
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
වෛද්‍යවරුන්ට අද රටේ රැඳී සිටීමට සුදුසු පරිසරයක් නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා වෛද්‍යවරුන් බඳවා ගැනීමට මෙන්ම රඳවා ගැනීමටද කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
COMMENTS
ඉතා හොඳයි
බය වෙන්න එපා. ඔය 5000 2022 අවුරුද්දේ ඉදන් යනව. යන්නෙ නෑ. එයාලට වෙන අය වගෙ ලේසියෙන් යන්න බෑ. ඒ නිසා තමයි මෙහේ ඉඳන් කියව කියව පඩි වැඩි කරගන්න දඟලන්නේ. ඇත්තටම යන්ඩ ඉන්න යන්ඩ පුළුවන් එකා කියව කියව ඉන්නේ නෑ. මෙයාලා හැමදාම බොරුවට කියනවා පන්දාහක් යන්න ඉන්නවා ඉන්නවා කියලා. එහෙම කියලා සැරින් සැරේ එක එක දීමනා ගන්නවා. මිනිස්සු මේ ගොල්ලන්ගේ ප්‍රෝඩාව තේරුම් ගන්ඩ ඕනේ
හරිම ආතල්..... කවුද ඔයාට කිව්වේ? ඔබ සංඛ්‍යා සොයා ගැනීමට අධ්‍යයනයක් කළාද?
හැමදාම වෙන අයට නැති දීමනා ගන්ඩ ඕනේ වෙනකොට එලියට එන කතාවක්. දොස්තරලට මෙහෙ වගේ වෙන රටවල්වල ඔළුව උඩ තියාගෙන ඉන්නෙ නෑ මේ වගේ ස්ට්‍රයි කර කර දීමනාගන්ඩ බෑ. තාම ඔය පන්දාහක් ගිහිල්ලා ඉවර නැද්ද. දැන් අවුරුදු ගානක් තිස්සේ කියවනව නේද. වෙන වෘත්තිකයෝ නං යුනිවර්සිටි වල බැච් පිටින් යන්නේ
යන එකෙකුට යන්ඩ දීලා පුද්ගලික විශ්ව විද්‍යාල පුලුවන් තරම් විවෘත කරන්ඩ ඕනි. මදිනම් ඉන්දියාවෙන් හරි ගේන්න ඕනි. මෙයාලට ඕන ඕන විදිහට නටන්න දෙන්න බෑ. රටේ අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕනේ. කොච්චර උගත් උනත් වැඩක් නැහැ නිකං උගන්නලා උපාධියක් දුන්න රට ගැන තඹ සතේක කැක්කුමක් නැත්තං. එහෙම අය යන එකම හොඳයි
එයාල විතරද මේ රටේ ඉන්න වෘත්තිකයො. මෙයාල ඇඟිලි සලකුනු තියන්නෙ නෑ. ඇහුවම කියන්නෙ උදේට දුවගෙන එන්නෙ ශල්‍යාගාරයටලු. එහෙනම් යනකොට තියන්න පුලුවන්නෙ. හොරට ලක්ෂ ගනන් අතිකලා අරන් තව්ත් ඉල්ල්නව. කවද්ද මෙ රට ගොඩග්න්න් පුලුවන් වෙන්නෙ.
වෛද්‍ය උපාධිය නොමිලේ හදාරන්න දෙන්න දුප්පත් අපි කන පාන් කෑල්ලෙන් සීනි ඇටයෙන් පවා බදු ගෙවනවා. ඔන්න අපිට දොස්තර මහත්තුරු කල ගුණ සලකන හැටි.
කොයි කාලේ ඉදන්ද දෙයින්නේ ඔය 5000 යනව යනව කියන්නෙ. තාම ගිහින් නැද්ද. කොහෙ යන්නද අනේ. මෙහෙ තරම් හුරතල් නෑනෙ එහෙ.
මොනව දුන්නත් යන කෙනා නවත්වන්න බෑ. ඔවුන්ට තියෙන්නෙ වෙන වෙන සිහින. තව තව වෛද්‍යවරුන් බිහිකීරීමත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිපුර ඇති කිරීමත් තමයි කළ යුත්තේ.
