IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘බොරු ප්‍රචාර කරන විරුද්ධ පිලේ අරමුණ තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමයි‘‘

(නාලක සංජීව දහනායක)

යුද්ධය අවසන් කළ තමන්ට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනයමින් තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමට විරුද්ධ පාර්ශවය කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෙනසුරාදා (05) පැවැසීය.
 
ඉකුත් රජය යුද්ධය අවසන් කළ නිසා අද සියලුම දෙනාට සංවර්ධනය ගැන කතා කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවද ඔහු කීය.
 
 කන්ද උඩරට තරුණ සංසදයේ සංවිධායකත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී ඉකුත්දා පැවැති සමුළුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.

මැතිවරණ සමයේදී විවිධ පුද්ගලයන් විවිධාකාර පොරොන්දු දෙනවා. ඒ මැතිවරණ පොරොන්දුවලට වඩා ඔබගේ අනාගතය ඔබ අතට ගන්නේ කොහොමද කියන කාරණය පිළිබදව කතා කරන්නට මම කැමතියි. වතුකරයේ තරුණයන් වශයෙන් ඔබට අවශ්‍ය ආකාරයට අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. මීට වසර සියයකට පමණ පෙර තිබූ නිවාසම අදත් තිබෙනවා. මේ ප්‍රශ්නවලට කෙටිකාලීනව හා දීර්ඝ කාලීනව විසඳුම් දිය යුතුයි. එමෙන්ම වතුකරයේ ජීවත්වන ඔබගේ ජීවිතය ගැන වතු ආර්ථිකය පැත්තෙන් පමණක්ම නොසිතා විසඳුම් දිය යුතුයි.

අපේ රටට විදේශ විනිමය ලැබෙන්නේ වතු ආර්ථිකයෙන්. නමුත් ඔබ ගැන කතාකරන විට තේ ආර්ථිකය ගැනම කතා කරනවානම් එය අසාධාරණයි. ඔබගේ ජීවිත ඉහළට ගෙන ආ යුතු ආකාරය පිළිබඳව සිතා මෙම ප්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ අධ්‍යාපනයෙන් ඉහළට පැමිණිය යුතුයි. තමන් ජීවත්වන පරිසරය තුළින් හැමදාම දකින තේ වත්තට වඩා වෙනත් දෙයක් දකින්න ඔබ කැමැතිවිය යුතුයි.


වතුකරයේ ජීවත්වන ඔබගේ ජීවිතය කෙටිකාලීනව හා දීර්ඝ කාලීනව හොඳ තැනකට ගෙන ආ හැකි පියවර ගැනීමට අප යොමුවිය යුතුයි. මා කතා කරන්නේ අද මෙතැන ඉන්න ඔබ ගැනම පමණක් නොව වතුකරයේ සිටින සමස්ත ජනතාව ගැනයි. මෙතන සාමාන්‍ය පෙළ දක්වා, උසස් පෙළ දක්වා, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසු තරමට ඉගෙනගත් අය සිටින්න පුළුවන්. නමුත් වතුකරයේ බොහෝ පළාත්වල අධ්‍යාපනය තිබෙන්නේ පහළ ස්ථානයක. සෑම කෙනකුටම අධ්‍යාපනය ලැබිය හැකි ආකාරයට ආර්ථිකයට දායක විය හැකි අධ්‍යාපන ක්‍රමයක් සඳහා අපි ඉක්මනින් යොමුවිය යුතුයි. පොදුවේ ලංකාවේ සියලු_ම තරුණ තරුණියන්ට හොඳ රැකියාවක් ලැබීමේ හැකියාවක් හෙවත් නිපුණත්වයක් ලබාගැනීමට රජයන් අවස්ථාවක් නොදීම අද වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. තාක්ෂණික හෝ කාර්මික විද්‍යාල හරහා ඔබට රැකියා ලබා ගැනීමට හැකි දැනුමක් නිපුණත්වයක් ලබා දිය යුතුයි. මෙය අපට කෙටි කාලීනව කළ හැකි දෙයක්. නමුත් නිපුණත්වයක් නැතිව රැකියාවක් සොයාගෙන කොළඹට ආවොත් ඔබ බලාපොරොත්තු වෙන ආදායම හෝ ජීවිතය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.

