ඩයනා උදයංගනී
දැනට විසුරුවා ඇති පළාත් සභා තුනේ සහ ලබන මස විසුරුවෙන පළාත් සභා තුනේ ඇතුළු පළාත් සභා හයෙහි හෝ හැකිනම් පළාත් සභා නවයේම මැතිවරණ ලබන දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ලබන වසරේ කාලය අහෝසි වන පළාත් සභා තුනේ මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කර පළාත් සභා නවයේම මැතිවරණ එක්වර පැවැත්විය හැකිනම් වඩාත් සුදුසු බව ඇමතිවරයා සඳහන් කළේය.
එහිදී නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට කල් ගතවෙනවා නම් පැරණි ක‍්‍රමයටම හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ද ඉදිරි සති දෙකක කාලයේදී සියලූ දේශපාලන පක්‍ෂ කැඳවා මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
නව මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු පනතක් මගින් සම්පූර්ණයෙන්ම අහෝසි කර පැරණි ක‍්‍රමයට යා යුතු බවට, නව ක‍්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීමට අවශ්‍ය සංශෝධන ගෙනැවිත් එම ක‍්‍රමය යටතේ ඡන්ද පැවැත්විය යුතු බවට හා සීමානීර්ණ ඇතුළු ගැටළු විසඳා ගැනීමට කාලය ගතවන්නේ නම් එළඹෙන මැතිවරණය පමණක් පැරණි අනුපාත ක‍්‍රමයට පවත්වා පසුව එළඹෙන මැතිවරණ නව ක‍්‍රමයට පැවැත්විය යුතු බවට වශයෙන් මේ වන විට දේශපාලන මතවාද තුනක් තිබෙන බව කී ඇමතිවරයා නව ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට තමන් එකඟ නොමැති බව ද කීවේය.
එය හැර ඉතිරි විකල්ප දෙකෙන් එක් ක‍්‍රමයකට ගොස් මැතිවරණය පැවැත්වීමේ ගැටලූවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කල්දැමීම ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන ප‍්‍රබල පහරක් බව ද ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ජාතික හෙළ උරුම පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතිමිනි.
2025 ඔක්තෝබර් මස 08
1496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1333
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළාත් සභා 9 ම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතුයි