IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණු මහ ඇමැතිවරුනුත් බලය බෙදන්න කිව්වා - අගමැති

(මොහොමඩ් ආසික්)

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එක් වී වැඩ කර ගෙන ගියත් තවමත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යාවස්ථා කෙටුම්පතක් හෝ හදා නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

මහනුවර වත්තේගම පිටියේගෙදර රජ මහා විහාරස්ථානයේ  නව විහාර මන්දිරය විවෘත කිරීමෙන් පසුව අද 20 සවස  පැවැති  උත්සවයේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ කීය.

තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

‘පසුගිය ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපෙක්ෂක කරලා මේ රටේ ජනතාව එතුමා ජනාධිපති වශයෙන් පත් කර ගත්තා. අවුරුද්දක් පුරා අපි කතා කළා කොහොමද එකතු වෙන්නේ කියලා. පාර්ලිම්න්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත් කළා. සෑම පක්ෂයක්ම නියෝජනය වෙන්න කමිටු  පත් කළා.  ඒ එක්කම අපි ඉදිරියට යන්න නම් ජාතික ආණ්ඩුවක් ඇති කරන්න  ඕන කියලා මම එදාම කිව්වා. අපි අතර දේශපාලන වශයෙන් කොපමණ බේද තිබුණත්  රට පාලනය කිරීමේදී අපි අතර කිසිම බේදයක් නෑ.

පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි අපි වරමක් ලබා ගත්තා නව ව්‍යවස්ථාවක් හදන්න. ඒ ව්‍යවස්ථාවේ කාරණා කිහිපයක් ඇතුලත් වෙනවා. ඡන්ද ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය, බලය  බෙදීම,වගේ කාරණා ගණනාවක් තියෙනවා. එකට වැඩ කරන්න බැරි නම් මේක කරන්න බැරි වෙනවා. අපි 70 දී නව ව්‍යවස්ථාවක් ගේන කොට  බෙදුනා. ද්‍රවිඩ පක්ෂ විරුද්ධ වුණා. 78 දී අපි ව්‍යවස්ථාව ගෙනාවා. විධායක ජනාධිපති ධූරයට බණ්ඩාරණායක මැතිණිය විරුද්ධ වුණා. ද්‍රවිඩ පක්ෂ කිව්වා වෙනම රාජ්‍යයක් ඔනෑ කියලා.

දැන් ඒ යුද්ධය ඉවරයි. අපි දැන් කල්පනා කරන්නේ කොහොම එකතු වෙලා වැඩ කරන්නේ කියලයි. අපි තවම කරන්නේ එකතු වෙලා වැඩ කරන එකයි . තවම ව්‍යවස්ථාවක් හදලත් නෑ. කෙටුම්පතක් හදලත් නෑ ඒ මොකක්වත් කරලා නෑ. අපි වුරුද්දක් කතා කළා කොහොමද මෙතැනට එකතු වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවම නියෝජනය වන ආකාරයට ව්‍යවස්ථා සභාවක් පත් කළා. සියලු පක්ෂවල සහභාගිත්වයෙන් කමිටුවක් පත් කළා. බලය බෙදීම සම්බන්ධයෙන් මොනවා කිව්වත් දකුණේ මහ ඇමතිවරුත් ඇවිත් කිව්වේ උපරිම වශයෙන් බලය බෙදන ලෙසයි.ඒවා ගැන බලල වාර්තා හදල තියෙනවා. ඉතිරි කාරණා ගැන සාකාච්ඡා කිරීටත් තිබෙනවා.‘‘



අදහස් (9)

දකුණු මහ ඇමැතිවරුනුත් බලය බෙදන්න කිව්වා - අගමැති

sathyayaa Saturday, 21 October 2017 12:51 AM

ගෙදර කෑම උයන්නේ නැත්නම් පොල් ගාන්න උවමනාවක් නැහැ නේද අගමැති තුමෝ ?