හැමදාම වත්තේ වැඩ කරලා ලබන වේතනය විතරක් ඔබට සෑහෙන්නෙ නෑ. එයින් මිදී ඔබගේ ජීවිතය හොඳ තත්ත්වයකට ගෙනඒමට හැකි ආර්ථික ක්‍රමවේදයකට යොමු වෙන්නේ කොහොමද කියන දේ ගැන සොයා බැලිය යුතුයි. ඔබගේ ප්‍රදේශයේ නගරය දිහා බලන්න. මේ නගර නවීන ආකාරයට දියුණු කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය හරහා ඕනෑතරම් රැකියා නිෂ්පාදනය කළ හැකියි. කොළඹ සිට මාතර දක්වා යන විට සංචාරකයන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය වී තිබෙන හැටි දකිනවා. නමුත් කොළඹ සිට නුවරඑළිය දක්වා යනකොට අපි එවැන්නක් දකින්නේ නැහැ. හැම සංචාරකයෙක්ම නුවරඑළියේ නැවතීමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සංචාරකයන් නවත්වා ගැනීමේ හැකියාව ඇති විශාල අවස්ථාවන් මේ අතරමග තිබෙනවා. ස්වාභාවික පරිසරය සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි දියුණු කිරීම මගින් අපට ආදායම් මාර්ග ඇති කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් මේ ප්‍රදේශවල රැකියා උත්පාදනය කිරීමටත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීමටත් හැකියි. අපි වෙනස් කළ යුත්තේ මෙයයි.

අපේ අනාගතේ අපේ අතේ කියමින් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ අනාගතය ඉස්සරහට ගෙන යන්න අවස්ථාවක්. මෙවැනි අවස්ථා නිර්මාණය කිරීම හරහා ආර්ථීකයේ නව අවස්ථා වතුකරයේ තරුණ තරුණියන් අතරට ගෙන යා හැකියි. අනිවාර්යෙන්ම අධ්‍යාපනය දියුණු කළ යුතුයි. අධ්‍යාපනය දියුණු නොකළ මේ නව ආර්ථිකය තුළ හොඳ වේතනයක් ලැබිය හැකි රැකියාවක් ලබාගන්න සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසයි කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව මෙය වෙනස් කළ යුතු බව මම සඳහන් කරන්නේ. රජයක් ලෙස අපි ඒ සඳහා අවස්ථාව සකස් කර දිය යුතුයි. ඒ හරහා අදට වඩා ඉහළ තත්ත්වයක් ඔබට ලබාගත හැකියි.

ආර්ථිකය දියුණු කිරීම හරහා සමාජයේ එක් කොටසක් පමණක් විශාල ආදායමක් ලබනවා වෙනුවට සමස්ත සමාජයම විශාල ආදායමක් ලැබීමට යොමු කිරීම මගේ අදහසයි. ඒක පුද්ගල ආදායම ඉහළ ගියත් සමහර ජනතාව දුප්පත්. ඒ විදියට එක ජනකොටසක් දුප්පත්ව සිටිනවා නම් අපි මොනතරම් සංවර්ධන කටයුතුවලට එළඹුණත් වැඩක් නැහැ. පහත්ම මට්ටමේ ජනතාව ඉහළට ඔසවා තබන්න, අඩුම තරමේ තමන්ට තුන් වේල කාලා ජීවත්වීමට හැකි ආර්ථික ක්‍රමවේදයක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නෙවෙයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළා. ලංකාව පුරා යටිතල පහසුකම් දියුණු වුණේ ඒ කාලයෙයි.

යුද්ධය ආරම්භ කළේ අපි නෙවෙයි. යුද්ධය ආරම්භ කළේ අද ආණ්ඩුවේ ඉන්නා අයයි. අපි යුද්ධය අවසන් කරපු අයයි. ඒ යුද්ධය අවසන් කිරීම නිසා වසර දහයක් තුළ කිසිම ජීවිතයක් විනාශ වුණේ නැහැ. 2009 සිට මේ වන තෙක් යුද්ධය තිබුණානම් ජීවිත කීයක් විනාශ වෙනවද. හමුදාවේ එල්.ටී.ටී.ඊ.යේ, සිවිල් ජනතාවගේ, සිංහල සිවිල් ජනතාවගේ පමණක් නොවෙයි ආර්ථික මර්මස්ථාන කොපමණ විනාශ වෙන්න තිබුණද? යුද්ධයක් තිබියදී උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනයක් කරන්න බැහැ. දරුවන්ට පාසල් යන්න පුළුවන්ද. ඒ පැතිවල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.
 