මේ දොස්තරලා ඉගෙන ගන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින්... වෙන රටකට දොස්තර කෙනෙක් වෙන්න තමුන්ගේ මුදල් වියදම් කරන්න ඕනෑ... හුඟක් අය ණය මුදලකින් ඉගෙන ගෙන රස්සාව කරන්න පටන් ගත්තාම ගෙව විදියටයි වෙන්නේ... අපේ දොස්තරලා අනුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන රජයටයි ලෙඩ්ඩුන්ටයි ගෑස් පෙන්නවා .. ලැජ්ජයි...
ඔය කීවට 5000 පිටරට යන්නේ නැහැ , එහෙ ගියහම දොස්තරලට කියල වාහන බලපත්‍ර වැනි විශේෂ සැළකිල්ලි නැහැ. බදු ගෙවන්න වෙනවා . මෙහෙ වගේ චැනල් කඩ දමාගෙන ගරාගෙන කන්න බැහැ ,වැඩිදුර අධ්‍යාපන, දරුවන්ගේ අධ්‍යාපනේට ගෙවන්න සිද්ධ වෙනවා , ප්‍රතිකාර කරනකොට වැරදීමක් වුනොත් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා . මොනවා නමුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අනිවාර්යයෙන් ලංකාවේ ඇති කරන්න. පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම් පුද්ගලික රෝහල්. පුද්ගලික චැනල් කඩත් එපා.
විපක්ෂ නායකගේ විකාර කතා වලින් අපට වැඩක් නැහැ , ඔබතුම ඔය මෆියකරයන්ට කඩේ යන්න එපා ,ඔබතුම ඔය ගොන් කතා කියා කියා හිටියට වැරදිලාවත් කවද හරි රජයක් පිහිටුවොත් මේ දොස්තර මාෆියාවට මුහුණ දෙන්න සිදුවන බව සිතට ගන්න , රටේ බහුතරයක් දොස්තරලගෙන් , හෙදියන්ගෙන් , සත්තු සේවකයන්ගේ ලැබෙන සේවය පිලිබදව ඉන්නේ කලකිරීමෙන් සහ කෝපයෙන් , මිනිස්සුන්ගෙන් 80% ලෙඩ වුනහම බෙහෙත් ගන්නේ සල්ලි ගෙවල , එම නිසා දොස්තරලත් මුදල් ගෙවල ඉගෙන ගත්හම ප්‍රශ්නයක් නැහැ .
ලංකාවේ වෛද්‍යවරුන්ට වෙන රටක ගිහිල්ලා වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න බැහැ. ඒකට තවත් කාලයක් පුහුණුවෙලා විභාග කරලා සුදුසුකම් සපුරන්න ඕනි. මෙහෙ වගේ කැමති කැමති විදිහට ප්‍රයිවට්ස් ප්‍රැක්ටිස් කරමින් සල්ලි ගරන්න වෙන කිසිම රටක ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔය කෑගැහුවට ඉතාම සුළු පිරිසක් හැරෙන්න බහුතරයක් වෙන කොහේවත් යන්නේ නෑ. ගිය අයත් සමහර අය ආපසු ඇවිත්. මං මේක කිව්වේ නිකම්ම නෙමෙයි. මෙයාල අතර මගේ යාළුවොත් හුඟක් ඉන්න නිසා සහ සමහර රටවලට ගිහින් මම ඔවුන් හමුවෙලා තියෙන නිසා.
කවුරු කවුරුත් තමන්ගේ දියුණූව ගැන විතරයි දැන් බලන්නේ... මොකද පොදු යහපත වෙනුවෙන් වැඩ කරලා කිසිම ප්‍රයෝජනයක් නැති නිසා... අන්තිමට බැනුම් විතරයි අහන්න ඉතුරු වෙන්නේ..
