IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘‘පාස්කු ප්‍රහාරය පිටුපස මේ ආණ්ඩුව සිටි බවට සැකයක් තිබෙනවා‘‘

(අනීෂා මානගේ)

පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා.

21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ගෝඨාභය රාජපක්ෂව සජීවි වැඩසටහනකට ගෙන්වනවා. රට අනතුරේ. රට භාරගන්න කැමැතිද අහනවා. ඔව් මම සූදානම් කියනවා. ගේම් එක කොහොමද. ඊට පස්සේ ප්ලෑන් කරපු හැටි කොහොමද. රටේ ප්‍රශ්න ඇති කරපු හැටි කොහොමද. වෙච්ච විනාශය කොහොමද. මාධ්‍යවලින් ගහපු ගැහිල්ල කොහොමද යැයි බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

හරින් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසූයේ සමඟි ජන බලවේගයේ තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීමට අද (25) පස්වරුවේ සහභාගි වෙමිනි. 

    ‘‘මම ගණන් හදල පෙන්නලා කිව්වා සියයට පනස්දෙකක් ගොඨාභය රාජපක්ෂ ගත්තා. සජිත් ප්‍රේමදාස මහත්තයා සියයට හතළිස් දෙකක් ගත්තා. සියයට පහයි ගෝඨාගේ ගොඩෙන් සජිත් ගොඩට යන්න තිබුණේ. එහෙම වුණානම් දෙවැනි මනාපය බලන්න ඕනෑ. ජේවීපී එක දෙවැනි මනාපය ගැහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මේක යටපත් කරන්නයි රනිල් මහත්තයා අගමැති කතාව කිව්වේ. ඒක යටපත් කරන්නයි පාස්කු ප්‍රශ්නය ගෙනාවේ. මගේ ප්‍රතිපත්තිය තුළ මට බොරු කියන්න බැහැ.

මට කාදිනල් හිමිපානන් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍ය නාලිකා එක්ක ප්‍රශ්නයක් තිබෙනවා. කරුණා අම්මාන් කියනවා හමුදාවේ තුන්දාහක් මැරුවා කියලා. මෙයාව හෙට අනිද්දාට සීඅයිඩීයට ගෙනියනවා කියල කලින් මම කිව්වා වගේම වුණා.

ඡන්දෙට සති දෙකක් තියලා මෙයාව ඇතුළට දානවා. බන්ධනාගාරයෙ ඇතුළේ ෆ්‍රිජ්, ඇඳවල්, ටෙලිෆෝන් තිබෙනවා. සති දෙකකට ඇතුළට දාල තියෙනවා. උතුරේ දෙමළ මිනිස්සු හිතනවා කරුණා අපි වෙනුවෙන් හිරේ ගියේ. ඒ නිසා කරුණාව බේරගන්න අපි ඡන්දෙ දෙන්න ඕනෑ කියලා. මෙන්න ඡන්ද කෙරුවාව.

අපි සමඟි ජනබලවේගය හැදුවේ ඕනෑම කෙනෙකුට මේක ඇතුළට එන්න පුළුවන් විදියටයි. මේ රටේ තිබෙන අසාධාරණය අයුක්තිය දකින්නයි.

මේ දේශපාලනයේ තව කීප දෙනෙක් යන්න ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයාට ෂොට් එක දෙන්න යන්න ඉන්නේ. කිසිම හේතුවක් නිසා නෙවෙයි. දේශපාලනය අවංකවම කරපු නිසායි.

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෑ මෛත්‍රිපාල සිරිසේන මහත්තයායි. මම බය නැතුව කියනවා. එතුමා තමයි එවකට හිටපු විධායක ජනාධිපති. සේනාධිනායක. පොලිසිය, බුද්ධි අංශය, හමුදාව මේ සියල්ලම එයාගේ යටතේයි.

සජිත් මහත්තයාට දිනන්න දුන්නේ නැත්තේ අලියායි. හැබැයි අලියා අයිති අපිටයි. හැබැයි දැන් ඉන්න ඇත් ගොව්වා මෙන්ටල් කෙනෙක්. ඇත් ගොව්වා මාරු කරගන්නම ඕන. සජිත් මහත්තයාගේ අඩුපාඩුවක් තිබෙනවා කියලා හිතන්නවත් එපා‘‘ යැයි ඒ මහතා සඳහන් කළේය .  

 

 



අදහස් (1)

‘‘පාස්කු ප්‍රහාරය පිටුපස මේ ආණ්ඩුව සිටි බවට සැකයක් තිබෙනවා‘‘

Raveendra Thursday, 25 June 2020 06:18 PM

කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව සිතීමට උත්සාහ කරනමෙන් ඉල්ලා සිටින්නෙමු.. අවංකව සිතන්න මහජන මුදලින් සියලුම සැප සම්පත් විඳපු 225න් එක් අයෙක් වන මොහු මොනවද මේ කියවන්නේ? කෙසේ හෝ නැවතත් දියවන්නාවට ගොස් සැපසම්පත් විඳීමට නොවේද? මෙවැන්නන් කෙසේ තමන් උපන් බිම දියුණු කරයිද? මෙම අදහස් පුද්ගලිකවම ඔහුටම කියවීමට හැකිවේවා ..!!!

:       52       227

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site