(ඩයනා උදයංගනී)
නිදහසින් පසු මෙරට ආර්ථිකය මුළුමනින්ම විනාශ කළ එකම ආණ්ඩුව පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බවත්, එය එසේ නොවේ නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි එම රජයේ හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කරන බවත්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තමන් මෙම කරුණ සංඛ්‍යාදත්ත ද සහිතව ඔප්පු කර පෙන්වීමට සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දත්ත ප්‍රමාද වී ඇති බව කියමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජය හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පසුගියදා එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
වර්තමාන ගෝලීය වසංගතය නිසා රටේ සියළුම නිෂ්පාදන ක්‍රියාවලි නවතා දැමීමටත්, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද මාස තුනක් වසා දැමීමටත් සිදුවූ බැවින් මෙම වසරේ පළමු කාර්තුව තුළ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ දත්ත ගෙන්වා ගැනීමේ හා ඒවා විශ්ලේෂණය කර නිරවද්‍යාතාවය තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමක් සිදුව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
වසංගත තත්වය හමුවේ ලොව පුරා රටවල ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ඍණ අගයක් ගැනීම සම්බන්ධයෙන් කිසිදු දත්තයක් සැඟවීමේ අවශ්‍යතාවයක් රජයට නැතැයි ද ගුණවර්ධන මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2014 දී සියයට 7 ක් වූ බව කී ඇමතිවරයා ආචාර්ය හර්ෂද සිල්වා මහතා නියෝජනය කළ පසුගිය ආණ්ඩුව බලයට පත්වූ පසු එය 2015 දී සියයට 5 ක් 2016 දී සියයට 4.5 ක්, 2017 දී සියයට 3.6ක්, 2018 දී සියයට 3.3ක් හා 2019 දී සියයට2.3 ක් වශයෙන් එම වර්ධන වේගය පහත වැටුණු බවද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බන්දුලගෙන් හර්ෂට අභියෝගයක්
Rata Perata Friday, 31 July 2020 06:30 AM
මේ කතා වලින්ම මෙයාගේ මොලේ තරම පේනවා. මෙයත් එක්ක වාද කරන්න 10 වසරේ ළමයෙක් දැම්මා නම් ඇති..