
(අංජුල මහික වීරරත්න)
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ තරඟයට පොරොන්දු කඩ කළ පාලනයක් බවද ප්‍රේමදාස මහතා කීය. ආණ්ඩුව බොරුවෙන් රජ වී ජනතාව රැවටූ බව ලක්ෂ 220ට ම ඔප්පු වී ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
කෘෂිකාර්මික බල ප්‍රදේශ වල වැඩ ආරම්භ වුවත් තවමත් පොහොර සහනාධාරය නොලැබී ඇති බව කී විපක්ෂ නායකවරයා වගා හානිය වෙනුවෙන් ආපදා හා වගා වන්දි පවා නොලැබුණු බව පැවසීය.
අලි මිනිස් ගැටුමින් විපතට පත් වූ ජනතාවගේ වගා, දේපල හා ජීවිත හානි වලට කිසිඳු විසදුමක් නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.
පොළොන්නරුව ආසනයේ පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.


COMMENTS
නුඹලාගේ අය අවුරුදු 50ක් විතර කාපු රට... මාස 3න් හදන්න. ඔයාගේ මොලේ තියෙන්න පස්ස පැත්තේද?
ලංකා දේශපාලනයේ අවංකව දේශපාලනය කරපු පවුලක් තමයි...
ඔබතුමාට අලුත් දෙයක් වුණාට ජනතාවට නම් හොඳට පුරුදු දෙයක්...
සත්‍ය දේශපාලනේ, උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු.
ඇත්තටම මානසික ලෙඩක් ද කොහෙද?
ඈ... මෙයාට අතීතය ඔය ඉක්මණට අමතකද? මේ මෑතක් වෙනකම් මොවුන් රජ කෙරුවේ අලි ඇත්තු මැරුණා. වගා හානිවුණා. ගොවියෝ වහ බිව්වා. මේ අය මොනවද කෙරුවේ? කව්ද දුන්නේ? දේපල හානි වන්දි මුදල්. ජනතාව කෑගැහැව්වා. එකෙක් උත්තර දුන්නාද මේ රජයෙන් තමයි. හොරා කාලා ඉතුරු මුදල් වලින් ඔය ටික හරි දුන්නේ. මේ පුටුවල ඉඳගෙන ඉන්නා අයගේ නහර මැරිලා නැත්නම් දන්නවා. කව්ද කෙරුවේ කියන්න. මොවුන් හැමදාම ඡන්දයක් ලන්වෙනකොට කරන කෙනාගේ පලු අරිනවා. දැන් මෙයා. කවදා බලය ගන්නද මේ කෑගහන්නේ? රජයේ මුදල් ඕන නැහැ කිවානේ මැතිවරණයට. සල්ලි තියෙනවා කියලා. බොරුවට දින්නනේ නැති මන්ත්‍රිකමට සල්ලි වියදම් නොකර. ඔය හොරා කාපු ජනතාවගේ මුදල්. ඔය අසරණයින්ට බෙදලා දෙන්න. ඔය කියනවා කියන මුදල් ජනතාවගේ...
එක් වරක් නොව කිහිප වරක් පච වෙච්ච ඔබ තවත් පච නොවී හිටියානම් තමයි හොඳ
අහෝ අමෝ පුතානෝටගය කලක්, කියන්න දෙයක් නැතිව වතුරෙන් ගොඩගත් මාළුවෙක් වගේ නේ
පච දේශපාලනය හා දේශපාලුවන් අපි 2025 සැප්තැම්බර් 21දා පරදවලා ගෙදර යැව්වා ! ඒක ඔයාට තවම තේරිලා නැහැ වගේ, ලබන මැයි හත්වෙනිදාවත් ඒක තේරුම් ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
මෙයා තමයි පචය, ඇස් පනාපිට පෙනෙන සත්‍ය විකෘති කරනවා, නැති බැරි කම් කිය කිය යනව වුණාට මෙතන ඉන්න ජනතාව ඒක විශ්වාස නොකරන බව ඒ අයගෙ මූනෙන්ම පේනවා.
කව්රුහරි කියලා දෙන්න මෙයාට මේ තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ රජයක් නොව ජාතික ජනබලවේගයේ රජයක් බවත් රජයේ කාලය වසර පහක් බවත් මේ දෙකම නොදන්නා මෙතුමා පක්ෂවල ප්‍රතිපත්ති විවෙිචනය කරනවා, ඒ වගේම මාස හයෙන් රටක් වෙනස් කරන්න කියනව.
