IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය ආණ්ඩුව බොඳ කළා - මන්ත‍්‍රී පේ‍්‍රමලාල්

(අජිත්ලාල් ශාන්තඋදය)
 
බයිසිකලෙන් යන නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය සැබෑකරන බව කියූ ආණ්ඩුව පුංචිකාර්වල බද්දත් වැඩිකර මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් ද වැඩිකිරීමට පියවර ගැනීම අනුමත කළ නොහැකි බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා පවසයි.

 
 වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාවට බදුපිට බදු පටවා මන්ත‍්‍රීවරුන්ගේ වැටුප 215% කින් සහ වරප‍්‍රසාදලත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ ජීවන බර ඇත්තේ ඔවුන්ට පමණක් යැයි සිතූ නිසා දැයි ප‍්‍රශ්න කරයි.
 
 මන්ත‍්‍රීවරුන්ට සහ වරප‍්‍රසාදලත් රජයේ සේවකයන්ට වගේම සාමාන්‍ය ජනතාවට ද මේ වනවිට ජීවන බර උහුලන්නට බැරිව ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බවත් එසේ තිබියදී මන්ත‍්‍රීවරුන්ට පඩි වැඩිකරන්නේ මන්ත‍්‍රීවරුන්ගේ කටවල් වසා දැමීමේ අරමුණු ඇතිව යැයි ජනතාව චෝදනා කරන බවත් මන්ත‍්‍රීවරයා කීවේ ය.
 
යතුරු පැදියෙන් ගිය කෙනෙකුගේ සිහිනය වුනේ මොටර් රථයක් බව කී මන්ත‍්‍රීවරයා කුඩා මෝටර් රථයක් මිලදී ගත් ඒ ජනතාවගේ මෝටර් රථ සිහිනය ආණ්ඩුව විසින් බදු වැඩිකර බොඳකර දැමූ බව මන්ත‍්‍රීවරයා පැවැසීය.
 
ඒ වගේම හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් පිටරැටියන්ට විකුණා දමා ඒ මුදල්වලින් ‘‘ගම්පෙරළිය‘‘ නමින් හදුන්වා ඇති විකාරයකට යොදවා පක්‍ෂයේ හෙන්චයියලාට ගසාකන්නට අලූත් ව්‍යපාරයක් අරඹා ඇතැ බවත් ආණ්ඩුවේ මේ සෝභන වැඩ සියල්ල හෙළා දකින බවත් මේ නාස්තිකාර සහ ජනතාව පීඩාවට පත්කරවන වැඩ වහා නවත්වන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද මන්ත‍්‍රීවරයා කීවේය.  
 



අදහස් (2)

නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය ආණ්ඩුව බොඳ කළා - මන්ත‍්‍රී පේ‍්‍රමලාල්

kin benat Thursday, 02 August 2018 06:03 PM

නංගිලා මල්ලිලාට නෙමෙයි තාත්තටත් දැන් නම් වාහනයක් ගන්න අමාරුයි කියනවා .

:       0       26

vernon Friday, 03 August 2018 07:57 AM

එතකොට මහත්තයෝ තමුන්ලගේ කාලේදී කාර් ලාබෙට තිබ්බද? තමුන්ට ඔය පැත්තේ කියන්නේ චොකා කියලා නේද? ඉස්කෝලේ කීයට විතර ඉගෙනගෙන තියෙනවද දන්නෙ නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site