IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බැසිල්-ප්‍රසන්න ඉන්දියාවේ උවමනාවට ශ්‍රීලනිපය කඩනවාලු

පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මාල්
 

ප්‍රසන්න රණතුංග මහතා සහ  බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ පස්සර වැල්ගොල්ල ගම්මානයේ දී අද පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන් හමුවකදීය.
 
‘ජනාධිපතිට මේ පක්ෂය ශක්තිමත් කිරීමේ ලොකු උවමනාවක් තියෙනවා . ඒ අනුව තමයි එතුමා කාටත් එකතුවෙන්න කියලා ඉල්ලීමක් කරල තිබුණේ . එන්න කතාකරන්න  කියලා ඒකාබද්ධයේ අයට ඉල්ලීමක් කළා. ඒගොල්ල මොකක්ද කළේ කොන්දේසි 6 ක් සහිතව ලිපියක් යවලා තියෙනවා .
 
ඒ කොන්දේසි 6 ගැන හරි  සාකච්චා කරන්න එන්න තිබුනා නේ. මොකද එතුමා කාලයක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලෙක්ම්තුමානේ . කාරනා කාරනා හරිද   වැරැදිද , ඒවාට එකග වෙනවාද  නැද්ද  ඒගොල්ලන්ගේ අදහස් මොනවාද සංවාද ශීලීව සාකච්චා කරනන් එන්න තිබුණා.
 
එහෙම ඉන්නේ නැතිව  රට අස්ථාවර කිරිම සඳහා විවිධ දේ කරන්නේ ඉන්දියාවේ උවමනාවට. ඉන්දියාවට ඕන විදියට මේ රට මෙහෙයවන්න දෙන්න මේ රටේ කවුරුවත් කැමැති වෙන්නේ නැහැ. මගෙන් සමහරු අහනවා  මහ ඇමතිතුමා  මහින්දගෙ ද මෛත්‍රීගේද  කියලා.  ඒක අහන්න ඕන මගේ අම්මාගෙන් නේ. මම ඉතින් එහෙම උත්තර දෙනවා.‘ යැයි   මහ ඇමතිවරයා  කීවේය . 



අදහස් (8)

බැසිල්-ප්‍රසන්න ඉන්දියාවේ උවමනාවට ශ්‍රීලනිපය කඩනවාලු

siri Sunday, 05 November 2017 09:36 AM

චාමර, තමුන් වදාපු අම්මටත් අපහාස කරන එකේ ජනතාවට කොහොම කරයිද? ජනතාව ඉතා සරල ප්‍රශ්නයක් අහපුවම ඒක අම්මාගෙන් අහන්න කියන්න තරම් ඇයි පහත් තත්වයකට වැටුනේ? ජනතාව ඔබට වඩා බුද්ධිමත් බව ඔබට තේරේවි ඊළඟ ඡන්දෙදි.. එදාට ඔබට අම්මා මතක් කරකර ඉන්න වෙන බව නම් සිකුරුයි..

:       1       313

bamunuarachchiWednesday, 08 November 2017 02:45 PM

ඉතින් ඔබේ අම්ම ලඟට යන හැම කෙනාම ඕක අහනවා අම්ම කියනවා පුතාගේ තාත්තාගෙන් අහ ගන්න කියලා.

:       0       0

bamunuarachchiWednesday, 08 November 2017 02:46 PM

"තරම් ඇයි පහත් තත්වයකට වැටුනේ?" මේ ගොල්ලන්ට වැටෙන්න තව පහත් තත්ව තිබෙනවාද?

:       0       0

kumar (galf) Sunday, 05 November 2017 09:43 AM

ඔයා නිකන් රෝ එකට ගතුකියලා, හොඳ පරිප්පුවක් කන්න වගේ බලන්නේ....

:       0       93

Senarath Sunday, 05 November 2017 10:24 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කලේ දැනට ඉන්න සභාපතිතුමා. පසුගිය ඡන්දෙදි එතුමා කිව්වා. දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වේ කව්ද? ඒවා පක්ෂෙට වැටෙන ඡන්ද නැවතීමක් නෙමෙයිද? එ්කේ වාසිය ගත්තේ එජාප එක. ඒ නිසා කොහෙවත් ඉන්න රෝ එකක් ගාව ගන්න ඕනේ නැහැ. රෝ එකට ඕනේ නම් සභාපතිතුමා කියන සුනන්ගුවට එ්ක කරාවි.

:       0       307

Raveendra Sunday, 05 November 2017 03:05 PM

අනේද කියන්නේ මේ අය පක්ෂ, පාට බදාගෙන එකිනෙකාට ආඩපාලි කියමින් කාලය ගතකරනවා හැර වෙනත්දෙයක් නොමැත. රට වෙනුවෙන් වැදගත් වන වැඩ ගැන කතා කරන්න.

:       0       34

minipe Sunday, 05 November 2017 04:56 PM

අපේ වැරදි වලට කාට හරි චෝදනා කිරීම, බොහෝ කලක සිට පැවතිගෙන සිරිතක්.සමහරු සතියකට වරක් මොනවා හරි දොඩනවා, මහජනයාගේ අවධානය ලබා ගන්න.

:       0       22

jana Tuesday, 07 November 2017 08:36 AM

ගිය ඡන්දයට ඔය මහත්හොරු කගේ උවමනාවටද කඩේ ගියේ?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site