1983 ඇතිවුණු තත්ත්වය ඇති කළේ අපි නොවෙයි. යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන් කිරීම නිසා රට සංවර්ධනය කරන්න අවස්ථාව ලැබුණා. ජීවිත බේරුණා. මේවා ජනතාවට ලැබුණු සහන. නමුත් ජනතාව අතරට යවලා තියෙන්නේ යුද්ධයෙන් මිනිස්සු මැරුවේ අපි කියන පණිවුඩයයි. අපි මිනිස්සු මැරෙන එක නවත්තපු අයයි. යුද්ධය අවසාන කිරීම නිසයි අපිට අද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. ඔබේ අධ්‍යාපනය ගැන කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙත් ඒ නිසයි.

එදා ඔබ කොළඹට ආවම කී වතාවක් සෝදිසි කිරීමට ලක්වුණාද. ඔබ දෙස සැකෙන් බැලුවේ නැද්ද. පසුගිය වසර 10 තුළ ඔබ දෙස කවුරුත් සැකෙන් බලන්නේ නැහැ. මිනිස්සු සැකෙන් බලන්න සෝදිසි කරන්න පටන් ගත්තෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ. ඔබ වසර දහයක් සතුටෙන් ජීවත් වුණා. ඔබව සෝදිසි කළේ නැහැ. ඔබ දෙස සැකයෙන් බැලුවෙ නැහැ. ඔබ තරුණ නිසා යුද්ධයේ ඉතිහාසය ගැන දන්නේ නැති පිරිසක්. නමුත් ඇත්ත කතාව අපි නොවෙයි යුද්ධය ආරම්භ කළේ. යුද්ධය ආරම්භ කරපු අය තමයි අපිට මේ චෝදනාව කරන්නේ. ඒ අය අනෙක් පැත්තේ සිටිමින් බොරු ප්‍රචාර කරමින් ඔබේ ඡන්දය ඩැහැගන්න බලන් ඉන්නවා යැයිද රාජපක්‍ෂ මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (3)

‘‘බොරු ප්‍රචාර කරන විරුද්ධ පිලේ අරමුණ තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමයි‘‘

Isuri Wednesday, 09 October 2019 07:13 AM

බය වෙන්න එපා මැතිදුනි..ඔබට අප සහයෝගය දෙනවා අනිවාර්යයෙන්ම. අපිට මතකයි ඒ කාලෙ අපේ අම්මලා ඇවිත් පාසල් ගානෙ මුර කරපු හැටි. ළගපාත බෝම්බ පුපුරනකොට ගෙදරට ඇදන් ඉදපු ඇදුම පිටින් ඉස්කෝලෙ ළගට දුවපු හැටි. ගමනක් යන්න ඕන උනාම ගැහී ගැහී බයෙන් බස්වල ගොඩවෙලා ගිය හැටි. මේ සේරම මතකයි. ඒ අදුරු අතීතය නිම කිරීමට දායක වූ ඔබට කෙළෙහි ගුණ දත් අප කෙසේ ද්‍රෝහි වෙම්ද..? සුවහසක් ජීවිත බේරූ පිනම ඇතිය ඔබට ජයග්‍රාහී ගමනකට පියවර තබන්නට..

:       458       1202

Mf Wednesday, 09 October 2019 12:30 PM

යුද්ධය දිනපු ගෞරවය සියලු දෙනාටම හිමිවිය යුතුයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හිරේ යනකොට නෝ කතා කවුරුවත්.. දැන් සෑම අංශයකින්ම නිදහස තියෙනවා. අපොයි මෙයාට වැඩි හොඳයි මහේෂ් සේනානායක හිටපු හමුදාපති....

:       9       49

Rasika Pradeep Wednesday, 09 October 2019 01:06 PM

"කොළඹ සිට මාතර දක්වා යන විට සංචාරකයන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය වී තිබෙන හැටි දකිනවා. නමුත් කොළඹ සිට නුවරඑළිය දක්වා යනකොට අපි එවැන්නක් දකින්නේ නැහැ. හැම සංචාරකයෙක්ම නුවරඑළියේ නැවතීමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සංචාරකයන් නවත්වා ගැනීමේ හැකියාව ඇති විශාල අවස්ථාවන් මේ අතරමග තිබෙනවා. ස්වාභාවික පරිසරය සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි දියුණු කිරීම මගින් අපට ආදායම් මාර්ග ඇති කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් මේ ප්‍රදේශවල රැකියා උත්පාදනය කිරීමටත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීමටත් හැකියි." මේක තමයි රටට ඕනේ ප්‍රතිපත්තිමය වෙනස.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 163 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 354 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site