IMG-LOGO

‘මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව කීම විහිළුවක්’

 

 

(ඩයනා උදයංගනී)

         

පළාත් සභා මැතිවරණය නව මිශ‍්‍ර ක‍්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු අවසන්ව ඇති බැවින්, පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ඇතැමුන් යෝජනා කිරීම විහිළුවක් යැයි  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

 නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කිරීම සිදුවූයේ සියලූ දේශපාලන පක්‍ෂවල කැමැත්තෙන් බව කී මහින්ද සමරසිංහ මහතා දැන් ඇතැමුන් එයට අකමැතිවීම ගැටලූවක් බව ද කීවේය.

යළිත් පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමටත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදුවන බව කී ඇමැතිවරයා නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම ඊට වඩා පහසු බව ද ප‍්‍රකාශ කළේය.

පැරණි ක‍්‍රමයේ අඩුපාඩු හේතුවෙන් නව ක‍්‍රමයක් ඇතිකර තිබියදී යළිත් එම පැරණි ක‍්‍රමයටම යාම සුදුසු නොවන බව කී ඇමැතිවරයා, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමානිර්ණ වාර්තාවේ ඇති ගැටලූ විසඳීම සඳහා පත්කර සිටින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ලැබුණු සැණින් එය ගැසට් කර මැතිවරණයකට යාමේ හැකියාව තිබෙන බව ද කීවේය.

         

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

                   

ඡායාරූප  හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (2)

‘මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව කීම විහිළුවක්’

Perakum Sunday, 07 October 2018 04:02 PM

අපි කොච්චර කිව්වත් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පටිපාටිය වෙනස් වෙන්නේ නෑ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් පැමිණි දාක එය වෙනස්කර ගැනීමට බලමු.

:       0       51

PerakumTuesday, 09 October 2018 06:39 AM

අපට අවශ්‍ය මුලික කරුණු දෙකයි. අපට අපේ කොට්ඨාශයට වග කියන නියෝජිතයෙක් සිටිය යුතුයි. අප පත්කර යවන නියෝජිතයාට පගාවට පක්ෂය මාරුකර තවදුරටත් බලයේ සිටීමට නොහැකි විය යුතුය.

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 546 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 974 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site