ගොවියට පොහොර සහනාධාරය පසුව ගිණුම් ගත වන බවත් , එතෙක් තමුන්ගේ වියදමින් පොහොර යෙදිය යුතු බවත් මෙතුමට කියල දෙන්න. වරෙක පොහොර නැහැ කියනව, වරෙක පොහොර සහනාධාරය නැහැ කියනව, මේක මෙයාගෙ යාළු හොරණෑව තමයි ගොවියන් රැස්කරවල වචන පාඩම් කරවල කියවන්නෙ. මෙයත් ඒකම කියනව.
මොනවද මේ මනුස්සයා කියන කතා, මේ රට කරපු අය පච කෙලිය නිසයි මේ රට මේ අඩියට වැටුනේ. දැන් ඉස්කොල ගානේ යන්නේ නැද්ද බස් බෙද බෙදා... ඡන්දෙ කාලෙට විතරයි ඒවා නේද?
කවුරු මඩ ගැහුවත්, මේ මිනිහා බොරු කිව්වේ නෑ පච මාලිමාව වගේ. ඒකනේ පැරදුනේ. අපරාදේ තව ලස්සන බොරු ටිකක් කිව්වා නම් මේ වෙනකොට ජනාධිපති.
පච කීම කලාවක් නම් එහි පිකාසෝවරු ජෙප්පන්ය.
මෙච්චර කාලයක් (නිදහසින් පස්සේ සිට) පච කාරයෝ තමයි රටපාලනය කෙරුවේ. දැන් ඒක වෙනස් කරලා තියෙන්නේ... මේ වගේ පාලනයක් තමයි රටේ ජනතාව පැතුවේ. මෙහෙම හොඳයි. ඇයි ඔබතුමාට අවුල්ද? ගොවියෝ හොඳට දන්නවා පොහොර ලබෙන වෙලාව. ඔබතුමා කලබල වෙන්න එපා. වෙන මොනවා හරි හොයාගන්න කියවන්න. උපදේශකයෝ ඇතිනේ... මේ අවුරුදු පහ ඉවර වෙනකන් බලාගෙන ඉන්නකෝ.. ජීවිතේට අමතක නොවෙන පාඩම් ටිකක් ඉගෙන ගන්න. රටක් හදන්නේ කොහොමද කියලා ඔය පරණ දේශපාලනට දැන් තැනක් නෑ... ඒ ගවයෝ දැන් නෑ...
හරියටම හරි පචෝරිස්තුමනි...!
මොනවද මේ ළාමක ටින් ටින් කියන්නේ? පචද? නැද්ද? කියන එක මොලේ ඇති ජනතාව වටහා ගනී. කී පාරක් ජනාධිපතිකමට ඉල්ලුවාද? බැරි වුණා, හිතේ දුකට කියන කතා? පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරුව රටක් හදන්නේ කොහොමද?
එක එක පුවත් මවන මෙයා ජෝකර් කෙනෙක් වෙලා කියලා එයාගේ හැමෝම දන්නා දෙයක්. හැබැයි දැන් පිස්සෝ අඩුයි.. මේ පිස්සු කතා අහන්න. දැන් හොරු නෑ, ඉන්නේ ටිකයි.
ඒ දවස් වල පාර්ලිමේන්තුවේ පවා මහින්ද එනකොට රනිල් ඇතුලු ඔබ සැම කතාවෙලා අපිව රවටන්න රනිල් කෑගැහුවේ "කවුද හොරා මහින්ද හොරා" කියලා. ඒත් කලේ පච හලන්නනේ. ඔයාලා හැමෝම හොරකම් කරමින් පච හලපු අය. දැන් අයට හොරා කියන්න ඔයාලට බෑනේ. ඒක නිසා පච ආන්ඩුව් කියලා තුන් ගොල්ලෝම නන් දොඩවනවා. ඔබසැම මොනවා කීවත් මේපාරත් මාලිමාව ගොඩ යනවාමයි.
දැන් නම් ඔබත් කලකන්නි රනිල් වගේම අවලංගු කාසියක්. බස් බෙදා දෙන එක හැර වෙනත් කල වැඩක් නම් නැහැ
බොරුවට කෑගහලා මොරගහලා මෙයාට ඡන්දෙන් ඉස්සෙල්ලා රෝහල් ගතවෙන්නත් බැරි නැහැ...
මෙයාට බනින්න එපා. මේ එයාගේ හැටි. බලය ලබාගන්න කියන කතා මිසක් මේ ආණ්ඩුව හොඳයි කියන්න පුළුවන්ද බෑනේ...?
රජගෙදර තිබුණ මුතු මැණික් ටිකයි මුල්කිරිගල චිත්‍රයයි හොරකම් කරලා අහුවුනේ හේමා ප්‍රේමදාස නේද? රු. 5000 හොර සල්ලි ගහලා අහුවුනේ දුලාංජලී සහෝදරිය නේද ? කොටින්ට ආයුධ වික්කේ තාත්තා නේද ? මුන් හොර පවුලක්.