මේ වෙනකම් ගිය දොස්තරලා කියලද හියේ යන එවුන් නවත්වන්න බෑ රටේ නීති නැත්නම් , දොස්තර කෙනෙකුට පුහුණු කරවන්නම රටේ බදු මුදලින් කෝටි දෙක කට වැඩි මුදලක් වියදම් කරනවා , ඔවුන් ගෙන් රටේ සේවය කරන්න අනිවාර්ය සේවා කාලයක් නියම කළ යුතුයි , එය විශේෂ පුහුණු අයට වැවිය යුතුමයි , සජබ සජිත් මෝඩ කතා කියවනව එවා අදාලනෑ
අපේ විපක්ෂ නායකතුමා යම්මක් කිව්වොත් ආයේ අහන්ඩ දෙයක් නැහැ..හූනා කිව්වා වගේ? ඒ තරම් ෂුවර්?
ඒ ගොල්ලෝ නිවාඩුවකට යනවද කව්ද දන්නේ .දැන් තියෙන්නේ අනුරගේ ආණ්ඩුවනේ .මෙයාට විකාර . රට දාලා ඒ අය එහෙම යන්නේ නෑ .
මේ පුබ්බඩයා දන්න කෙං ගෙඩියක් නෑ. මමත් විදේශ රටක ඉන්නේ. දොස්තරලා ගන්න මේ රටවල් වල්ත් සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඊට අදාළ සුදුසුකම් සපුරන්න ඕනෙ. සදුසුකම් අඩු නම්, පඩි ගොඩක් අඩුයි. ඒ වගේම කිසිම විවේකයක් නැතිය දීර්ඝ පැය ගානක් එක දිගට වැඩ කරන්න ඕනෙ. අනිත් වලාවට ඔන් කෝල් ඉන්න ඕන .ලේසි නෑ. ඒ නිස දන්න අය ලේසියෙන් එන්නෙ නෑ
ඉතාමත් හොඳ දෙයක්, ලංකාවේ හැමෝටම තියන උණක් තමයි දොස්තර කෙනෙක් කරන එක. දැන් දොස්තරලා වැඩිදෙනෙක් පුළුවන් තරම් එළියට යන්න ගිහිල්ලා රස්සා හොයාගන්න රටට බරක් නොවී
වෛද්‍යවරුන් පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා යන විට, ඔවුන් ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ බටහිර කලාපයේ අනෙකුත් රටවලට ගොස් ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍ය බව පවසමිනි. ඔවුන් විදේශ රටකට ගොඩ වූ පසු, ඔවුන් PR ලියාපදිංචි කර නැවත පැමිණෙනු ඇත. අයැදුම් කිරීමට ආරාධනාවක් ලැබුණු පසු, ඔවුන් ඉවත් වනු ඇත. මෙය බොහෝ කලක සිට සිදුවෙමින් පවතියි. වෛද්‍යවරු, GOMA සහ විපක්ෂයක් සහ අනෙකුත් සියලු දෙනා විසඳුමක කොටසක් වීමට උත්සාහ නොකර ගැටලුවක කොටසක් වීමට උත්සාහ කරති. අනුර කුමාර විපක්ෂයේ සිටියදීත් එය එසේම විය. විපක්ෂය සහ රජයේ දේශපාලනඥයින් පොදු පදනමක් මත එකඟ වන්නේ කවදාද?
ආමි එකට කරනවා වගේ පාස්පෝට් ටික ගත්තා නම් හරි. ඇයි බයද?
දොස්තරලාගේ ගෙම්බර් හැමදාම ඉවසලා එපා වෙලා... කරුණාකර ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරන්න කටයුතු කරන්න. ලංකාවේ සිටින ජනගහනයට අනුව පිටවන දොස්තරලා ප්‍රමාණය ඉතා අඩුයි. දැන් තිබෙන තත්වය අනුව අවම වශයෙන් ඉදිරි වසර 10 තුළ දොස්තරලා 2500 වත් වසරකට වෛද්‍ය විද්‍යාල වලින් පිටවෙන්න ඕනේ, රජයට මේ සියලුදෙනාටම නොමිලේ උගන්වන්න බැහැ. පුද්ගලික අංශයත් මේකට සහභාගී කරගන්න ඕනේ.. ආණ්ඩුව දොස්තර සංගම්, ගොවියන්ගේ, වුර්තිය සමති, මහබැංකුවේ සේවකයින්ගේ නිර්දේශ, අවශ්‍යතා පමණක් බලලා තීන්දු තීරණ ගන්න එපා. මුලින්ම බලන්න ඕනේ මහා ජනතාවගේ සුබසිද්ධිය. එහෙම නොකලොත් ලබන ඡන්ද වලදී ආණ්ඩුව පරදීවි...
