IMG-LOGO

‘භාරකාර ආණ්ඩුවක් හැදීම ගන්න තියෙන හොඳම විසඳුමයි’

මුදිතා දයානන්ද 
          
භාරකාර ආණ්ඩුවක් හැදීම මේ අවස්ථාවේ රට වෙනුවෙන් ගන්න තිබෙන යහපත්ම ක‍්‍රියාමාර්ගය යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවේණාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (10) පැවසූහ.
 
අභයතිස්ස හිමියෝ මේ බව සඳහන් කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.                    
 
භාරකාර හෝ පරිවාස හෝ කුමන නමක් හැදුවද ඒ හදන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් විය යුතු යැයිද ඒ තුළින් කිසිදු ව්‍යාවස්ථා වෙනසක් නොකළ යුතු යැයිද උන්වහන්සේ පැවසූහ.  
 
2015 මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළේ නම් එවිටද සිදුවීමට නියමිතව තිබුණේ ජනපති මෛත‍්‍රීපාල මහතා යටතේ වන ආණ්ඩුවක අගමැතිකම මහින්ද රාජපක්ෂ මහතා දැරීම බවද මේ වන විට අගමැතිට වැඩි බලයක් ද පැවරී ඇති නිසා භාරකාර ආණ්ඩුවේ අගමැතිකම ඔහු භාර ගැනිමේ ගැටලූවක් නැති බවද උන්වහන්සේ පැවසූහ. 
 
දැන් කළ යුතු වන්නේ පරණ කෝන්තර අමතක කර දමා රට ගැන හිතා මේ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කර වහා මැතිවරණයකට ගොස් ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම යැයි ද අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවසූහ.



අදහස් (12)

‘භාරකාර ආණ්ඩුවක් හැදීම ගන්න තියෙන හොඳම විසඳුමයි’

Saththaya Wednesday, 10 October 2018 01:49 PM

එකොලොස්වන සිහිනය, කොසොල් රජතුමා : "ස්වාමිනි මාගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්... මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මෝරු කළයකට හුවමාරු කරනවා. ස්වාමිනී, ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ." බුදුරජානන්වහන්සේ : " රජතුමනි අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෘන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවාදීම මෙම හීනයේ තේරුමයි."

:       2572       4650

ඉන්ද්‍රජිත් Wednesday, 10 October 2018 02:34 PM

දේශපාලනය බදාගත්ත සඟ හොරුන් උපැවිදි කරවන්න ඕනේ රටේ බුද්ධ දර්ශනය නැවත නගා සිටුවිය යුතුයි.

:       486       795

Ajith Nissanka Wednesday, 10 October 2018 02:36 PM

මුන්වහන්සේලා කරන්නේ ජීවිතය දුකයි කියමින් ධර්මය දේශනා කරන ගමන් බෙන්ස් කාර් වෙනුවෙන් හොරුන්ට කඩේ යන එකයි පිරිත් නූල් ගැට ගහන එකයි...!

:       530       927

lalith Wednesday, 10 October 2018 05:01 PM

මොන ආණ්ඩුද හාමුදුරුවනේ? පුලුවන් නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මහජන මුදල් කාබසිනියා කරන රොත්ත දෙකෙන් පංගුවට බස්සලා රට රස්සාවලට යවන්න පුහුණු තාක්ෂණිකයින් ටිකකට පුහුණුව දෙනවා, නැතිනම් අපනයන ව්‍යාපාරිකයින්ට මොනවා හරි උනන්දුකරවන දෙයක් කරනවා මිසක් ඔය එකී නොකී සේරම දෙනා මෙරට මේ දක්වා පාලනය කලානේ? එව්වහේ ප්‍රතිපල නිසානේ අපි හිඟන්නෝ වෙලා ඉන්නේ.

:       0       106

rohana Thursday, 11 October 2018 01:41 AM

වර්ණපාල නියාය වගේ කියලත් හිතෙනවා.

:       2       10

piyal Thursday, 11 October 2018 03:09 AM

ලංකාවේ සංඝයා වහන්සේලා රජයට අනුසාසන දුන්නේ වසර 2500 සිටය. කලාපයේ බලගතු රාජ්‍යන් තම සංස්කෘතීන් පාවාදී ,යටත් වුවත් අඛන්ඩ ඉතිහාසයක් වසර 2500 පවත්වා ගත්තේ සඟ පරපුර මැදිහත්වීමෙනි. පෙර පන්සල සහ ජනතාව සම්බන්ධ වූ මනා ජාලයක් පැවතින. රටේ පැවැත්මට මෙය උපකාරී විය. මෙය විනාශ කලේ යටත් විජිත්වාදින්ය. තවමත් අපේ ඉතිහාසය නොදන්නා අය සිටීම කණගාටුවට කරුණකි.

:       63       338

raviThursday, 11 October 2018 06:38 AM

ඒ.. ඉතින් ඒ.. කාලෙනේ !

:       0       25

SamarasingheThursday, 11 October 2018 08:29 AM

අධිකරණයෙන් වරදකරුවන් කරපු අයගේ දඩමුදල් ගෙවන්න ඒකාලෙත් හාමුදුරුවරු පින්ඩපාතෙ වැඩියද?

:       0       107

suranga Thursday, 11 October 2018 04:28 AM

ඔළු ගෙඩි මාරැ කරලා ආණ්ඩු හදන ක්‍රමයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් බලයකට පත්වු රජයක් නැවත ජන බලයකින් ම පරදා මිස පුද්ගලික හේතු මත ආණ්ඩු මාර කල නොහැක.

:       128       328

Chandra Thursday, 11 October 2018 06:15 AM

පුදුමයට කරුණ නම් මේ රටේ නීතියක් තියෙද්දී ධර්මය ප්‍රචාරය කරන බුද්ධ පුත්‍රයන් හොදක් නරකක් නැතුව ගිහියන් වගේ හැසිරීමයි . මෙය හුදෙක් ලාබ ප්‍රයෝජන තකා කියලනම් පැහැදිලියි . රට වෙනුවෙන් නම් නොවේ . ධර්මයේ මෙවැනි දේවල් සදහන් වෙලා තියෙනවාද ? අනාගත පරපුර යහමගට යන්නේ කෙසේද ? හොද බවුද්ධයන් වන්නේ කෙසේද ?

:       134       930

athula Thursday, 11 October 2018 10:38 AM

මේ මේ ඔයාට වැරදි පෙනෙන්නේ එක පැත්තක විතරයි අපටනම් ඔක්කොම එකයි එක නිසා ඔයාට සැප ගන්න ඔය එක බද්දවෙලා රට කාපු මැරයෝ හොරුන්ට දීල රටට ඇතිවෙන සෙතක් නැහැ

:       149       567

Ananda S Wednesday, 06 March 2019 09:37 AM

මුන්වහන්සේලා කරන්නේ ජීවිතය දුකයි කියමින් ධර්මය දේශනා කරන ගමන් බෙන්ස් කාර් වෙනුවෙන් හොරුන්ට කඩේ යන එකයි, පිරිත් නූල් ගැට ගහන එකයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 565 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 999 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site