(මොහොමඩ් ආසික්)
මැතිවරණයට දින නියම කළ දා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකියන් ඉන් ඉවත් වීම තුලින් එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන් සෝදා පාඵවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බවට සාධකයක් බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පිහිටි හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තවත් ඉදිරියේදී 10 -12 ක් ඉවත් වනු ඇති බවත් ඒ තුළ ඔවුනට පක්ෂයක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීය.
සජිත් ප්‍රේමදාස යනු වැඩියෙන් කතා කරන තරමට ප්‍රතිවාදී කණ්ඩායම් වලට වාසියක් ගෙන දෙන්නනෙක් බවද ඔහු වැඩි වැඩියෙන් කතා කිරීම ඔවුන්ටම අවාසියක් වන බවද හිටපු අමාත්‍යවරයා කීය.
සදාකාලිකව දුක උරුම කරගත් ඔවුන්ගේ පක්ෂය මේ වන විට ජනතාව හදුන්වන කෙටි නාමය දුක බවද එය සදාතනිකව ඔවුනට හිමිව ඇති උරුමයක් බවද ඒ මහතා පැවසීය.
මේ වන විට ජනතාව ඉදිරියේ ඉතාම හාස්‍යට ලක්ව ඇති දේශපාලන කණ්ඩායමක් වන මෙම පක්ෂය ජනතාව ඉදිරියේ විහිළු සපයන්නන් වී ඇති බවද රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.
එක්සත් ජාතික පක්ෂය හා ඔවුන් වාද විවාද වලට පැමිණි විට ඔවුන්ගේ අභ්‍යන්තර හා පෞද්ගලික ප්‍රශ්න කතා කරනු හැර ජාතික හෝ ජාත්‍යන්තර වැදගත් කමක් ඇති කිසිවක් කතා නොකරන බවත් මේ නිසා මෙය ජනතාවට කිසිදු වැදගත්කමක් නොමැති පක්ෂයක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා තව දුරටත් කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දේශපාලන ඉතිහාසයේ වේගයෙන් සෝදා පාළුවට ලක්වූ පක්ෂය ලෙස සමගි ජන බලවේගය පත් වෙනවා