නැට්ට උස්සාගෙන යන්න දඟලන අයට යන්න දෙන්න... ටික දවසකින් නැට්ට බඩ යට ගහගෙන ආපහු එයි. හැබැයි පිටරටකට ගියදාට, ඒ රටවල් වල සාත්තු සේවක සේවිකා හා රෝහල් පිරිසිදු කරන අයගෙන් යහපත් ආකල්ප ඉගෙන ගැනීමට හැකිවෙයි. වෛද්‍යවරු දැක්කාම නම්, තමන් ඉන්නේ මොන්ටිසෝරි වෛද්‍ය ශ්‍රේණියේ බව ලංකාවේ උද්දච්ඡ දොස්තර මුදලාලිලාට අවබෝධ වෙයි.
භාද්‍රානිගේ කතාව මමත් අනුමත කරනවා.. යුරෝපේ රටවල වාට්ටුවල වැඩකරන දොස්තරලා කරපටි පැළඳගෙන වැඩ කරන්නේ නැහැ. ඔවුන්ට පහසු නිල ඇඳුමක් දීලා තිබෙනවා. රෝගීන්ට එන්නත්, බෙහෙත් දෙන්නේ, නාවන්නේ පිරිසිදු කරන්නේ සාත්තු සේවක සේවිකාවෝ (නර්ස්ලා) ... දොස්තරලා ඔවුන්ට නිතරම උදව් කරනවා. ලෙඩුන් බලන වේලාවෙන් පසුව වාට්ටුවල පිටස්තර පුද්ගලයින්ට රැඳී සිටින්න අවසර නැහැ. රෝගීන්ගේ සියලු කටයුතු කරන්නේ රෝහල් කාර්ය මණ්ඩලය, සල්ලි දීලා අමතර පුද්ගලයින් ඇඳ ළඟ තියන්න අවශ්‍ය නැහැ. ලංකාවේ දොස්තරලා පුහුණුවෙන් පසුව මාස 3-4 මෙහෙ රෝහලක වැඩ කරන්න දැම්මා නම් ඔවුන්ගේ මානසිකත්වය හැදෙනවා. ලංකාවේ රෝහල් කාර්ය මණ්ඩල සිතන්නේ රෝගීන් ඔවුන්ගේ වහලු කියලා..., ඔය යනවා කියන කට්ටිය හොඳටම දන්නවා මෙහෙ තත්වය, එම නිසා ඔවුන් කියන කතා විශ්වාස කරන්න අවශ්‍ය නැහැ...
රට යන්න දෙන්න. ඉගෙන ගත්තු අපේ බදු සල්ලි ආපහු ගෙවන්න කියන්න. එහෙම නැතිව අපේ සල්ලි අරන් ඉගෙනගෙන හොරට පැනලා යන්න දෙන්න බැහැ...
අද අපේ රටේ ඇත්තේ හිපොක්ක්‍රෙටික් පරපුරේ වෛද්‍යවරුන් නොව ශ්‍යිලොක් පරපුරේ අළුගෝසු නඩයකි, මොවුන් සමානවන්නේ ගැමුණු නම් බස් මාෆියා කාරයාට පමණි. මතකයිනේ ඔය සංගමයේ සභාපති රටේ කාබනික පොහොර ප්‍රවර්ධනය කරන්න ගිහින් රටට කල හානිය. මේ මොහොතේදීත් රටේ බහුතරයක් ජනතාව ප්‍රකික්ෂේප කළ දේශපාලකයින් පසුපස යන්නේ...
