IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘නර බිල්ලක් ගෙන රට අර්බුදයට දැමීම ඒකාබද්ධයේ අරමුණයි’


 
 
(නිමල කොඩිතුවක්කු)  
   
නර බිල්ලක් ගෙන රට අර්බුදයකට ඇද දැමීම ඒකාබද්ධ නඩය කොළඹදී පවත්වන විරෝධතාවයේ ප‍්‍රධාන අරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ හා  ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
විරෝධතාවය අතරතුර පොදු දේපලවලට සිදුවන හානි මෙන්ම ජීවිත හා දේපලවලට සිදුවන හානිවල වගකීම ඒකාබද්ධ විපක්ෂය විසින් බාරගත යුතු බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අද (4)  එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර බලය පෙන්වීමේ තරගයක් බැවින් විරෝධතාකරුවන් අතරම ගැටුම් ඇති විය හැකි බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
 
ජනතාවගේ එදිනෙදා කටයුතු අවහිර කිරිමේ  අරමුණින් ඒකාබද්ධ විපක්ෂය රැළිය පවත්වන නිශ්චිත ස්ථානය ප‍්‍රකාශයට පත්කර නොමැති බවද ඔහු කියා සිටියේය. 
 
මෙවැනි විරෝධතා මගින් රට තුළ  අරාබි වසන්තයක් නිර්මාණය කිරීම නාමල් රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇති බවත් එයට යහපාලන රජයෙන් කිසිදු ඉඩක් නොමැති බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

‘නර බිල්ලක් ගෙන රට අර්බුදයට දැමීම ඒකාබද්ධයේ අරමුණයි’

Cisco Wednesday, 05 September 2018 03:04 AM

ඔබ තුමාලා එදා කල දේ අද විපක්ෂය කරනවා.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site