:       0       578

RaveendraSunday, 22 October 2017 12:47 PM

සත්‍යය මයා වෙත, ඔබගේ අර්ථවත් අදහසට මෙයද එකතු කළහොත් තවත් සුන්දර වනු ඇත." පඩික්කම ගේ ඇතුලේ තියාගෙන ජනේලයෙන් කෙල ගසන්නවත් බැරි" නම් අනිත් කටයුතු කෙසේ කරනු ඇද්ද?

:       0       132

sathyayaa Tuesday, 24 October 2017 11:43 PM

රවීන්ද්‍ර මහත්මයා! ගෙදර පඩික්කමක් තියාගෙන ඉන්නේ මහා මුදලි ඉඳල හිටලවත් පඩික්කම පාවිච්චි කරනවා කියල ලෝකයාට හඟවන්න. පඩික්කම ඇඳ යට තනිව සුසුම් හෙළද්දී ලොකු තැන (ජනේලයේ) පොලු දෙකක් මැද්දෙන්ම තමයි කෙළ ගහන්න ආස. මොනවා කරන්නද. සංසාර පුරුදු.

:       0       1

bamunuarachchiWednesday, 01 November 2017 08:35 AM

කුලියට අනික් අයට පොල්ගාල දීලා තමන් කඩෙන් කන අයත් ඉන්නවා....

:       0       0

Perakum Saturday, 21 October 2017 01:54 AM

"පාර්ලිම්න්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත් කළා. සෑම පක්ෂයක්ම නියෝජනය වෙන්න කමිටු පත් කළා" මේ එක්කොම බලයේ ඉන්න දේශපාලුවෝ නේද? ඔවුන් කැමති ලෙසට ව්‍යවස්ථාව සංශෝධනය කලාට ජනතා අභිලාෂ මුදුන් පත්වන්නේ කෙසේද? එය සිදුවිය යුත්තේ විශේෂඥ දැනුමක් ඇති ජනතා නියෝජනයෙන් යුත් ව්‍යවස්ථා සභාවක් මගිනි. එසේ නොමැතිව අට පාස් දේශපාලකයන් විසින් නොවේ. අපේ අගමැතිට මේ තරම් දෙයක්වත් නොතේරෙන එක මට නම් හිතා ගන්නවත් බැහැ.

:       0       591

ratawasiya Saturday, 21 October 2017 11:50 AM

ඔබතුමාගේ මාමා ගෙනාපු ව්‍යවස්ථාව තුලින් පළාත් සභා වලට දුන්නු බලතල හොඳටම ඇති. අසූ තුනේ ජුලි කලබල තුලින් සහ යාපනය පුස්තකාලයට ගිනි තැබීම තුලින් තමා ද්‍රවිඩ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් සිදුවුනේ. මේ සිද්ධින් දෙකම වුනේ එජාපය බලයේ ඉන්නකොට. ඒ වැරැද්දට වන්දි ගෙවන්න ලිහිල් කොන්ද පණ නැති ව්‍යවස්ථාවක් ගෙනල්ල රට පාවා දෙනවා එහෙම නෙවෙයි අගමැතිතුමෝ.

:       0       196

නුවන් Sunday, 22 October 2017 09:57 AM

නව ව්‍යවස්ථාවෙන් ජනතාවගේ මූලික ප්‍රශ්න වන රැකියා, බඩු මිල, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන වගේ දේවල් විසඳන්නේ කොහොමද කියල කියා දෙන්නකෝ. ආන් එතකොට අපි අහන්නම්.

:       0       175

RaveendraSunday, 22 October 2017 03:43 PM

නුවන් මයාවෙත, ඔබගේ ඉතා සාධාරණ ප්‍රශ්න සියල්ලම ඇසිය යුත්තේ මෙම නව ව්‍යවස්ථාව නිර්මාණය කල අයගේ " අහිංසක ආදරණිය මෑණිවරුන්ගෙන් " හැර වෙන කිසිවකුගෙන් නොවෙයි.

:       0       113

sathyayaa Saturday, 28 October 2017 12:13 AM

රවීන්ද්‍ර මහත්මයා! ඉඳ හිට හෝ මේ අයට මෑණියන්ව මතක් කර දෙන එක හොඳයි. මේ ගොල්ලෝ කරන වැඩ දැක්කහම මටත් එහෙම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site