IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම මැ.කො බාර ගත යුතුයි

(චන්ද්‍රසේන ගමගේ)

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බාර ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

පසළොස්වක පොහෝ දිනවල කාල්ටන් නිවසේ පවත්වනු ලබන ‘‘අමාදම් සිසිල‘‘ 179 වැනි ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම සඳහා පැමිණි හිටපු ජනාධිපති වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

    ‘‘නව මැතිවරණ ක්‍රමය මේ ආණ්ඩුව විසින් අවුල් කර තිබෙනවා. එය විහිළුවට ලක් කොට තිබෙනවා. බොහෝ අඩුපාඩු තිබියදි නව මැතිවරණ ක්‍රමය කඩි මුඩියේ ආණ්ඩුව සම්මත කර ගත්තා ඒ තුළින් ගැටළු රාශියක් පැන නැගි තිබෙනවා.මේ ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මැතිවරණ කල් දමා ගැනීමටයි.

මේ රටේ සමස්ත සම්පත් මේ ආණ්ඩුව විසින් විකුණා දමමින් තබෙනවා. ඒ මගින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජන ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.මත්තල ගුවන් තොටුපල විකුණනවා. නමුත් මත්තල විකුණනවාට වැඩි මුදලකින් මේ රට ට රත්‍රන් ගේනවා.පහු ගිය මාස කිහිපයේ මේ රටට රත්‍රන් ගේන්න වියදම් කළ මුදලින් මත්තල ගුවන් තොටුපලේ ණය විතරක් නොවෙයි හම්බන්තොට වරායෙත් ණය ගෙවා දමන්න පුළුවන් කම තිබුණා. ඒ තරම් මුදලක් පහු ගිය මාස කිහිපයේ රත්‍රන් ගේන්න ආණ්ඩුව වියදම් කළා.

අපි හම්බන්තොට විතරක් නොවෙයි උතුර සංවර්ධනය කරන්නත් ණය ගත්තා.ඒ ණය වලින් අපි උතුරේ මාර්ග හැදුවා. දුම්රිය මාර්ගය හැදුවා. රෝහල් හැදුවා. නමුත් මේ අය කථා කරන්නේ හම්බන්තොටට ගත්ත ණය පිළිබඳව විතරයි. මේ ආණ්ඩුව හම්බන්තොට පිළිබඳව වෛරයකින් බලනවා.

අපි මේ රටේ සම්පත් විකුනනවාට විරුද්ධයි. සම්පත් විකිණීම තුළින් රටේ ආරක්ෂාව පිළිබදවත් ප්‍රශ්න මතු වෙනවා.මේ ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මේ රට විනාශ කිරීම පමණයි. මේ රට ගොඩනගන්න මේ අයට අවශ්‍ය නැති බව පේනවා.‘‘



අදහස් (0)

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම මැ.කො බාර ගත යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site