IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘නායකයාට වඩා ඉහළින් කටයුතු කිරිමේ දී පක්ෂය පිරිහෙනවා’

 

(චමිල් රුපසිංහ)

 

නායකයාට වඩා ඉහළින් පක්ෂයේ අනිකුත් අය වැඩ කටයුතු කරන්නට යෑමෙන් පක්ෂය පිරිහෙන  බවත්  වත්මන් ආණ්ඩුවේ ද එවැනි අය සිටින නිසා රජය පිරිහෙමින් පවතින බව ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.

පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා නම් ඊට ඉහළින් තවත් කෙනෙකු කටයුතු කරන්නට යන අය පෙනෙන්නට ඇති බවත් එවැනි අඩුපාඩු හදාගෙන රටේ ජනතාවට යහපතක් වන සේ ඔබලාගේ පක්ෂයේ ද අඩුපාඩු නිවැරදිව සකසා ගත යුතු බව නාහිමියන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පැවැසුහ.

ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසුයේ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී  කණ්ඩායමක් අද (31) ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ දීය.

එහිදී ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ මෙසේ පැවැසුහ.

දැන් මුළු රටම භෝඨාභය ඕනෑ කියල කියනවා. ඒකට විරුද්ධව තව දෙන්නෙක් කතා කරනවා. එතකොට මහජනතාව හිතන්නේ. මේ අයගේ කිසි සංවිධානයක් නෑ. සමගියක් නෑ කියල ඒ නිසා මේ අයට ඡන්දය දෙන්න හොද නෑ කියල ජනතාව හිතනවා. එතකොට ජනතාව මොකා ආවත් කමක් නෑ කියල කාට හරි ඡන්දය දෙනවා. අපිට අවශ්‍ය දේශපාලන පක්ෂ නෙමේ අපිට අවශ්‍ය රටයි රටේ ජනතාවයි ජනතාව නැත්තම් රටක් නෑ. රටේ ජනතාවට යහපතක් වෙන රජයක් තමා දැන් ජනතාවගේ කැමැත්ත ඒ නිසා තමන්ගේ පක්ෂයේ අඩුපාඩු සාදා ගැනීමට එක් නායකයකු වටා එක්විය යුතු බවද නාහිමියෝ මන්ත්‍රිවරුන් හමුවේ පැවසුහ.

 

මේ අවස්ථාව සඳහා ගැටබේ රාඡෝපවනාරාම විහාරවාසී ශාස්ත්‍රාචාර්‍ය ගල්කැටිවෙල රතනවංස හිමියන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ්ලිව්.රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දිලුම් අමුණුගම, කණක හේරත්, තාරක බාලසූරිය, අධ්‍යාපනවේදී ඩබ්ලිව් රත්නායක යන මහත්වරු සහභාගී වුහ.

 

 



අදහස් (1)

‘නායකයාට වඩා ඉහළින් කටයුතු කිරිමේ දී පක්ෂය පිරිහෙනවා’

Polle Gunawansa Saturday, 01 September 2018 03:31 AM

ඔබ වහන්සේ ඉතින් හැමදාම කළේ මහරජාණන්ට කඩේ වඩින එකනේ!!

:       90       280

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site