IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මැතිවරණයකට ඉඩ නොදීම එ.ජා.පය කළ දේශපාලන වරදක්

(බිඟුන් මේනක ගමගේ)

පාර්ලිමේන්තුවේ සංයුතිය ජනාධිපතිවරණයෙන් ලද ජනවරමට නොගැලපෙන්නේ යැයි ද ඉක්මන් මහමැතිවරණයකට යන්නට සහාය නොදීමෙන් එක්සත් ජාතික පක්ෂය බලවත් දේශපාලන වරදක් කර ඇතැයි ද 'යුතුකම' සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා 'ලංකාදීපයට' අද (18) පැවැසී ය.

කවර සීමාසහිතකම් පැවතිය ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය පාලනය දැනට කළ යුතු යැයි ද ජනාධිපතිවරයා එය තේරුම් ගෙන කටයුතු කිරීම සතුටට කරුණක් යැයි ද  කුමාරතුංග මහතා පැවසීය.

එහෙත් ඇතැමුන් කඩිමුඩි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන්නේ යැයි ද ආණ්ඩුවට හිතවත්කම් පාමින් කෙරෙන එවැනි යෝජනා වල අරමුණ වන්නේ රට වැරදි මාවතකට ඇදවැට්ටවීම යැයි ද කුමාරතුංග මහතා ලංකාදීපය සමග සමග දේශපාලන සාකච්ඡාවකට එක් වෙමින්  චෝදනා කළේය.

බොහෝ දෙනෙකුට අමතක වී ගිය ද මාර්තු මාසයේදී මාසයේදී පැමිණෙන ජිනීවා මානව හිමිකම් සැසිය රටක් හැටියට අපට මුහුණදීමට සිදුවන විශාලතම අභියෝගයක් යැයි ද කිසිදු බල කඳවුරකට නො වැටෙමින් ආණ්ඩුව අනුගමනය කරන නොබැඳි පිළිවෙත හරහා එය කළමනාකරණය කර ගැනීමට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ඒ මහතා කීය.

ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීමට නව ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දුන්න ද  මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය සහාය පළ නොකළ අතර එසේ ආණ්ඩු මාරුවකට අවස්ථාව දීම ද එජාපය කළ වරදක් යැයි දෙමළ ජාතික සන්ධානය පසුගියදා චෝදනා කළේය.



අදහස් (5)

මැතිවරණයකට ඉඩ නොදීම එ.ජා.පය කළ දේශපාලන වරදක්

නන්නාදුනන හාදයා Saturday, 18 January 2020 02:11 PM

මේ රජය පත්කර ගත්තු දූෂිත නිලධාරීන් ගැන, පවුල් සංග්‍රහය ගැන දිල්කා අැසු ප්‍රශ්නවලට මෙයාට උත්තර දෙන්න බැරිවෙලා... බොරුවට මෝඩ විදිහට හිනාවුණා..

:       0       55

raviSaturday, 18 January 2020 07:40 PM

ඉල්ලන් කෑවේ හොඳට මදි නොකියන්න..අයෙත් මිනිස්සුන්ට බොරු නොකියන්නම කෑවා. එයා කියනවා එයා ඇවිල්ලා මුනිදාස කුමාරතුංග මහතාගේ මුණුපුරාලු. මේ අහිංසක මනුස්සයෙක්.මානසික රෝහලෙන් පැනලා ඇවිත්. පින් සිදුවෙනවා මේ මනුස්සයව අයෙත් අංගොඩ මානසික රෝහලට ගෙනිහින් බාර දෙන්න. එහෙදි අමාරුම අයට දෙන ඉන්ජෙක්ෂන් කෝස් එක දවස් 45 ක් දිනපතාම දුන්නහම පියවි තත්වයට පත්වේවි. එතකම් නිතරම ඇඳේ ගැට ගහලා තියන්න වෙනවා.

:       0       43

hasangiSaturday, 18 January 2020 07:43 PM

බොරුවට නොවෙයි මෙයා කොහොමත් අමුම අමු මෝඩයෙක්. ටකරමකට,වැසිකිළි පෝච්චියකට,රුපියල් 200 කට රෙදි කෑල්ලකට විතරක් නොවෙයි අරක්කු බාගයට තියෙන කෑදරකම නිසා විහින්ම විනාශ වුන පොරක්.

:       0       23

චන්දිම Monday, 20 January 2020 03:44 PM

මේ අය ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වේ මොනවද, දැන් කියන්නේ මොනවාද...

:       0       1

Waruna Tuesday, 21 January 2020 08:29 AM

පිස්සු කතා...........මුනිදාස කුමාරතුංගටත් ලැජ්ජා කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site