මට අවුරුදු 30 ලංකාවේ ඉස්පිරිතාල 4 ක ඇටෙන්ඩන් ජොබ් එක කරලා පළපුරුද්ද තිබෙනවා. ඔය බර්ලින් සිල්වා කියන විදිහට රෝහල්වල වැඩ කරන්න බැහැ. දොස්තරලා ටයි එකක් එහෙම දමලා පිළිවෙලකට ඇඳලා ඉන්න ඕනේ... එතකොට තමා පේන්නේ මෙය දොස්තර කියලා... ලෙඩ්ඩුන්ට ඉන්ජෙක්ෂන් ගහන්න තමයි නර්ස් නෝනලා ඉන්නේ... බෙහෙත්ටික පොවාගන්න ඕනේ ලෙඩා බලාගන්න ඇඳ ළඟ මනුස්සයා, නැතුව නර්ස් නෝනලා කොහොමද ලෙඩ්ඩු හෝදන්න යන්නේ? එතකොට යුනිෆෝර්ම් කිළිටි වෙනවා... එහෙම වුණාම වාට්ටුවට එන මිනිස්සු හිතාවි මේක මහා හිඟන වාට්ටුවක් කියලා, එතකොට වාට්ටුව පාලනය කරගන්න බැරිවෙනවා. ලංකාවේ වාට්ටු පාලනය කරන එක ලේසි නැහැ. ලංකාවේ මිනිස්සුන්ට ටිකක් සැරෙන් කතා නොකලොත් වාට්ටු පාලනය කරන්න බැහැ. ලංකාවේ දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හොඳට ලකුණු තිබෙන්නේ ඕනේ... ඒක නිසා ලෝකේ දක්ෂම දොස්තරලා ඉන්න රටක් ලංකාව..., අපි නොමිලේ බෙහෙත් කරන නිසා, කිසිම අගයක් නැහැ පිටරටවල ඉස්පිරිතාල නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ (PTO)
නාකීමයිනාගේ කාලේ ඉඳන් මේ දොස්තරවරු රට යන්න පටන් ගත්තේ මෙයා නෙළුම් මලෙන් යන්නේ කිසි දෙයක් නොදන්නා විදියට රනිල් පියානෝ නාමල් බේබී... මේ ටික තමයි රජයේ රැකියා කරන කට්ටිය උසිගන්වන්නේ ගීපුදෙන්... දේපල රාජ සන්තක කෙරුවාම හරි දොස්තර පත්වීම් ගන්න නාකි නඩේ ගේ පුත්තු පව්ලේ කට්ටිය නැත්ද? ඉගෙනීමක් නැති නිසා ඒ තනතුරු වේලෙනවා... ඇමැති පට්ටම් ගන්නම් පෝලිමේ හොරා කන්න පගා කන්න පුළුවන්නේ නාකිමයිනාගේ පුත්තු තුන්දෙනා බාර.... දොස්තර පට්ටම නාලාවත් දාගෙන පුටුවේ ඉඩන් කැරකෙන්න තමන්ගේ වැඩක් බලන් කරලියට එන්නේ නැතිව පාඩුවේ ඉන්න. මෙයා ඉපදිලා තියෙන්නේ 2000... ඒකයි ළාමක ටින් ටින් බොළඳ කතා කියන්නේ...
කොන්දොස්තරලා නායකලා වෙද්දී දොස්තරලා මේ රටේ ඉදල තේරුමක් නැහැනේ .
දොස්තරලා රට දාල ගිහින් Uber දුවන්නද? මෙහෙ ඉන්නවා Part Time කර කර ඔහේ ඉන්න අයත්.
යුරෝපයේ රෝහල්වල ඇටෙන්ඩන්ට් පුරප්පාඩු ගොඩක් තියනවා මුන්ට හම්බවෙන්නේ ඒවා....
