IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘පොහොට්ටුවේ දේශපාලන කුහකත්වය පැහැදිලියි‘

(අංජුල මහික වීරරත්න )
 
පොහොට්ටුවේ  කල්ලිය තේරීම් කාරක සභාවට සහභාගී වන්නේ නැතැයි පැවසීමෙන්ම ඔවුන්ගේ  දේශපාලන කුහකත්වය  මනාව පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද අභයවර්ධන මහතා පැවසීය.
 
රිෂාඩ් බදියුදීන් මහතාට එල්ලවී  ඇති චෝදනා ඉතා හොදින් විමර්ශනයට ලක් කර  එහිදී  වැරදි නිවැරදි බව  තෝරා බේරාගත  හැකි හොඳම තේරීම්කාරක සභාව කී  බව කී  මන්ත්‍රීවරයා එවැනි අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බවද සඳහන් කළේය.
 
බොරු විශ්වාසභංග වලින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
 
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

‘පොහොට්ටුවේ දේශපාලන කුහකත්වය පැහැදිලියි‘

chathuri Thursday, 23 May 2019 01:08 PM

පොහොට්ටුවේ නඩේට රට ජනතාව වැඩක් නැහැ බොරුවට අඩන්නේ ජනතාව දුක් විදිනවා. කියල බලය. ගන්නයි ඕන බලය ගත්තට පසු. ජනතාව බය කරගෙන නුගතුන්සේරම ලොකු පුටුවල ඉඳ ගන්නවා දරුවන්ට හිතුවට. නාස්තිකරන්න දෙනවා ජනතාවට සතුදේ තමන්ගේ කට්ටිය ගැන විතරයි හිතන්නේ. රජයේ මුදල් අඩු වෙනකොට ගිනි පොලියට මුදල් ගන්නවා. කට්ටිය හොරකනවා , බජට් එකෙන් බඩු මිල වැඩි කරනවා , දේවාලෙට ගිහින් මිනිස්සු වශිකරන මුද්ද දාගෙන එනවා. ජනතාව මැද්දට ඒ ආවම දරුවෝ වඩාගෙන උඩ දානවා , පිටිසර ගැණු ටික. වශී වෙලා පස්සෙන් යනවා අප්පච්චි කියමින් ඕක තමයි ජිවිතේ පිට රට සවාරිත් සමග

:       0       0

shan Saturday, 25 May 2019 05:10 AM

අපේ හාමුදුරුවනේ මොවුන්ව දළදා මැදුරට නෙවේ අපායට ගෙනිහින් යම රජ්ජුරුවෝ ඉදිරියේ ප්‍රකාශ ගත්තා වුනත් මකන්න බැහැ. මොවුන් නරිවගේ ජාතියක්.. මොහොතින් ඔවුන්ගේ පුරුද්දට යනවා. මේක නෙවේ කරන්න ඕනේ අධිකරණය ජනපතිවරයට වඩා ඉහළින් තැබිය යුතුය. වසර 2කට වඩා පාලන බලය දීම වළකන්න ඕනේ.. ඡන්දය පෙර වසර 2ක කාර්ය බාරය රටට එළිකර වසර 2ක් ඇතුළත ඒවා ඉටු කර පෙන්වීමට හා එසේ නොකළහොත් ඒ රජය ඉවත් කර දෙවන පක්ෂයට බලය පැවරීමට ඇති බලය අධිකරණයට ලබා දිය යුතුය. තවද එම රජයේ සිටි කිසිවෙකුට මොනම හේතුවක් නිසාවත් නව රජයට මාරුවීමට සහයදීම සපුරා තහනම් කළයුතුය. එසේ කරන්න නම් වසර 10ක් අනිවාර්ය සිරදඬුවම් ලබාදිය යුතුය. රජය කරන සියලු වැඩසටහන් අධිකරණයේ අධීක්ෂණය තුළ පමණක් කළ යුතුය. මේ සඳහා අධිකරණය දේශපාලනීකරණයෙන් තොරකළ යුතුය. අධිකරණයට බලපෑම් කරන ඕනෙම දේශපාලකයෙක්ගේ ප්‍රජා අයිතිය තහනම් කළ යුතුය. හැකිනම් මෙය කර බලමු රට ගොඩ එනවා නියතයි. මෙය කළ හැක්කේ ඔබවහන්සේලගේ බලයෙන් පමණයි. ඒ සඳහා ජනතා සහය ඔබවහන්සේලාට ලැබෙනු ඇත.

:       101       146

kule Sunday, 26 May 2019 06:20 AM

කෝ මහබැංකු හොරු අල්ලන්න දාපු කොමිෂන් වාර්තා ක්‍රියාත්මක වුණාද? ඒ වගේ තමයි මහත්තයෝ ඔය තේරීම්කාරක සභාවත් නිකන් 8පාස් නැති මන්ත්‍රී කෙනෙක් ගාණට වැටෙන්න එපා.

:       75       108

kelumMonday, 27 May 2019 04:45 AM

මහ බැංකුව ගැන දන්න විස්තර අපිටත් කියන්නකො.

:       23       19

Sriyal Thursday, 30 May 2019 05:02 PM

මෙපමණ හොඳ මිනිසුන් සිටින රටේ, දේශපාලකයින් බලු වුනේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site