
(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාතික ජනබලවේගයේ එකම අපේක්ෂාව බව, එහි ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අම්පාරේ පැවැති ජනහමුවක් අමතමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
පාසල් පද්ධතිය නවීකරණයකර, යල් පැනගිය පාසල් නිර්දේශයන් වෙනස්කර, ලෝකයේ නව දැනුම හා තාක්ෂණය සමග කරට කර සිට ගන්නට හැකිවන ලෙස දරුවන් නිර්මාණය කිරිමට හැකි අධ්‍යාපන ප්‍රථිපත්තියක් සකස් කරනවා. කිසිම දරුවකු පාසලෙන් එලියට වැටෙන්නට ඉඩ දෙන්නේ නෑ. සියළුම දරුවන්ගේ අධ්‍යාපනයේ අනාගතය රජය බාරගන්නවා.
කෘෂි කර්මාන්තය සහ පශු සම්පත් කර්මාන්තය දියුණකර, ගොවියා ණය බරින් නිදහස්කර, ලාභදායි කර්මාන්ත බවට පත්කරනන්නට කටයුතු කරනවා. ගොවි ණය පිලිබඳව සමාලෝචනයක් සිදුකර කපාහැරිමට හැකි සෑම ණය මුදලක්ම කපාහැරිමට කටයුතු කරනවා.


COMMENTS
ඔව්, අපේ පක්‍ෂ නායකයන්ගේ දරුවෝ පිටරට යවනවා අධ්‍යාපනයට.
ජයවේවා මාලිමාවට
ඔව් ඔබට පමණයි එය කල හැක්කේ. දරු දුක දන්නා ජාතක දරුවන් නැති නායකයන්ට එය කල හැකියැයි සිතීම විහිළුවක්
වගා ණය පිළිබඳව ඔයාලා කල්පණාකර කර ඉන්නකොට සමගි ජනබලවේගය එය කපාහරින්න තීරණය කර අවසන්. සහ 71, 88,89 තරුණයින්ගේ අපේක්ෂාවන් රජකෙරෙව්වානේ. පාසැල් දරුවෝ පවා පාරට ඇද දැම්මා, අහින්සක දෙමාපියන් බොහෝම අමාරුවෙන් තම දරුවන් විශ්වවිද්‍යාලයට යැව්වේ නමුත් ඔවුන් හැමදාම මහමඟ අව්වේ කරවෙවී සාපිපාසා මැඳ බැටන් ප්‍රහාර, වතුර ප්‍රහාර මැඳ හැමදාම මහමඟ.
ජයවේවා මාලිමාවට
අම්පාරේ අද ඔහොම රැස්විම් තියෙන්නේ එදා එ.ජා.ප.ආණ්ඩු වැව් හදලා, ගොවි ජනපද හදලා සිංහල ජනතාවටත්, අනිකුත් ජනකොටස්වලටත් සෙත සලසපු නිසා... අනිත් ජන කොටස් වලට ඒවා අමතක නෑ. ඒත් සිංහලයින්ට මතක නෑ...
රටට ආදරේ කරන සියලුම ශ්‍රි ලාංකිකයින්ගේ එකම බලාපොරොත්තුව, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති..!!! # මාලිමාවට ඡන්ද කෝටියක් # දිනුම රටට - රට අනුරට...
ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඩබල එක්කද දරුවන්ට යහපත් අනාගතයක් හදන්නේ? නියමයි ! අපි ඉස්මුදුනින් පිළිගන්නම් හොඳේ...!
NPP තම ඉලක්ක සපුරා ගැනීම සඳහා NPP ආශිර්වාද දිනයන් ප්‍රාර්ථනා කරන අතර NPP මේ රට පාලනය කරන තුරු මේ රටේ ජනතාව ඔවුන්ගේ පැවැත්ම භුක්ති විඳිනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු...
දරුවන් ගැන කැක්කුමක් ඇත්තේ දරුසුරතල් බලපු අයට පමණයි. තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් කරන දේශපාලනයට තිත තැබීම වෙනසක්කරමු...
අසූවට අසූ නමය කාලයේ ඔය විදිහට හිතලා මුකුත්ම නොකර හිටියනම් අද අපේ ජීවිත ය මීට වැඩිය ලස්සන වෙන්න තිබුනා. අපේ දෙමව්පියන්ට මීට වඩා අපිට යුතුකමක් ඉටුකරන්න තිබුණ ඒ කාලේ JVP කරපු වැඩ නිසා අපිට උපාධිය ඉවර කරන්න උනේ අවුරුදු තුනක් පහුවෙලයි. ඒ වෙනකොට අපේ පවුල්වල ගොඩක් දේවල් ආපසු නිවැරදි කර නොහැකි ආකාරයට වෙනස් වෙලා තිබුණ. දැන් ඒ අය ඒ කළ දේවල් ගැන පසුතැවිලි උනාට අපිට වැරදුන තැන් හදාගන්න බැහැනේ. දැන් ජෝසප් ස්ටාර්ලින්ලා එක්ක එකතුවෙලා අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.
දරුවන්ගේ ඇස් ඉදිරිපිට පියාගේ බෙල්ල කපලා වැටේ ගහපු අය මෙහෙම කියන්නේ.