යන්න කියන්න, ලංකාවේ වගේ පිටරට වල දොස්තර කියලා අලි ඔලුවෙන් ඉන්න බැහැ අනිත් එක ඒ රටවල විභාග පාස් වෙන්නත් ඕනේ
පාණ්ඩුවට සහයෝගය දෙනකම් ඒ අය ජාතික වීරයෝ. පාන්ඩුවට එරෙහි වුන ගමන් රට කන ද්‍රෝහී හැත්ත. ඔය සින්දුව අනාදිමත් කාලෙක ඉඳල අපි ඇහුවා. මේ ආණ්ඩුව කරවන උත්තමයෝ ගිය අවුරුද්දේ වර්ජන කළා අනුබල දුන්නා මාස ගණන් ආයතන වහගෙන හිටියා, ඒ ප්‍රස්න වලට විසඳුම් කෝ කියල ඇහුවම පරණ යාළුවො ටික ද්‍රෝහියෝ වෙලා. උනුත් එකයි මුනුත් එකයි කියල අපිට දැන් පෙනෙනවා
චතුරි සහ බද්‍රානි අක්කා නගෝ වගේ. නැට්ටේ ඉඳන් ගොම
ඔයත් යන්නකෝ සජිත් ඒ දොස්තරලත් එක්ක රට, එතකොට අපි සනසේමෙන් ඉන්නවා.
5000 නොවෙයී 10000ක් වුණත් යන්න අරින්න . කොන්ත්‍රාත් ක්‍රමයට ඉන්දියාවෙන් දොස්තරලා ගෙන් වන්න . මේ අයට දෙන වරප්‍රසාද මොකුත් ඕන නැහැ .
මමත්
දොස්තර කෙනෙක් හදන්න ජනතාවගේ බදු මුදල් ලක්ෂ 80ටත් වැඩි මුදලක් රජය වියදම් කරනවා . අන්න ඒ සල්ලි ඔක්කොම පොලියත් එක්ක ආපහු රජයට ගෙවලා යන තැනකට යන්න කියන්න. මොකද මිනිස්සු ඒවා ගෙවන්නේ තමන්ගේ බඩට වතුර ටිකක් බීලා , දුක් විඳිලා. ඒකවත් දන්නෙත් නැතුව, ඇති මේ දොස්තරලා. එයාලා ඉගෙන ගත්තේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් කියලා. හැබැයි හැමෝම නෙවෙයි, කීපදෙනෙක් මේ වගේ කරනවා. දෙවිවරු වගේ දොස්තරලත් ඉන්නවා. එයාලට නෙමෙයි මේ කියන්නේ
යන අය ගියාවේ... ඉන්න අය හිටිය දෙන්... කාටවත්ම වැටෙන්න යන්න එපා...
GMOA එකේ ලොක්කා අපේ ලඟම ඥාතියෙක්, ඕස්ට්‍රේලියාවට, එක්සත් රාජධානියට යන්න අවුරුදු ගානක් ඉදන් දඟලනවා තාමත් බැරි වුනා එක හින්දා තමයි දහන්ගැට ඔක්කොම දාලා පඩි වැඩි කරන්න හදන්නේ. රජයේ රෝහල් වල වැඩ කරන වෙලාවට ඉන්නේ නවලෝක රෝහලේ. වැඩක් නොකර රජයේ පඩි ගන්නවා, දැන් තවත් වැඩි කරන්න ලු. ඇගිලි සලකුණු ක්‍රමයට විරුද්ධ වුනේ හොරාට පෞද්ගලික රෝහල්වල වැඩට යන්න බැරි නිසා. හොදම වැඩේ ළමයට හොද කරන්න බැරි ලෙඩක් හැදිලා. ස්වාභාධර්මය දඩුවම් කරනවා. කාටවත් ගැලවීමක් නෑ.
මගේ මතය නම් ඔවුන්ට යන්න හරිය යුතුයි කියලා. ඇත්තෙන්ම ඔවුන් මෙහෙ හිටියත් කිසිදු තෘප්තියකින් නොවේ. තමන්ව ගොඩනැගූ රටට සේවය කරන්නේ. මෙහෙ ඉඳගෙන කරන්නෙත් අන් අයට වල කපලා තම ගොඩ ගොඩ දාගන්න. යන්න හරින්න. රට ගිහින් උපස්ථායක රැකියාව කරන්න හරින්න. 5000 කට වෛද්‍ය රැකියා දෙන්න පිටරට අවස්ථා තියෙනවාද? මේ ගොල්ලන්ව ඒ විදිහටම භාර ගන්නවාද? අපේ වෛද්‍ය විද්‍යාලයට ගන්න ප්‍රමාණයන් වැඩි කරන්න. ඉන්දියානු වෛද්‍යවරුන්ට අවස්ථාව දෙන්න. ඔවුන් පව්... ඔවුන්ට යන්න අවස්ථාව දෙන්න. එය මේ රටටත් ඔවුන්ටත් හොඳක් වේවි...!
