වළකින්නට කරුණු ඉදිරිපත් කරනවා. මෙතන තියෙන්නේ අමාත්‍යවරිය ගේ වරදක් නොවෙයි, අග්‍රමාත්‍යවරයාගේ නරක අදෘශ්‍යමාන මැදිහත්වීමයි. මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුට අදාළ නඩු පසෙකලා ඔහුගේ පිහිටෙන් හෝ බලයට එන උවමනාවයි තිබෙන්නේ. ‘‘



අදහස් (2)

මිලිටරි හෝ ජාතිවාදී පාලනයක් මේ රටට ගැලපෙන්නේ නෑ - සරත් විජේසූරිය

dasun Wednesday, 01 August 2018 04:42 AM

ඔබලා ගෙනා යහපාලනයයි මේ ඔක්කොටම මුල. ඒ නිසා තවත් වැදිබණ නොකියා පැත්තකට වෙන්න.

:       0       6

THILAK Sunday, 05 August 2018 09:21 AM

ආයේ මොකටද සෙට්වෙන්නේ..? කරපු හරිය හොඳටම ඇති.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site