එන්ගලන්තය ඇතුළු බටහිර රටවල ගොඩක අද දොස්තරලට රැකියා නැහැ . මේ රටවල ඉන්න අය ඒක දන්නවා. ගොඩක් අයට ආවත් අදාළ සුදුසුකම් සපුරා ගන්න බෑ. ඕක බොරුවට කියන කතාවක්. පුළුවන් නම් යන්න කියන්න 30 ක් 40 ක් යාවි
ලංකාවේ ඉතුරුවෙලා ඉන්න ගසා කන සහ රෝගීන් ප්‍රාණ ඇපයට තියලා වර්ජනය කරන දොස්තරලා රට යන්නේ නැහැ. උන් පිටරට ගියත් උන්ට වැඩකරන්න වෙන්නේ තුවාල වලට බෙහෙත් දානවා වගේ වැඩ. මම දන්නා විශේෂඥ වරයෙක් කැනඩාවේ MCC විභාගය 4පාරක් ෆේල් වෙලා පාස් වෙලා දැන් රෝහලක registrar විදියට ඉතාම පහල ශ්‍රේණියේ වයිධ්‍යවරයෙක් ලෙස සේවය කරනවා. මු ලංකාවේ චැනල් වලින් දවසට ලක්ෂ 5ක් හෙව්වා බදු ගෙවන්නෙත් නැහැ. හැබැයි දැන් දැන් මුන්ට හොර බෙහෙත් සහ වතුර ඉන්ජෙක්ෂන් ගහලා ලෙඩ්ඩු වැඩි කරලා බඩගෝස්තරය රැකගන්න බැරි නිසා තමයි ඔය වර්ජන ඔක්කොම. මුන් රට ගියාට කමක් නැහැ මුන්ට රජයෙන් දොස්තරලා වෙන්න වියදම් කරපු ගාන ගෙවලා මෙතුවක් කල් හම්බකරපු මුදල් වලට බදු ගෙවලා යන්න කියන්න. මුන් පිටරටවල 45%විතර බදු ගෙවන්න වෙනවා. මුන් සොච්චමයි ලංකාවේ බදු ගෙවන්නේ. යනවානම් පලයල්ලා.
ගිය බොහෝ දෙනෙක් පෙට්‍රෝල් ෂෙඩ් වල තෙල් ගහනවා. ලංකාවේ ඉද්දී බෙහෙත්වල වෙළඳ නාම වලින් බෙහෙත් දුන්නට, එහෙදි ඒවගේ රසායනික නාමයෙන් බෙහෙත් තුන්ඩු ලියන්න වෙන්නේ. ඉතින් ඒවා පාඩම් කරගන්න කල් කැෂියර් වැඩේ කරනවා. මෙහෙදි දාන පාට් එහෙදි දාන්න බෑ. ලෙඩ්ඩු ගොනට අන්දලා, ලෙඩ හොඳ නොකර දිගටම ගාණ කඩාගන්නත් බෑ. අනික එහෙම යන එක හොඳයි නැහැ. අපට තවත් තවත් වෛද්‍යවරු පුහුණු කරලා ලෝක වෙළඳපොළට දාන්න පුළුවන්. අරාබියේ ගෙවල්වල වැඩ කරලා, අම්මලාට, තාත්තාලාට එවන සල්ලි සුරා කාපුවො ඉඳිලා තියෙනවා. වැඩියෙන් රට ගිහින්, තමන්ගේ අම්මලා, තාත්තාලාට ගාණක් එවන එක රටට කරන සේවයක් නෙමේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තාත් රට ගිහින් රස්සාවක් කරලා, අම්මාට ගාණක් යැවුවොත්, ඒයාට ජනතා මුදලින් යැපෙන්න ඕන නැහැ.
දැන් සේරම ලිස්ට් දාන එකේ එකේ සජිත් ඔය ලිස්ට් එකත් දාන්න.